ණය ගැන ලෝක සමුළුව අද නව දිල්ලියේ දී

ශ්‍රී ලංකාව ඇතුළු ණය අර්බුදයකට මුහුණ දී සිටින රටවල් සම්බන්ධයෙන් ක්‍රියාත්මක කරන පොදු සහන ක්‍රියාවලියක් ගැන පළමු ජාත්‍යන්තර සමුළුව අද නව දිල්ලි නුවර දී පැවැත්වීමට නියමිත ය. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සංවිධානය කල මෙම සමුළුවට චීනය, ඉන්දියාව, සෞදි අරාබිය, ඇමෙරිකාව, බ්‍රතන්‍යය ,ප්‍රංශය, ජර්මනිය , කැනඩාව, ජපානය සහ ඉතාලිය යන රටවල් ද ලෝක බැංකුව ද සහභාගීවීමට නියමිත ය. මෙය පැවැත්වෙන්නේ ජී 7 කණ්ඩායම සහ ආරාධිත රටවල සමුළුවක් වශයෙනි.

ඉතියෝපියාව, සැම්බියාව සහ ඝානාව ආදී රටවල්චීනය,  ජී – 20 කණ්ඩායමේ පොදු රාමුව යටතේ ණය සහන ඉල්ලා ඇති රටවල මෙන්ම ශ්‍රී ලංකාව, සුරිනාම් සහ ඉක්වදෝරය වැනි මධ්‍යම ආදායම් ලබන රටවල් සන්බන්ධයෙන් ද මෙම වටමේස සාකච්ඡාවේ දී පොදු වැඩ පිළිවෙළකට සම්මුතියක් ඇතිකර ගැනීමට අපේක්ෂා කෙරෙයි.

ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වෙන මෙම සාකච්ඡාවට සියලු පාර්ශව අන්තර්ජාලය ඔස්සේ සහභාගී කර ගැනීමට සැලසුම්  කොට ඇති බව ද වාර්තා වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *