නිරෝධායනය වූ දහස් ගණනක් මේ සතියේ සමාජයට ; අද 350ක්

කොවිඩ් 19 වෛරසයට ගොදුරු වී ඇතැයි සැකපිට නිරෝධායනයට යොමු කළ අය අතරින් දහස් ගණනක් මෙම සතිය තුළ සමාජ ගත කළ හැකිවන බව සෞඛ්‍ය අංශ ආරංචි මාර්ග කියයි . විදේශවල සිට පැමිණ අනිවාර්ය නිරෝධනයට යොමු කළ 350ක පළමු කණ්ඩායම සමාජගත කිරීම අද සිදුවන බව කියති . පසුගිය 10 දා නිරෝධායනයට යොමු කළ මෙම පිරිස මේ වනවිට…

‘මුඛ ආවරණ අත්‍යවශ්‍ය නැහැ’ – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

 කොවිඩ් – 19 පැතිරෙන්නේ සමීපවන්නන් අතර බැවින් හා එහි සමාජයීය පැතිරීමක් තවමත් දක්නට නොමැති බැවින් මුඛ ආවරණ පැළඳීම අත්‍යාවශ්‍ය නොවන බවත් ඇතැම් ස්ථාන වලට මුණ ආවරණ නොමැති පුද්ගලයන්ට ඇතුළුවීම තහනම් කිරීම වැරදි ක්‍රියාවක් බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.   ඒ මහතා‍ මේ බව ප්‍රකාශ කළේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය මගින්…

ශ්‍රී ලංකාවෙන් හමු වූ කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 97 දක්වා ඉහළට

මෙරට තුළ කොරෝනා වෛරසය ආසාදනය වූ පිරිස 97 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.   අද දිනය තුළ පමණක් වයිරසය ආසාදනය වූ පුද්ගලයින් 10 දෙනෙකු වාර්තා වූ බව අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.  

|

කොරෝනා ආසාදිත ශ්‍රී ලාංකිකයින්ගේ සංඛ්‍යාව 91 දක්වා ඉහළට ; පළමු රෝගියා සුවය ලබයි

කොරෝනා අසාදිත තවත්   පුද්ගලයින් 5 දෙනකු පිළිබඳව අද(23)  තහවුරු වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විෂෙඥ වෛද්‍ය අනිල් ජා සිංහ මහතා කියයි. ඊයේ රාත්‍රියේදී රෝගීන්  සිව් දෙනකු වාර්තා වී ඇති අතර අද (23)  ආසාදිතයින් පස් දෙනකු වාර්තා වී තිබේ.  මේ වන විට කොරෝනා අසාදිත ශ්‍රී ලාංකිකයින්ගේ  සංඛ්‍යාව 91 දක්වා ඉහළ ගොස් තිබේ. අද(23)  උදෑසන වන…

ඇඳිරි නීතිය යළි පනවා දිස්ත්‍රික්ක අතර ගමනාගමනය තහනම් කරයි

ඇඳිරිනීතිය බලපැවැත්වෙන කාලයේදී දිවයිනේ සියලු දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම් කර  ඇත. එමෙන්ම විදේශිය සංචාරකයින් තැනින් තැනට ගෙන යාමද සම්පූර්ණයෙන් තහනම් කර ඇත. නමුත් ඇදිරිනීතිය බලපැවැත්වෙන කාලයේදීකවර දිස්ත්‍රික්කයක වූවද  ගොවිතැන්  කටයුතු කිරීම සඳහා අවසරය ලබා දී තිබේ.  ජනාධිපති ලේකම් කාර්යාලය නිවේදනයක් නිකත් කරමින් මේ බව සඳහන් කරයි.  එමෙන්ම සහල් ඇතුළු අතවශ්‍ය ද්‍රව්‍ය සහ  එළවළු ප්‍රවාහනයටද…

මහීපාල හේරත් උතුරු මැද පළාත් ආණ්ඩුකාර ධූරයට

උතුරු මැද පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස මහීපාල හේරත් මහතා පත් කර තිබේ. ඒ මහතා අද (23) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේය. මහීපාල හේරත් මහතා මීට පෙර සබරගමුව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස ක්‍රියා කළේය. 

තිස්ස අත්තනායකගේ ජාතික ලැයිස්තු මන්ත්‍රීකමටත් තට්ටු වන ලකුණු

සමගි ජනතා බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතාට එම සන්ධානයේ ජාතික ලැයිස්තුවෙන් ද පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට තිබෙන අවස්ථාව අහිමිවීමට බොහෝ දුරට ඉඩ තිබෙන බව එම සන්ධානයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි. ඊට හේතු වී තිබෙන්නේ සමගි ජනතා බලවේගයේ ජාතික ලැයිස්තුවේ උද්ගතවී තිබෙන තරඟකාරී තත්ත්වය සහ තිස්ස අත්තනායක මහතාගේ දේශපාලන භාවිතයට එරෙහිව එම සන්ධානයේ ප්‍රබල දේශපාලන නායකයින්…

ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් 86 දක්වා ඉහළට

ශ්‍රී ලංකාවේ නව කොරෝනා වයිරස ආසාදිතයින් සංඛ්‍යාව අද වනවිට 86 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය කියයි. ඊයේ(22) දිනය වනවිට පුද්ගලයන් 81දෙනෙකු ආසාදිතයන් වශයෙන් හඳුනාගනෙ සිටි අතර,අද(23) දිනයේදී පස්දෙනෙකු වාර්තා වී තිබිණි.

උතුරු පළාතේ ඇඳිරි නීතිය දිගු කරයි : පළාතින් පිටවීමත් තහනම්

උතුරු පළාත සඳහා පනවා තිබු පොලිස් ඇඳිරි නීතිය අගහරුවාදා උදෑසන 6.00 දක්වා දීර්ග කොට ඇත. ඒ අනුව වවුනියාව , මන්නාරම, කිලිනොච්චි, මුලතිවු සහ යාපනය දිස්ත්‍රික්කවල ඇඳිරිනීතිය ඉවත්වන්නේ 24දා උදෑසන 6.00 ට ය. එය එදිනම සවස 2.00 ට යලි පනවනු ඇත. උතුරු පළාතේ ජනයාට පළාතින් පිටතට ගමන් කිරීම ද තහනම් කොට ඇත.

අද අලුත් කොරෝනා රෝගීන් 3ක් ; එකතුව 80 යි; හතර දෙනකු සුව අතට!

අද දිනයේ අලුතින් කොරෝනා  රෝගීන් තිදෙනකු හඳුනා ගැනීමත් සමග මෙරටින් වාර්තා වූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 80ක් බවට පත්විය. පසුගිය දින දෙකේ දී අලුත් රෝගීන් වාර්තා වීමේ අඩුවක් පෙන්නුම් කොට ඇත. මේ අතර කොවිඩ් 19 බවට තහවුරු වී ප්‍රතිකාර ලැබුවන් අතරින් සිවු දෙනකු සුවය ලබා ඇති බව ද වාර්තා වෙයි. ඔවුන් සම්බන්ධයෙන් අවසන් පරීක්ෂණ සිදු කරමින්…

අනුරාධපුරයෙන් කොරෝනා ආසාදිතයන් හමුවූවේ යැයි කීම අසත්‍යක්

  අනුරාධපුරයෙන් කොරෝනා ආසාදිතයන් සිව්දෙනෙකු හඳුනාගෙන ඇතැයි පැතිර යන ප්‍රවෘත්තියේ කිසිදු සත්‍යතාවයක් නොමැති බව අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය දුලාන් සමරවීර මහතා පවසයි. කොරෝනා රෝගය විය හැකි බවට සැකපිට වවුනියාව පොළොන්නරුව දිස්ත්‍රික්කවල රඳවා සිටින සැක සහිත රෝගීන්ගේ සාම්පල පරීක්ෂා කිරීම සිදුකරනු ලබන්නේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ ඇති රසායනාගාරයෙදී බව ඒ මහතා පෙන්වාදෙයි.   ඊයේ (21) පොළොන්නරුවේ…

අ’පුර බන්ධනාගාරයේ වෙඩි තැබීමෙන් දෙදෙනෙක් මරුට-සිව් දෙනෙකුට තුවාල

අනුරාධපුර බන්ධනාගරයේ  සිදු වූ වෙඩි තැබීමෙන්  රැඳවියන් දෙදෙනෙකු  මිය ගොස් තවත් රැඳවියන් සිව් දෙනකු තුවාල ලබා තිබේ. රිමාන්ඩ් බන්ධනාගාරයේ සැකකරුවන් රඳවා සිටින සිර මැදිරියක ඇති වු නොසන්සුතාවයේදී රැඳිවියන් කිහිප දෙනකු පළායාමට උත්සහා කිරීමෙන් මෙම වෙඩි තැබීම සිදු තිබේ. වෙඩි තැබීමෙන් රැදවියන් පස් දෙනකු තුවාල ලැබූ අතර රෝහල් ගත කිරීමෙන් පසු ඉන්  රැඳවියන් දෙදෙනෙකු මිය ගොස් ඇත….