තෙල් මිල අඩුවීමේ ලාභය ආණ්ඩුව අරන් , ජනතාවගේ අත්‍යවශ්‍ය බඩු වලට බදුත් ගහලා – ජවිපෙ නායක අනුර දිසානායක

“සැබැවින්ම මේ පාලනය බොරුවෙන් උපන්, බොරුවෙන් යැපෙන බොරුවෙන්ම අවසන් ගමන් යාමට නියමිත ආණ්ඩුවක්. රු. 5000 දීමනාව ගැන මැතිවරණ කොමිසමේ සභාපති ලිපියක් යවපුවාම එහි දේහපාලන ඉවත් කරන්න කියලා ඒක අර්ථකථනය කරනවා රු. 5000 නොදී ඉන්න කිව්වා කියලා. අපිත් කිව්වලු කියලා. ඔවුන් කොතැනද ඇත්ත කියලා තිබෙන්නේ? මේක බොරුවෙන් ඉපදුණු, බොරුවෙන් පාලනය ගෙන යන ආණ්ඩුවක්.” යැයි ජනතා විමුක්ති…

හූල්ට එරෙහි චෝදනාවලින් අපි සැලෙන්නේ නෑ. තිදෙනාම එකාකාරව වැඩ කරනවා – මැ.කො.

මැතිවරණ කොමිසමේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් මහතාට එරෙහිව ඇතැම් පාර්ශ්ව එල්ල කරන චෝදනාවලින් කොමිසම සැලෙන්නේ නොමැති බවත් කොමිසමේ සාමාජිකයින් තිදෙනාම එකාවන්ව කටයුතු කරන බවත් එම කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අවධාරණය කරයි.  “අපි අද කමිෂන් සභාවේ වැඩිපුර කතාවුණේ ඡන්ද විමසීම ගැන නෙවෙයි. ඡන්ද විමසීම සම්බන්ධයෙන් අපි යම් තීන්දුවක් ගන්න නම් ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාගවෙන කරුණු නෛතිකව…

නව අධ්‍යක්ෂකගේ ආගමනයත් සමඟ CID ජ්‍යේෂ්ඨයෝ රැසක් ස්ථාන මාරුවීම් ඉල්ලති !

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අභිනව අධ්‍යක්ෂවරයා ලෙස ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රසන්න අල්විස් මහතා පසුගිය ඉරිදා දිනයේදී රාජකාරි භාරගැනීමත් සමඟම එම දෙපාර්තමේන්තුවේ සේවයෙහි නියුතු ජ්‍යේෂ්ඨ නිලධාරීන් රැසක් ස්ථාන මාරුවීම් ලබා ගැනීම සඳහා ඉල්ලීම් කර තිබේ.  මෙසේ ස්ථාන මාරුවීම් ඉල්ලා ඇත්තේ SSP දර්ශිකා කුමාරි, SSP අම්පාවිල, SSP ඉමේෂා මුතුමාල, SP වික්‍රමසේකර සහ SP ජයතිලක යන මහත්ම මහත්මීන් ඇතුළු…

තවත් 39 ක් එයි ; අදට 135 යි; එකතුව 1317 යි

අද සවස තවත් කොවිඩ් ආසාදිතයන් 39 ක් වාර්තාවීමත් සමග අද දිනය තුළ හඳුනාගත් ආසාදිත සංඛ්‍යාව 135ක් බව වසංගත රෝග විද්‍යා අංශය කියයි. මෙරටින් හමු වූ සමස්ත ආසාදිත සංඛ්‍යාව  1317 ක් දක්වා ඉහල ගොස් ඇත.

ලංකා කම්කරු කොංග්‍රස් නායක ආරුමුගම් තොන්ඩමන් මහතා අභාවප්‍රාප්ත වෙයි

ලංකා කම්කරු කොංග්‍රසයයේ නායක, ප්‍රජා බල සවිගැන්වීමේ සහ වතු යටිතල පහසුකම් අමාත්‍ය ආරුමුගන් තොන්ඩමන් මහතා මීට සුළු වේලාවකට පෙර අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඒ මහතා 56  හැවිරිදි වියේ පසුවිය. හෘදයාබාධයක් හේතුවෙන් තලංගම රෝහලට ඇතුලත් කිරීමෙන් පසු ඒ මහතා මිය ගිය බව රෝහල් ප්‍රකාශයෙක් පැවසීය. අරුමුගම් තොන්ඩමන් මහතා කලක් වතුකරයේ ප්‍රබල නායකයා හා රජුන් තනන්නා ලෙස…

|

විදෙස් සංචාරකයන්ට ගුවන්තොටුපොළ හෝටල් අගෝස්තු 1 දා සිට ඇරේ !

මෙරටට පැමිණෙන විදෙස් සංචාරකයන් සඳහා  ගුවන්තොටුපොළ විවෘත කිරීම අගෝස්තු 1දා සිදුකිරීමට රජය තීරණය කොට ඇති බව ජනාධිපති කාර්යාලය ප්‍රකාශ කරයි.සංචාරක මණ්ඩලයේ ලියාපදිංචි  හෝටල් සහ ආපන ශාලා විවෘත කිරීමට ද එදින සිට අවසර ලබාදෙන බව නිවේදනය කොට ඇත. සංචාරක මණ්ඩලයේ ලියාපදිංචි නොකළ නවාතැන් පොළවල් හා ආපන ශාලා සඳහා අවසර ලබාදීම පසු අවස්ථාවක සිදු කරන බව කියති….

අද දැනට තවත් 95 යි ; කොරෝනා අසාදිතයින් ගණන 1278 දක්වා ඉහළට

කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1278 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. අද මේ වනවිට ආසාදිතයින් 95 දෙනෙකු හඳුනාගෙන ඇත.

බාධා කිරීම් හා තර්ජනය කිරීම් මගින් ප්‍රාදේශිය මාධ්‍යවේදී බිමල් ශ්‍යාමන් ගේ වෘත්තිය කාර්යය අවහිර කිරීම මාධ්‍ය නිදහස උදුරා ගැනීමක්- නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

හිරු,දෙරණ හා ස්වර්ණවාහීනි  රූපවාහිනී නාළිකාවල ප්‍රාදේශීය මාධ්‍යවේදී බිමල් ශ්‍යාමන් මහතා 2020 මැයි 24 වැනිදා කොවිඩ් වසංගතය පැතිර යාම හේතුවෙන් ආන්දෝලනයට තුඩු දුන් අටලුගම ප්‍රදේශයේ ජනයා රාමසාන් උත්සවය සමරන ආකාරය වාර්තා කරන අවස්ථාවේ කිසියම් පිරිසක් ඔහු බිය වද්දමින් තර්ජනය කරන අන්දම ජනමාධ්‍ය ඔස්සේ වාර්තා විය. එදින ඔහු සිය වාර්තාකරණ කාර්යයන්ට එහි ගොස් තිබුණේ ප්‍රදේශයේ දේවස්ථානයක පාලක…

ආර්ථික තත්ත්වය ගැන සවිස්තර වාර්තාවක් ජනතාවට ඉදිරිපත් කිරීම රජයේ වගකීමක් – එජාප නායක රනිල්

රටේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳ සැබෑ තොරතුරු ආණ්ඩුව ජනතාවට ඉදිරිපත් කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. මාධ්‍ය වෙත ඊයේ(25) ප්‍රකාශයක් නිකුත් කරමින් ඔහු පවසන්නේ 2018 වසරේ දී ආර්ථික දර්ශක රැසක ඉදිරියෙන් සිටි ශ්‍රී ලංකාව මේ වන විට පසුබෑමකට ලක්ව ඇති බවයි. අද වන විට ජනතාවට ජීවත් විය නොහැකි තත්ත්වයකට පත්ව ඇති…

ඩඩ්ලි, ගම්ලත් නිදහස් ; ආණ්ඩුවේ මහත්වරුනි, දැන් එතකොට වී තොග, සහල් තොග සඟවාගෙන ඉන්නේ අපි ද ?

පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති, මේජර් ජනරාල් ශාන්ත දිසානායක මහතා අව් කණ්නාඩි සහ අත්වැසුම් පැළඳි, ගිනි අවි අතදැරූ හමුදාව පිරිවරාගෙන ඩඩ්ලි සිරිසේනගේ අරලිය සහල් මෝලට කඩාවදින විට ආණ්ඩු හිතවාදීන් සිතන්නට ඇත්තේ එතුමා මැනිං මාකට්ටුවේ එළවලු වෙළඳුන්ට පෑ සිංහ තේජසම පෙන්වා ඩඩ්ලි සිරිසේනටත් “කන පැලෙන්න ගහන්නේ” යැයි සිංහනාද කරනු ඇති බවකි.  එහෙත් ඒ වෙනුවට සිදුවුණේ ඩඩ්ලි සිරිසේන…

අදත් 41 ක් එකතුවෙයි; කොරෝනා රෝගී සංඛ්‍යාව 1181 ට නගී

අද සවස් වනවිට කොවිඩ් 19 ආසාදිතයන් 41 ක් අලුතින්  හඳුනාගෙන තිබිණි . ඒ අනුව සමස්ත ආසාදිත සංඛ්‍යාව 1181ක් දක්වා ඉහල ගොස් ඇත. වැලිසර නාවික හමුදා කොවිඩ් පොකුර නිවී යමින් පවතිද්දී විදේශ වල සිට පැමිණි විශාල පිරිසක් ආසාදිත බව හඳුනාගෙන ඇති බව වාර්තා වෙයි.

ශ්‍රී ලංකාවේ දහවැනි කොරෝනා මරණයත් වාර්තා වෙයි ; කුවේටයෙන් පැමිණි හදවත් රෝගී කතක්

කොරෝනා වයිරසය ආසාදනය වූ තවත් අයෙක් අද (25) මරණයට පත් වීමෙන් ශ්‍රී ලංකාවේ 10 වැනි කොරෝනා මරණය වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. මෙලෙස මරණයට පත්ව ඇත්තේ කුවේටයේ සිට පැමිණ ත්‍රිකුණාමලය නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි 51 ක් හැවිරිදි කාන්තාවක් බව විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය. ඇය හදවත් රෝගී කාන්තාවක් බව ද වාර්තා වෙයි.