ඔන්න අපි ණය ගෙව්වා – මුදල් රාජ්‍ය ඇමති කබ්රාල්

අද (27) දිනයේ දී කල්පිරීමට නියමිත ඩොලර් බිලියනයක ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරයක් (ISB)  සඳහා ආපසු ගෙවීම සිදුකළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා ප්‍රකාශ කොට ඇත. මෙම ගෙවීමත් සමග 2021 සඳහා රජයේ විදේශ ණය සේවා බැඳීම් බොහොමයක් ආපසු ගෙවා අවසන් වන බවත්, වර්ෂයේ ඉතිරි කාලය තුළ රට තුළ පහළ ගොස් ඇති විදේශ සංචිත නැවත…

අද වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 48 ක් ; ආසාදිතයින් 1653 ක්

අද දිනයේ වාර්තා කොට ඇති කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 48 කි. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 4,147 කි. නව කොවිඩ් ආසාදිතයින් 1,653 ක් අද දිනයේ හඳුනාගත් බව ද වාර්තා වී ඇත. මෙරටින් හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ඒ අනුව වාර්තා වන්නේ 298,169 ක් වශයෙනි.

නැවත කරලියට ආ සිරිමාවෝ – නිශාන්ත කමලදාස

ජාතියේ පියා ඩී එස් වුව ද අප්පච්චී වූයේ මහින්ද ය. ඒ ආකාරයෙන් ම සිතන්නේ නම් සිරිමාවෝ ජාතියේ මව ලෙස ද සැළකිය හැක්කේ ය. ඇතැම් මිනිසුන් විසින් එසේ සළකනු ලබන්නේ ය. පියා වේවා මව වේවා කොතෙක් දුර්වල කම් තිබුන ද, ඔවුන් මිය ගිය පසු වුව ද, අපේ සිත තුළ නැවත ජීවමාන වන්නේ ඔවුන් ගැන යහපත් සිතුවිලි…

මුදල් ඇමති බැසිල්ගෙන් මන්ත්‍රීවරුන්ට වාහන බලපත්‍ර

මන්ත්‍රීවරුන්ට තීරු බදු රහිත වාහන බලපත්‍ර ලබා දෙන බවට නව මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට පොරොන්දු වී ඇති බව වාර්තා වෙයි. ඒ අනුව සියලු මන්ත්‍රීවරුන්ට වාහන බලපත්‍ර හිමිවන අතර ඔවුන්ට වාහන ආනයනයට අවසර ලැබෙයි. වාහන ආනයනය සඳහා පනවා ඇති තහනම ද මෙම වාහන ගෙන්වීමට අදාළ නොවනු ඇති බව කියති. ඉදිරියේ දී පැවත්වීමට…

ෆේල් වුණේ ස’ර් විතරක් නොවේ ; ජාතිවාදී, ආගම්වාදී, බහුතරවාදී, පැරණි සමාජවාදී මතවාදය ෆේල් – හිටපු ඇමති  මංගල සමරවීර  

ස’ර් ෆේල් යන්න දැන් සැම  දෙනාම දන්නා කතාකරන කාරණයක් බවත්, එසේ වුව ද, ස’ර් නොව ෆේල් වුණේ ස’ර් බලයට ගෙනා ජාතිවාදී, ආගම්වාදී , බහුතරවාදී, පැරණි  සමාජවාදී මතවාදය බවත්,  හිටපු  ඇමති මංගල සමරවීර මහතා අද ප්‍රකාශ කළේ ය. නිදහස ලැබූ දා සිට අවුරුදු 73 ක් තිස්සේ මෙරට දේශපාලඥයන් බොරු දේශප්‍රේමය විකුණා ජීවත් වූ බවත්, විපක්ෂ ද…

අදත් කොවිඩ් මරණ 45 ක්; නව ආසාදිතයින් 1656 ක්

අදත් කොවිඩ් ආසාදිත මරණ 45 ක් වාර්තා වී ඇත. ඒ අනුව මෙරට කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 4,099 ක් දක්වා ඉහළ ගොස් තිබේ. අද හඳුනාගත් බවට වාර්තා කොට ඇති නව කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 1,656 කි. ඒ අනුව මෙරටින් හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව සටහන් වන්නේ 296,962 ක් වශයෙනි.

චීන සමාගමෙන් හදන අධිවේගී මගට ඉඩ දෙන්න පරිසර නීතිය වෙනස් කරයි ! ගැසට් පත්‍රය මුද්‍රණයේ !

චීන සමාගමක් මගින් ඉදිකොට මෙහෙයුම් කොට පැවරීමේ ( BOT ) පදනම මත ඉදිකිරීමට යන අතුරුගිරිය සිට කැළණි පාලම දක්වා අධිවේගී මාර්ගයට ඉඩ දීම සඳහා තලංගම තෙත්බිම් ප්‍රදේශ පරිසර ආරක්‍ෂිත කලාපයක් ලෙස නම් කොට කලින් නිකුත් කොට තිබු ගැසට් නිවේදනය අවලංගු කිරීමේ ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට ශ්‍රී ලංකා පරිසර අධිකාරිය පියවර ගෙන ඇති බව වාර්තා වෙයි….

‘සිරස’ අධිපති රාජා මහේන්ද්‍රන් මහතා කොවිඩ් රෝගය වැළඳී අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ මාධ්‍ය ආයතනයක් වන සිරස මාධ්‍ය ජාලයේ සහ සීමාසහිත කැපිටල් මහරජා සමුහ ව්‍යාපාරයේ සභාපති රාජා මහේන්ද්‍රන් මහතා කොළඹ පෞද්ගලික රෝහලක දී අද උදේ අභාව ප්‍රාප්ත වී ඇත. රාජා මහේන්ද්‍රන් මහතා ‘කොවිඩ් 19’ ආසාදනය වීමෙන් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වූ බව වාර්තා වේ. ශ්‍රී ලංකා විද්‍යුත් මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රධාන කාර්යයක් ඉටු…

අද කොවිඩ් මරණ 52 යි ; නව ආසාදිතයින් 1707 යි

අද කොවිඩ් ආසාදිත මරණ 52 ක් රජය විසින් වාර්තා කරනු ලැබ ඇත. ඒ සමග මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව නිල වශයෙන් වාර්තා වන්නේ 4,054 ක් වශයෙනි. නව ආසාදිතයින් ලෙස අද දිනයේ වාර්තා වී ඇති සංඛ්‍යාව 1,707 කි. ඒ සමග මෙරට කොවිඩ් අසාදිත වූ සමස්ත සංඛ්‍යාව නිල වශයෙන් වාර්තා වන්නේ 294,820 ක් වශයෙනි. පසුගිය සතියකට වැඩි කාලයක්…

“පොහොට්ටුව – වියත්මග අන්තවාදී දේශපාලනය අන්තයටම ගෙනගියා’’” දැන් එය ජනතාවට එපා වෙලා ” – රනිල් වික්‍රමසිංහ

පොහොට්ටුව සහ වියත්මග මෙරට අන්තවාදී දේශපාලනය අන්තයටම ගෙනගිය බව එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. දැන් අන්තවාදී ජාතිවාදී දේශපාලනය සෑම පැත්තකම ජනතාවට එපා වී තිබෙන බව කී රනිල් වික්‍රමසිංහ මහතා අද වැටී සිටින වලෙන් ගොඩ එන්නේ කෙසේදැයි කල්පනා කළ යුතුව ඇතැයි ද ඒ සඳහා උතුරේ මෙන්ම දකුණේ අනාගතය ගැන සලකා…

විධායක සභාව තහනම් කළ බවට අධිකරණ තීන්දුවක් ගැන දන්නේ නැහැ – GMOA

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභාව පවත්වාගෙන යන්නේ කොළඹ දිසා අධිකරණයෙන් ජුනි 21 දින ලබාගත් අවසරයක් මත බවත්, විධායක සභාවේ කටයුතු අත් හිටුවමින් ඉන් පසු අවස්ථාවක වෙනත් අධිකරණයක් දුන් තීන්දුවක් ගැන තම සංගමය දැනුවත් නොමැති බවත්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද මාධ්‍ය හමුවක් කැඳවා ප්‍රකාශ කොට ඇත. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ උප සභාපති චන්දන එපිටකටුව…

රටින් සහල් ගෙන්න  වීම නිසා භූතානය කාබනික සැලසුම් වෙනස් කළා ; ඒ පාඩම වත් ඉගෙන ගනිමු – මහාචාර්ය බුද්ධි මාරඹේ

2020 වසර වනවිට සම්පුර්ණ කාබනික කෘෂිකර්මයට හැරීමට භූතානය 2014 දී ආරම්භ කළ සැලසුම රටේ පරිභෝජනයට අවශ්‍ය සහල් විශාල වශයෙන් පිටරටින් ආනයනය කිරීමට සිදුවීම නිසා 2018 දී වෙනස් කළ බවත්, ශ්‍රී ලංකාව අඩු තරමින් එම පාඩම වත් ඉගෙනගෙන වහා ම කාබනික වීමේ තීන්දුව වෙනස් කළ යුතු බවත්, පේරාදෙණිය සරසවියේ කෘෂි විද්‍යා අංශයේ මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා…