ඔන්න අපි ණය ගෙව්වා – මුදල් රාජ්‍ය ඇමති කබ්රාල්

අද (27) දිනයේ දී කල්පිරීමට නියමිත ඩොලර් බිලියනයක ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරයක් (ISB) සඳහා ආපසු ගෙවීම සිදුකළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා ප්‍රකාශ කොට ඇත.
මෙම ගෙවීමත් සමග 2021 සඳහා රජයේ විදේශ ණය සේවා බැඳීම් බොහොමයක් ආපසු ගෙවා අවසන් වන බවත්, වර්ෂයේ ඉතිරි කාලය තුළ රට තුළ පහළ ගොස් ඇති විදේශ සංචිත නැවත ගොඩ නැගිය හැකි බවත් ඒ මහතා කියයි.
මේ අතර මෙරටට විදේශ විනිමය ලැබෙන මාර්ග අනුව ඉදිරි මාස 3 තුළ ඇමරිකානු ඩොලර් මිලියන 2,650 කට ආසන්න ප්‍රමාණයක් මෙරටට ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වන බව ද මුදල් නියෝජ්‍ය ඇමතිවරයා ප්‍රකාශ කරයි.
චීනයෙන්, ඉන්දියාවෙන් සහ බංගලාදේශයෙන් ලබාගන්නා ණය මගින් විදේශ සංචිත ගොඩ නගා ගැනීමට ආණ්ඩුව මේ වනවිට කටයුතු කරමින් සිටියි.
