22 සංශෝධනය අනිද්දා මැති සබයට

  විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරමින් සහ දහ නව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සාධනීය වගන්ති ඇතුළත් කරමින් සැකසුණු විසිදෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට අනිද්දා( 27) බදාදා ඉදිරිපත් කරන බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය. මේ අනුව එම පනත් කෙටුම්පත පළමු වර කියවීමෙන් සතියකට පසු ( ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක්…

කබ්රාල්ගේ විදෙස් ගමන් තහනම තවදුරටත් දීර්ඝ කරයි

  බැඳුම්කර වංචාවක් සිදුකලැයි කියන සිද්ධිය සම්බන්ධයක් විදෙස් ගමන් තහනම් කර සිටින හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ එම තහනම ලබන ඔක්තෝම්බර් මස 26 වැනිදා තෙක් දීර්ඝ කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (25) නියෝග කෙළේය. මෙම සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය යළි අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විණි ….

“අස්වෙන්න එපා ” – ධම්මික පෙරේරාට බැසිල්ගෙන් උපදෙස්

  රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති තනතුරට පත්වීමත් සමග මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට සුදානමින් සිටි ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාට ඉල්ලා අස් නොවන ලෙස බැසිල් රාජපක්ෂ මහතා උපදෙස් දී ඇති බව වාර්තා වෙයි. ගෝටාභය රාජපක්ෂ ජනාධිපතිව සිටි අවසන් සති කිහිපයේ දී මන්ත්‍රී ධුරයට සහ ඇමති ධුරයකට පත්කරනු ලැබූ ධම්මික පෙරේරා මහතා පත්වීම ලැබී දින කිහිපයක් තුළ මාධ්‍යයට…

ජනාධිපති මන්දිරයෙන් සොරාගත් භාණ්ඩ සමඟ තිදෙනෙක් අත්අඩංගුවට

  කොළඹ කොටුවේ ජනාධිපති මන්දිරයෙන් සොරාගත් භාණ්ඩ කිහිපයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු වැලිකඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. රාජගිරිය ඔබේසේකරපුර ප්‍රදේශයේ පදිංචිකරුවන් තිදෙනෙකු මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත. ජුලි 09 වැනිදා අරගලකරුවන් ජනාධිපති මන්දිරයට ඇතුළු වූ අවස්ථාවේදී ,සැකකරුවන් විසින් සොරකම් කරන ලද, ජනෙල් තිර එල්ලීම සඳහා බිත්තිවල සවිකර තිබූ රන්වන් පැහැති පිත්තල බෝල 40ක්…

ගෑස් නැව් හයක් මේ සතියේ එයි

    තවත් ගෑස් නැව් හයක් ඉදිරි සතිය තුළ මෙරටට  ළඟාවීමට නියමිත බව ලිට්‍රෝ සමාගම ප්‍රකාශ කරයි. එමගින් මෙරටට ලැබීමට නියමිත ගෑස් ප්‍රමාණය මෙට්‍රක් ටොන් 22,000 ක් පමණ වෙයි. ඒ අනුව මෙම මාසය තුළ සපුරාගැනීමට අපේක්ෂිත ගෑස් සංචිතය මෙට්‍රික් ටොන් 33,000 කි. මහජනතාවට අඛණ්ඩ ගෑස් සැපයුමක් සහතික කිරීම සඳහා මෙලෙස ආනයනය වැඩි කිරීමට පියවර ගෙන…

ඔබේ රටවලත් රජයේ කාර්යාල අල්ලාගෙන ඉන්න කැරලිකරුවන්ට ඉඩ දෙනවා ද ? – ජනාධිපති තානාපති නිලධාරීන්ගෙන් අසයි

  ඔබගේ රටවල රජයේ කාර්යාල අල්ලාගෙන ඉන්න කැරලි කරුවන්ට ඉඩ දෙනවා දැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙරට විදේශීය තානාපති නිලධාරීන්ගෙන් ප්‍රශ්න කළ බව වාර්තා වෙයි. ජනාධිපති කාර්යාලයෙන් කැරලිකරුවන් ඉවත් කිරීමට පොලිසිය සහ ආරක්ෂක අංශ කළ මෙහෙයුම ගැන ඇතැම් තානාපති නිලධාරීන් නිකුත් කළ මාධ්‍ය නිවේදන පිළිබඳව ප්‍රතිචාර දක්වමින් ජනාධිපතිතුමා මෙලෙස ප්‍රශ්න කර තිබේ. මෙරට සිටින විදේශ…

මාසයකට ප්‍රමාණවත් ඉන්ධන තොග ලැබිලා

  ඉදිරි මාසයකට ප්‍රමාණවත් ඉන්ධන තොග මේ වනවිට මෙරටට ලැබී ඇති බව රජයේ ආරංචි මාර්ග කියයි. මේ බව ඊයේ පැවති කැබිනට රැස්වීමේ දී විදුලිබල සහ බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා ප්‍රකාශ කොට ඇත. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කියන්නේ දැනට තිබෙන ඩීසල් තොග මාසයක භාවිතයට ප්‍රමාණවත් බව සහ පෙට්‍රල් තොග දින 22 කට ප්‍රමාණවත් බව…

ඩලස් පිලත් පොහොට්ටුවෙන් ගැලවෙයි

  පසුගිය දා පැවති පාර්ලිමේන්තු ඡන්ද විමසීමේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිල මතයට එරෙහිව ජනාධිපති තනතුරට තරඟ කොට පරාජයට පත් වූ ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් පාර්ලිමේන්තුවේ වෙනම කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමට තීරණය කොට ඇති බව වාර්තා වෙයි මෙම කණ්ඩායමට මහාචාර්ය චන්න ජයසුමන , මහාචාර්ය ජී එල් පීරිස් , මහාචාර්ය චරිත හේරත්, ආචාර්ය නාලක…

සැමගේ නියෝජනයෙන් ස්ථිර කැබිනට්ටුවක් සති දෙකකින්

  සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවමින් පාර්ලිමේන්තුවේ බහුතර පක්ෂ හා කණ්ඩායම් නියෝජනය වන පරිදි ස්ථිර කැබිනට් මණ්ඩලයක් ඉදිරි සති දෙක ඇතුළත පත් කිරීමට නියමිතව ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙන්ම,රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සහාය දුන්,ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ,සමගි ජන බලවේගය,ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය,දෙමළ ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය,රිෂාද් බදියුදින් මහතාගේ පක්ෂය ඇතුළු…

අරගල භූමියට පහර දුන්නේ නැහැ – පොලිසියෙන් නිවේදනයක්

  ගාලු මෝදර අරගල භූමියට පහර දීමක් නොකළ බවත්, අරගලකරුවන් බලහත්කාරයෙන් අල්ලාගෙන සිටි පොදු දේපලක් වන ජනාධිපති ලේකම් කාර්යාලය මුදා ගැනීම පමණක් සිදුකළ බවත් , පොලිස් මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රවේශය අවහිර කොට ඉදිකර තිබු අට්ටාල සහ ඉදිකිරීම් ඉවත් කළ බව ද එම නිවේදනයේ දැක්වෙයි. එම නිවේදන මෙසේ ය.

සතියකින් රට සාමාන්‍ය තත්ත්වයට – කැබිනට් මණ්ඩලය තීරණය කරයි

  ගෑස් පෝලිම් , ඉන්ධන පෝලිම් අවසන් කර, අත්‍යවශ්‍ය භාණ්ඩ සහ සේවා සපයීම විධිමත් කරමින් සතියක් තුළ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමට ඊයේ පැවති කැබිනට මණ්ඩල රැස්වීමේ දී තීරණය කොට ඇත. රාජ්‍ය ආයතන සහ පාසල් කටයුතු ද මෙම කාලය තුළ යථා තත්ත්වයට පත් කිරීමට තීරණය වී තිබේ. ප්‍රමාණවත් තරම් ඉන්ධන ලැබී ඇති නමුත්, දිගට…

පාර්ලිමේන්තුවේ සර්ව පාක්ෂික කමිටුවට අන්ත පරාජයක් !

  රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලා අස්විය යුතු බව පුන පුනා කියූ පාර්ලිමේන්තුවේ පක්ෂ නායක කමුටුවේ විපක්ෂයේ බහුතරයට ජනාධිපති ඡන්ද විමසීමෙන් අන්ත පරාජයක් අත් වී ඇති බවත්, මෙම කමිටුව තුළින් පාර්ලිමේන්තුවේ බහුතර මතය පිළිඹිබු නොවන බව තහවුරු වූ බවත්, දේශපාලන නිරීක්ෂකයෝ කියති. විපක්ෂයේ මන්ත්‍රීවරුන් 90 දෙනෙකු පමණ නියෝජනය කරමින් පක්ෂ නායකයින් ලෙස 20 දෙනෙකු පමණ පාර්ලිමේන්තු…