ජනාධිපති මන්දිරයෙන් සොරාගත් භාණ්ඩ සමඟ තිදෙනෙක් අත්අඩංගුවට

 

කොළඹ කොටුවේ ජනාධිපති මන්දිරයෙන් සොරාගත් භාණ්ඩ කිහිපයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු වැලිකඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

රාජගිරිය ඔබේසේකරපුර ප්‍රදේශයේ පදිංචිකරුවන් තිදෙනෙකු මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත.

ජුලි 09 වැනිදා අරගලකරුවන් ජනාධිපති මන්දිරයට ඇතුළු වූ අවස්ථාවේදී ,සැකකරුවන් විසින් සොරකම් කරන ලද, ජනෙල් තිර එල්ලීම සඳහා බිත්තිවල සවිකර තිබූ රන්වන් පැහැති පිත්තල බෝල 40ක් සමග මොවුන් අත් අඩංගුවට ගත්  බව පොලිසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසන්නේ සොරාගත් පිත්තල බෝල  පෞරාණික භාණ්ඩ ලෙස අලෙවි කිරීමට උත්සාහ කිරීමේ දී සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි.

සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා ජනාධිපති මන්දිරයේ පරීක්ෂණ පවත්වන කොළඹ උතුර කොට්ඨාස  අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත භාරදීමට නියමිතය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *