“අස්වෙන්න එපා ” – ධම්මික පෙරේරාට බැසිල්ගෙන් උපදෙස්

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති තනතුරට පත්වීමත් සමග මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට සුදානමින් සිටි ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාට ඉල්ලා අස් නොවන ලෙස බැසිල් රාජපක්ෂ මහතා උපදෙස් දී ඇති බව වාර්තා වෙයි.
ගෝටාභය රාජපක්ෂ ජනාධිපතිව සිටි අවසන් සති කිහිපයේ දී මන්ත්‍රී ධුරයට සහ ඇමති ධුරයකට පත්කරනු ලැබූ ධම්මික පෙරේරා මහතා පත්වීම ලැබී දින කිහිපයක් තුළ මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් රනිල් වික්‍රමසිංහ මහතා මුදල් ඇමති ධුරයෙන් ඉවත් විය යුතු බව ප්‍රකාශ කිරීම මහත් සේ ආන්දෝලනයට ලක් වූ සිදුවීමකි.
රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ලෙස පත්වීමත් සමග ධම්මික පෙරේරා මහතා ඉල්ලා අස්වීමට තීරණය කොට තිබු බව වාර්තා වී ය. කෙසේ වෙතත්, බැසිල් රාජපක්ෂ මහතා ඔහුට ඉල්ලා අස් නොවන ලෙස උපදෙස් දී තිබේ.
තම ඇමති ධුරයේ යලි දිවුරුම් දීමට ද ධම්මික පෙරේරා මහතා පැමිණියේ නැත.
මේ අතර ධම්මික පෙරේරා මහතා ඉල්ලා අස් වුවහොත් එම මන්ත්‍රී ධුරයට පත්වීමට කිහිප දෙනෙකු අතර සටනක් ඇති වී තිබෙන බවත්, ඔවුන් තම ඉල්ලීම් බැසිල් රාජපක්ෂ මහතා වෙත ඉදිරිපත් කොට ඇති බවත්, දැනගන්නට ඇත. රේණුක පෙරේරා, විලී ගමගේ, සහ සිරිපාල අමරසිංහ මහත්වරුන් එම මන්ත්‍රී ධුරය ලබා ගැනීමට උත්සහ දරමින් සිටින බව කියති.
