ගෑස් නැව් හයක් මේ සතියේ එයි

තවත් ගෑස් නැව් හයක් ඉදිරි සතිය තුළ මෙරටට ළඟාවීමට නියමිත බව ලිට්‍රෝ සමාගම ප්‍රකාශ කරයි.
එමගින් මෙරටට ලැබීමට නියමිත ගෑස් ප්‍රමාණය මෙට්‍රක් ටොන් 22,000 ක් පමණ වෙයි.
ඒ අනුව මෙම මාසය තුළ සපුරාගැනීමට අපේක්ෂිත ගෑස් සංචිතය මෙට්‍රික් ටොන් 33,000 කි.
මහජනතාවට අඛණ්ඩ ගෑස් සැපයුමක් සහතික කිරීම සඳහා මෙලෙස ආනයනය වැඩි කිරීමට පියවර ගෙන ඇති බව ලිට්‍රෝ සමාගම කියයි
මීට පෙර දෛනිකව වෙළඳපොලට නිකුත් කළ ගෘහස්ථ ගෑස් සිලින්ඩර ප්‍රමාණය 80,000 ක් පමණ වුවත් මේ වනවිට එය ලක්ෂයක් පමණ දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන ඇති බව ලිට්‍රෝ සමාගම ප්‍රකාශ කළේය.
ගෑස් සිලින්ඩර් ලක්ෂ 10 කට වැඩි ප්‍රමාණයක් මේ වනවිට වෙළෙඳපොළට නිකුත් කොට ඇත.
