22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අද පාර්ලිමේන්තුවට

  22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද (10) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වෙයි. පසුගියදා පැවැති පක්ෂනායක රැස්වීමේදී මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තීරණය කළ බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කොට තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනය ඉවත් කොට 19 පැවති තත්ත්වය යළි ඇතිකිරීම මෙමගින් සිදුවන බව කියති. එය විපක්ෂයේත් සිවිල්…

අරගලය අවසන් නොකර අරගලකරුවෝ ගෝටා ගෝ ගමෙන් යති

  අරගලය අවසන් නැතත්, ගෝටා ගෝ ගම අරගල භූමියෙන් තමන් ඉවත්වන බව එහි ඉතිරිව සිටි අරගලකරුවෝ අද ප්‍රකාශ කළහ. ඒ අනුව් එහි ඉතිරිව තිබු කුඩාරම් සියල්ල අද ගලවාගෙන ගිය බව ද වාර්තා වෙයි. ආණ්ඩුව ගෙදර යැවීමට ජනතාව අද අරගල භූමියට නොපැමිනීයහොත් තමන් ද අරගල භූමියෙන් ඉවත්වන බව අරගලකරුවෝ ඊයේ ප්‍රකාශ කොට තිබිණි. අරගලයට සම්බන්ධව සිටි…

හමුදාවේ කාර්යභාරය දැන් අවසන් – ජනාධිපති හමුදාවට තුති පුදමින් කියයි

  ප්‍රචණ්ඩකරීන්ගේ ප්‍රහාරයෙන් පාර්ලිමේන්තුව රැක ගැනීමට හමුදාව ක්‍රියා කිරීම නිසා ප්‍රජාතන්ත්‍රවාදය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රැකුණු බවත්, එයට ජාතියේ ප්‍රණාමය හිමි වන බවත්, එයින් හමුදාවට කළ හැකි කාර්යය අවසන් වන බවත් කී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැන් ඉදිරි කටයුතු කරන්න තිබෙන්නේ පාර්ලිමේන්තුවට බව ද ප්‍රකාශ කළේය. පාර්ලිමේන්තු සංකීර්ණය ආරක්ෂා කරගැනීමට සහභාගි වූ ආරක්ෂක හමුදා සාමාජිකයන්ට  ජනාධිපති…

විපක්ෂ නායක ‘මස් කට්ට’ රැකගන්න සජිත් පක්ෂය විනාශ කරනවා – සජබ ඇතුලෙන් විරෝධතා

  විපක්ෂ නායක ලෙස තමන්ට ලැබී ඇති වරප්‍රසාද අහිමි වේ යැයි බිය වී සිටින සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනතා ඉල්ලීමක් වන සර්ව පාක්ෂික ආණ්ඩුවකට සම්බන්ධ වීම වලකා පක්ෂය විනාශය කරා මෙහෙයවමින් සිටින බව සජබ අභ්‍යන්තරයේ ප්‍රබල පිරිසක් චෝදනා කරන බව වාර්තා වෙයි. විපක්ෂ නායක ලෙස නිල නිවෙසක්, විශාල කාර්යාලයක්, කාර්ය මණ්ඩලයක්, වාහන…

රටේ ජනප්‍රිය නායකයා අනුර කුමාර ; දෙවනියට රනිල් ; සජිත්, ඩලස් පිටුපසින් – “සොසල් ඉන්ඩිකෙටර් ” ජනමත සමීක්ෂණයෙන් කියයි

රටේ ප්‍රශ්නවලට විසඳුම් දිය හැකි නායකයා ලෙස වැඩි ම ජනප්‍රසාදයක් හිමි කරගෙන ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා බවත්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට හිමිව ඇත්තේ දෙවැනි ස්ථානය බවත්, සොසල් ඉන්ඩිකෙටර් ආයතනය කළ නවතම ජනමත  සමීක්ෂණය මගින් පෙන්නුම් කරයි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ හිටපු ඇමති ඩලස් අලහප්පෙරුම මහතා තෙවැනි සහ සිව්…

ග්ලයිෆොසෙට් තහනම ඉවත්කරයි

  ග්ලයිෆොසෙට් වල් නාශකයට පනවා තිබු තහනම ඉවත් කොට තිබේ. මුදල් ඇමති ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නිකුත් කරන ලද අති විශේෂ ගැසට්‌ නිවේදනයක් මගින් අගෝස්තු 5 දා සිට මෙම තහනම ඉවත් කොට ඇත. ඒ අනුව බලපත්‍ර යටතේ මෙම වල් නාශකය ආනයනයට සහ බෙදාහැරීමට අවසර දී තිබේ. ලොව පුරා වැඩි වශයෙන් භාවිතා වන මෙම…

මෙරට ඉන්ධන බෙදන්න චීනයේ සිනොපෙක් එයි !

  මෙරට ඉන්ධන  ආනයනය, බෙදාහැරීම සහ තෙල් නිෂ්පාදන අලෙවි කිරීම සඳහා චීනයේ විශාලතම සමාගමක් වන සිනොපෙක් සමාගම පැමිණීමට සුදානකින් සිටින බව වාර්තා වෙයි. මෙරට ඉන්ධන වෙලඳපොළ ඇතුළු වීමට ඉන්ධන නිපදවන රටවල තවත් සමාගම්වලට අවසර දීම සදහා කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණය යටතේ චීනයේ ප්‍රධානතම ඛනිජ තෙල් නිෂ්පාදන සමාගම මෙලෙස මෙරට වෙළෙඳපොළට පැමිණීමට කැමැත්ත ප්‍රකාශ කොට…

අයි ඕ සී සමාගමට තවත් පිරවුම්හල් 50 කට අවසර

  ලංකා අයි ඕ සී සමාගමට ශ්‍රි ලංකාව තුළ නව ඉන්ධන පිරවුම්හල් 50ක් ස්ථාපනය කිරීමට අවසර ලැබුණු බව එම සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ මනෝජ් ගුප්තා  නිවේදනයක් නිකුත් කර තිබෙයි ඒ බව දැනුම් දෙමින් සමාගම කොළඹ කොටස් වෙළෙඳපොළට  ලිපියක් යොමු කර තිබෙයි. එම සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ මනෝජ් ගුප්තා සිය නිවේදනයෙන් දැනුම් දී ඇත්තේ දිවයින පුරා විවිධ ප්‍රදේශවල…

ජෝසෆ් ස්ටාලින් ඇප මත නිදහස්

  රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (08)  නියම කළේය. කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින්  මෙම ඇප නියෝගය ප්‍රකාශයට පත් කර ඇත. අධිකරණ නියෝග උල්ලංඝනය කරමින් කොටුව පොලිස් බලප්‍රදේශය තුළ පිහිටි බැංකු මාවත ප්‍රදේශයේ උද්ඝෝෂණයක නිරතවීම ඇතුළු…

සපුගස්කන්ද පිරිපහදුව යළි අරඹන්න සුදානම්

    දැනට වැඩ නතර කොට ඇති සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ නිෂ්පාදන කටයුතු යලි ආරම්භ කිරීමට සියලු කටයුතු කොට ඇති බව විදුලිබල සහ බලශක්ති අමාත්‍යංශ ආරංචි මාර්ග කියයි. පිපහදුව නොකඩවා ක්‍රියාත්මක කිරීම සඳහා බොරතෙල් ලබා ගැනීමට කටයුතු කොට ඇති අතර එම තෙල් තොග ලැබුණු වහාම පිරිපහදුවේ කටයුතු ආරම්භ කිරීමට නියමිත ය. ඉදිරි සති දෙක තුළ පිරිපහදුව…

තෙල් පෝලිම් අවසන් !

  රට පුරා පැවතී ඉන්ධන පෝලිම් මේ වනවිට බොහෝ දුරට අවසන් වී ඇත. බොහෝ ස්ථානවල තවමත් සුළු වශයෙන් පෝලිම් ඇතත් පය ගණනක් හෝ මිනිත්තු ගණනක් ඇතුළත ඉන්ධන ලබා ගැනීමේ හැකියාව මේ වනවිට ලැබී ඇති බව අපගේ සියලු ආරංචි මාර්ග තහවුරු කරයි. ඇතැම් වාහන හිමියන් තමන්ගේ වෙනත් ගමන් යන අතර පෝලිම් නැති ඉන්ධන හල දැක ඒවායින්…

ජෝසෆ් ස්ටාලින් සමග මාත් කතා කළා ; සඳුදාට ප්‍රශ්නය විසදේවි – ජනාධිපති රනිල් වික්‍රමසිංහ

  අත් අඩංගුවට පත්ව සිටින ජෝසෆ් ස්ටාලින් මහතා සමග තමා ද කතා කළ බවත්, ඔහු වෙනුවෙන් අවශ්‍ය නීතිමය පියවර ගැනීමට වෘත්තීය සමිති කටයුතු පිලිබඳ ජනාධිපති අධ්‍යක්ෂ සමන් රත්නප්‍රිය මහතාට උපදෙස් දුන් බවත්, සඳුදා ප්‍රශ්නය විසදෙනු ඇතැයි විශ්වාස කරන බවත්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමගි ජන බලවේගයේ නියෝජිත කණ්ඩායමට ප්‍රකාශ කොට ඇත. තමාට දැනට ප්‍රශ්නයක් නැති…