22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අද පාර්ලිමේන්තුවට

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද (10) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වෙයි.
පසුගියදා පැවැති පක්ෂනායක රැස්වීමේදී මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තීරණය කළ බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කොට තිබේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනය ඉවත් කොට 19 පැවති තත්ත්වය යළි ඇතිකිරීම මෙමගින් සිදුවන බව කියති. එය විපක්ෂයේත් සිවිල් සමාජයේත් ඉල්ලීමකි.
මේ අතර අද (10) පෙරවරු 10.00 ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර පාර්ලිමේන්තු කටයුතු පස්වරු 4.30 ට අවසන් වීමට නියමිතය
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ සභාව කල්තැබිමේ විවාදය දෙවන දිනටත් අද පැවැත්වීමට නියමිතව තිබේ.
ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ සභාව කල්තැබිමේ විවාදය ලබන 12 වනදා ද පැවැත්වීමට නියමිතය.
