ආශු මාරසිංහට බලු චෝදනාවක් කළ ආදර් ශා කරඳන අත් අඩංගුවට

  බල්ලෙකු සම්බන්ධ කර ගත් චෝදනාවක් මහාචාර්ය ආශු මාරසිංහ මහතාට එල්ල කරමින් මාධ්‍ය සාකච්ඡාවක් පැවැත් වූ ආදර් ශා කරඳන අද දින පොලිස් අත් අඩංගුවට ගෙන තිබේ. ආශු මාරසිංහ මහතා කළ පැමිණිල්ලකට අනුව මෙම අත් අඩංගුවට ගැනීම සිදුකොට ඇත්තේ පොලිස් පරිගණක අපරාධ කොට්ටසය විසිනි. තමන් අත් අඩංගුවට ගැනීමට එරෙහිව ආදර් ශා කරඳන ඉදිරිපත් කොට තිබු අපේක්ෂිත…

‘නිදහස් ජනතා සන්ධානය’ එළිදැක්වේ

  ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය, නිදහස ජනතා සභාව, උත්තර සභාගය ඇතුළු සහ පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම එක්ව පළාත් පාලන මැතිවරණයේ දී තරඟ කිරීම සඳහා පිහිටුවන  එළිදැක්වීම කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ දී මේ වන විට ආරම්භ වී තිබේ. මෙම සන්ධානයෙහි ලකුණ ‘හෙලිකොප්ටරය’ වේ. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සභාපතීත්වයෙන් යුත් ශ්‍රී…

මෛත්‍රීගේ හිටපු කාර්යමණ්ඩල ප්‍රධානියාගේ දඬුවම ස්ථීර කෙරේ

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හිටපු කාර්යමණ්ඩල ප්‍රධානී කුසුම්දාස මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක යන අයට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල මගින් නියම කළ සිරදඬුවම අද (11) ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ස්ථිර කර තිබේ. 2018 වසරේ මැයි මස කන්තලේ සීනි කම්හලේ යන්ත්‍රෝපකරණ පවරා දීමේ කටයුතු ඉටු කිරීම සඳහා ඉන්දීය ජාතික ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් මිලියන…

මේ ඡන්දය ගැන ජනතාවගේ උනන්දුවක් නෑ – විමල් වීරවංශ

  මෙම මැතිවරණය සම්බන්ධයෙන් ජනතාවගේ එතරම් උනන්දුවක් නැති බව ජාතික නිදහස් පෙරමුණේ නායක සහ උත්තර ලංකා සභාගයේ සභාපති විමල් වීරවංශ මහතා ප්‍රකාශ කරයි. එම තත්ත්වය උපයෝගී කොට ගෙන ආණ්ඩුව ඡන්දය කල් දමන්නට ඉඩ ඇති බව ද ඒ මහතා කියයි. මැතිවරණය සඳහා සන්ධානයක් ගොඩ නැගීමට ඊයේ පැවති රැස්වීමකින් පසුව මාධ්‍ය අමතා ඒ මහතා මේ අදහස් පළ…

TNA පක්ෂ වෙන් වෙන්ව පුංචි ඡන්දයට

  ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා දෙමළ ජාතික සන්ධානයේ පක්ෂ වෙන් වෙන්ව තරග කිරීමට තීරණය කර තිබේ. දෙමළ ජාතික සන්ධානය සැදුම්ලත් පක්ෂ තුන  වන ITAK, ප්ලොට් හා ටෙලෝ එසේ වෙන්ව තරග වැදීමට තීරණය කර ඇත්තේ TNA සන්ධානය එලෙසම පවත්වාගෙන යමිනි. 2001 මහ මැතිවරණය ඉලක්ක කොට ගෙන පිහිටුවනු ලැබීමෙන් පසු එම පක්ෂ TNA සන්ධානයෙන් නොකැඩී වෙන්ව…

ආණ්ඩුවේ සන්ධානය ; නගරයට අලි – ගමට පොහොට්ටු

  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එකසත් ජාතික පක්ෂය අතර ඇතිවී තිබෙන එකඟතාව අනුව නගර සභා ගණනාවකට දෙපාර්ශවය අලියා ලකුණින් තරඟ කිරීමටත්, ගම්බද ප්‍රදේශ ගණනාවක පොහොට්ටුව ලකුණින් තරග කිරීමටත් එකඟ වී ඇති බව වාර්තා වෙයි. එජාප මහ ලේකම් රංගේ බණ්ඩාර මහතා ප්‍රකාශ කළේ කොළඹ , මහනුවර මහා නගර සභා සහ පුත්තලම නගර සභාවට අලියා ලකුණින්…

මෛත්‍රී, ඩලස් , වීරවංශ හෙලිකොප්ටරයෙන් එති !

  ශ්‍රීලංකා නිදහස් පක්ෂය, උත්තර ලංකා සභාගය සහ නිදහස ජනතා සභාව සන්ධාන ගතව හෙලිකොප්ටරය ලකුණින් තරග කිරීමට එකඟ වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග කියයි. හෙලිකොප්ටරය නිදහස ජනතා සභාවේ ඡන්ද ලකුණයි. සන්ධානය සඳහා පොදු නමක් පිළිබඳව ද සාකච්ඡා වෙමින් පවතියි. මේ සම්බන්ධයෙන් ශ්‍රීලනිපය කලින් ඉදිරිපත් කොට තිබු ඇතැම් කොන්දේසි ඉවත් කරගෙන ඇති බව කියති.

විදුලි බිල වැඩිකිරීමේ බෝලය උපයෝගිතා කොමිසමට ; ආණ්ඩුව නිදහස් !

විදුලි ගාස්තු වැඩි කිරීමේ ආණ්ඩුවේ තීරණයට මහජන උපයෝගිතා කොමිසම විරුද්ධ වීම නිසා දැන් එම වගකීම ආණ්ඩුව උපයෝගිතා කොමිසම වෙත පවරා ඇති බව ක්ෂේත්‍රයේ නිරීක්ෂකයෝ කියති. ඊයේ කැබිනට් මණ්ඩලය සම්මත කළ කැබිනට් පත්‍රිකාවේ සඳහන් වන්නේ රජයේ යෝජනාවට විකල්ප යෝජනා ඇත්නම් පෙබරවාරි 15 දාට පෙර ඉදිරිපත් කොට ක්‍රියාත්මක කරන ලෙසයි. එතෙක් අන්තර්  කාලීන පියවරක් ලෙස රජයේ යෝජනාව…

ආණ්ඩුවෙන් ගිය පක්ෂ සන්ධානයෙන් ශ්‍රීලනිපය හැලෙන ලකුණු

  ආණ්ඩුවෙන් ඉවත්ව විපක්ෂයට ගිය පක්ෂ අතර ගොඩනැගීමට යෝජිත සන්ධානයෙන් ශ්‍රීලනිපය ඉවත්කරන ලකුණු පහල වී ඇති දේශපාලන ආරංචි මාර්ග කියයි. එයට හේතු වී ඇත්තේ සන්ධානයේ බහුතර බලය සහ එහි මහ ලේකන් ධුරය ශ්‍රීලනිපය ඉල්ලා සිටීම යි. එම කොන්දේසි අනෙක් පක්ෂ විසින් ප්‍රතික්ෂේප කානු ලැබ ඇත. ආණ්ඩුවෙන් ඉවත් වී විපක්ෂයේ අසුන් ගත උත්තර ලංකා සභාගයේ පක්ෂ,…

විදුලි ගාස්තු සංශෝධනයට කැබිනට් අනුමැතිය

  යෝජිත විදුලි ගාස්තු සංශෝධනය සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වූ බව වාර්තා වෙයි. ඉදිරි විදුලිගාස්තු සංශෝධන සඳහා මිල සුත්‍රයක් හඳුන්වා දීමට ද කැබිනට් මණ්ඩලය තීරණය කොට තිබේ.

පොහොට්ටුව කොළඹට අලියාගෙන් එයි !

  කොළඹ නගර සභාව සඳහා තරඟ කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ( පොහොට්ටුවේ ) අපේක්ෂකයින් එක්සත් ජාතික පක්ෂය සමග එක්ව එම පක්ෂයේ අලියා ලකුණ යටතේ තරඟ කිරීමට සුදානම් වන බව වාර්තා වෙයි. දෙපාර්ශවය අතර හෙට පැවැත්වෙන සාකච්ඡාවේ දී ඒ පිළිබඳව අවසන් තීරණයක් ගැනීමට නියමිත ය. ඇතැම් පළාත් පාලන ආයතන සඳහා දෙපාර්ශවය පොදු ලකුණකින් තරඟ කරනු…

විදුලි ගාස්තු සංශෝධනයට කැබිනට් අනුමැතිය අද

  විදුලිය ගාස්තු ඉහළ නැංවීම සඳහා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති යෝජනාවට අද දිනයේ අනුමැතිය ලැබෙනු ඇතැයි විශ්වාස කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය ප්‍රකාශ කර ඇත. පසුගිය සතියේ මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද අතර අමාත්‍යවරුන් ගේ අදහස් ඉදිරිපත් කිරීම සඳහා සතියක කාලයක් ලබාදී තිබිණි. එම යෝජනාවන් සලකා බැලීමෙන් අනතුරුව ද දිනයේ කැබිනට්…