පොහොට්ටුව කොළඹට අලියාගෙන් එයි !

 

කොළඹ නගර සභාව සඳහා තරඟ කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ( පොහොට්ටුවේ ) අපේක්ෂකයින් එක්සත් ජාතික පක්ෂය සමග එක්ව එම පක්ෂයේ අලියා ලකුණ යටතේ තරඟ කිරීමට සුදානම් වන බව වාර්තා වෙයි.

දෙපාර්ශවය අතර හෙට පැවැත්වෙන සාකච්ඡාවේ දී ඒ පිළිබඳව අවසන් තීරණයක් ගැනීමට නියමිත ය.

ඇතැම් පළාත් පාලන ආයතන සඳහා දෙපාර්ශවය පොදු ලකුණකින් තරඟ කරනු ඇත.

එක් එක් පළාතේ පවතින තත්ත්වය අනුව එකිනෙකට වෙනස් උපාය මාර්ග යටතේ මැතිවරණය එක්ව තරඟ කිරීමට දෙපාර්ශවය තීරණය කොට තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *