විදුලි ගාස්තු සංශෝධනයට කැබිනට් අනුමැතිය අද

 

විදුලිය ගාස්තු ඉහළ නැංවීම සඳහා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති යෝජනාවට අද දිනයේ අනුමැතිය ලැබෙනු ඇතැයි විශ්වාස කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය ප්‍රකාශ කර ඇත.

පසුගිය සතියේ මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද අතර අමාත්‍යවරුන් ගේ අදහස් ඉදිරිපත් කිරීම සඳහා සතියක කාලයක් ලබාදී තිබිණි.

එම යෝජනාවන් සලකා බැලීමෙන් අනතුරුව ද දිනයේ කැබිනට් මණ්ඩලය විසින් එය අනුමත කරනු ඇතැයි ද අමාත්‍යාංශය පවසයි.

මෙසේ විදුලි ගාස්තු ඉහළ නැංවීමට අනුමැතිය ලැබුණ හොත් ඉදිරි කාල සීමාව තුළ කප්පාදුවකින් තොරව විදුලිය දීමට හැකි වනු ඇති බව ද අපේක්ෂා කරන බව අමාත්‍යාංශය කියයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *