විදුලි බිල වැඩිකිරීමේ බෝලය උපයෝගිතා කොමිසමට ; ආණ්ඩුව නිදහස් !

විදුලි ගාස්තු වැඩි කිරීමේ ආණ්ඩුවේ තීරණයට මහජන උපයෝගිතා කොමිසම විරුද්ධ වීම නිසා දැන් එම වගකීම ආණ්ඩුව උපයෝගිතා කොමිසම වෙත පවරා ඇති බව ක්ෂේත්රයේ නිරීක්ෂකයෝ කියති.
ඊයේ කැබිනට් මණ්ඩලය සම්මත කළ කැබිනට් පත්‍රිකාවේ සඳහන් වන්නේ රජයේ යෝජනාවට විකල්ප යෝජනා ඇත්නම් පෙබරවාරි 15 දාට පෙර ඉදිරිපත් කොට ක්‍රියාත්මක කරන ලෙසයි. එතෙක් අන්තර් කාලීන පියවරක් ලෙස රජයේ යෝජනාව ක්‍රියාත්මක කලන ලෙස කැබිනට් මණ්ඩලය උපයෝගිතා කොමිසමට දන්වා ඇත.
එම අන්තර් කලීන පියවර ක්‍රියාත්මක නොකරන නමුත් අවශ්‍ය සංශෝධන කිරීමට එකඟ බව උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද ප්‍රකාශ කළේය.
වියදම් පියවා ගත හැකි මිල ක්‍රමයක් සැකසිය යුතු බවත්, නොකඩවා විදුලිය දිය යුතු බවත් ආණ්ඩුව කොන්දේසි ලෙස පනවා ඇත.
එනම් මින් පසු විදුලි බලයේ පාඩු පියවීමට භාණ්ඩාගාරයෙන් මුදල් ලබා නොදෙන බවයි. එමෙන් ම නොකඩවා විදුලිය දීමට අවශ්‍ය ඉන්ධන මිල දී ගැනීමට මුදල් සපයා ගත යුතු බව යි.
ඒ අනුව මින් ඉදිරියට විදුලි බිල සම්බන්ධ වගකීම් මහජන උපයෝගිතා කොමිසමට පැවරෙන අතර එහි වගකීමෙන් ආණ්ඩුව නිදහස් වී ඇත.
විදුලි ගාස්තු වැඩි නොකර අඛණ්ඩව සේවා සැපයීමේ උපයෝගිතා කොමිසමේ සැලසුම් දැන් ඔවුන්ට ක්‍රියාත්මක කළ හැකිය.
