|

අයි එම් එෆ් ණය වාරිකය සඳහා එකඟතාවයට පැමිණෙයි

IMF නියෝජිතයින්  සහ ශ්‍රී ලංකා බලධාරීන් අතර කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිල වශයෙන් නිවේදනය කර තිබේ. ඒ, ශ්‍රී ලංකාවට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකමට අදාළව ක්‍රියාවට නංවා ඇති වැඩසටහන පිළිබඳ පසුගියදා  සිදුකරන ලද පළමු සමාලෝචනයෙන් පසුවය. මේ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ අනුමැතිය මත, ශ්‍රී ලංකාවට විශේෂ ගැනුම් හිමිකම් මිලියන 254ක්,…

විශ්ව ප්‍රජාවම එක් වී ණය සම්බන්ධයෙන් සම්මුතියකට ආ යුතුයි – ජනාධිපති රනිල් චීනයේ දී

    ලෝකයේ බොහෝ රට­වල් මුහුණ දෙන ණය අර්බු­දය නිසා දේශ­ගු­ණික විප­ර්යාස අවම කර­ගැ­නීමේ සට­නට එක් වීම අති­ශය අසීරු සහ සංකීර්ණ කාර්ය­යක් වී තිබෙන බවත්, මුළු මහත් විශ්ව ප්‍රජා­වම එකට එක් වී මේ ප්‍රශ්න­යට විස­ඳුම් සෙවීම වඩාත් යෝග්‍ය ක්‍රම­වේ­දය බවත් ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා පැව­සීය. ඔහු මේ අද­හස් පළ කළේ තෙවැනි ‘එක් තීර­යක් එක් මාව­තක්’…

ගෝඨාගේ ලක්ෂ 170ව ගැන ඉදිරි ක්‍රියාමාර්ග ගන්නේ නෑ

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයේ සිටියදී ජනාධිපති මන්දිරයේ ඔහුගේ නිල කාමරයේ තිබී අරගලකරුවන්  සොයාගනු ලැබූ රුපියල් එක්කෝටි හැත්තෑ ලක්ෂයකට වැඩි මුදල සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග නොගැනීමට තීරණය කර ඇතැයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාට අද (18) දැනුම් දුන්නේය. මෙම සිද්ධියට අදාළව ඉදිරි විමර්ශන කිරීම සඳහා ප්‍රමාණවත් සාක්ෂි නොමැති…

|

ආර්ථික අර්බුදය අර්ථවත් ප්‍රතිසංස්කරණවලට අවස්ථාවක් – ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය

  ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයේ සිට ස්ථාවරත්වය කරා යන ගමන අභියෝගවලින් පිරී ඇති නමුත් එය අර්ථවත් ප්‍රතිසංස්කරණ සඳහා අවස්ථා ද සපයන බව ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය 2023 වසර සඳහා නිකුත් කිරීමට නියමිත ආර්ථික තත්ත්වය පිළිබඳ වාර්ෂික වාර්තාව පවසයි. ශ්‍රී ලංකාව සාර්ව ආර්ථික ස්ථායීකරණ ක්‍රියාමාර්ග සඳහා අත්තිවාරම දමමින් පවතින බව වාර්තාව පෙන්වා දෙයි. ආර්ථිකය ප්‍රකෘතිමත්…

වැසි ලැබුණු නිසා විදුලි පිරිවැය යළි ගණනය කරන්න – කොමිසමෙන් විදුලිබල මණ්ඩලයට දැනුම් දීමක්

 බලාගාර ආශ්‍රිත ප්‍රදේශවලට වැසි ලැබීම සහ විදුලි ඉල්ලුම අඩුවීම නිසා  විදුලිය ගාස්තු සංශෝධනයට අදාළව යොමුකර ඇති දත්ත වාර්තාවන් වත්මන් තත්ත්වයන්ට නොගැලපෙන බැවින් නව දත්ත සහිත යෝජනාවලියක් යොමුකරන ලෙස මහජන උපයෝගීතා කොමිසම විදුලිබල මණ්ඩලයට දැනුම් දී තිබේ. ලංකා විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරිවරයා වෙත ලිපියක් යොමු කරමින් මේ බව දැනුම් දී ඇත. වැසි ලැබීමත් සමග ජලාශවල පවතින…

වාහන ආනයන තහනමත් ඉවතට !

වාහන ආනයනය සඳහා පනවා ඇති තහනම ඉවත් කිරීමට ආණ්ඩුව සුදානම් වන බව තතුදත් ආරංචි මාර්ග වාර්තා කරයි. ඒ සඳහා ක්‍රමවේද පිළිබඳව මේ දිනවල සලකා බලමින් සිටින බව ද වාර්තා වෙයි. ආනයන සඳහා ඇති සියලු තහංචි ක්‍රමානුකුලව ඉවත් කළ යුතු බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ද කොන්දේසියකි.

ජනාධිපති ක්‍රමය අහෝසියක් මගේ යෝජනාවේ නෑ  – අධිකරණ අමාත්‍ය විජේදාස

තමා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළේ පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමේ යෝජනාවක් බව අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති විජයදාස රාජපක්ෂ ‘අනිද්දා’ (anidda.lk) පුවත්පතට පවසා ඇත. ඔහු ඒ බව සඳහන් කර ඇත්තේ, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන මැතිවරණ ක්‍රමයේ සංශෝධනයක් සම්බන්ධයෙන් පලවී ඇති මාධ්‍ය වාර්තා පිළිබඳ විමසීමේ දී ය. ඔහුගේ යෝජනාවේ අන්තර්ගතය කුමක්දැයි වැඩිදුරටත්…

මාර්ගගත ක්‍රම ගැන පනතේ ශ්‍රේෂ්ඨාධිකරණ විභාගය 18-20

  මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳව රජය ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පතට එරෙහිව ඉදිරිපත්කර ඇති පෙත්සම් විභාගය ශ්‍රේෂ්ඨාධිකරණයේ දී, මෙම මස 18 දින සිට 20 දින දක්වා පැවැත්වීමට නියමිත ය. පසුහිය දා මෙම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත්වීමෙන් පසුව බොහෝ පාර්ශව එයට විරෝධය පලකළ අතර එයට එරෙහිව පෙත්සම් ගණනාවක් ශ්‍රේෂ්ඨාධිකරණ වෙත ඉදිරිපත් කරනු ලැබ ඇත. පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත්…

ජපාන – ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ කලාපයක් මෙරට ඇති කිරීමට සැලසුම් කර තිබෙනවා – ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම

ජපාන – ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ කලාපයක් මෙරට ඇති කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කරමින් පවතින බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය. ඒ සඳහා බිංගිරිය හා ඉරණවිල යන ප්‍රදේශ තෝරාගෙන තිබෙන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන්…

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිකර්ම වැඩසටහන වේගවත්ව සිදුවනවා – ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන්

    ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිකර්ම වැඩසටහන අනෙකුත් රටවල ක්‍රියාත්මක කරන වැඩසටහන්වලට සාපේක්ෂව ඉතා වේගයෙන් සිදුවන බව ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය පවසයි. මොරොක්කෝවේ, මරකේෂ් හී පැවැත්වෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වාර්ෂික සමුළුවට සමගාමීව පැවැත්වු මාධ්‍ය හමුවක් අමතමින් ඇය මෙම අදහස් පළ කළාය. ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන්, “ශ්‍රී ලංකාව දුෂ්කරතාවයට මුහුණ දෙද්දි…

ඉන්දු ලංකා මගී ගමන් සඳහා අධිවේගී බෝට්ටු සේවය ඇරඹෙයි

  ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මගී ප්‍රවාහනය වඩාත් පහසු සහ ලාභදායි බවට පත්කර ඔන්දු ලංකා අධිවේගී මගී ප්‍රවාහන සේවය අද ආරම්භ වී ය. තමිල්නාඩුවේ නැගෙනහිර වෙරළේ නාගපට්ටිනම් සහ ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ කන්කසන්තුරේ අතර ජාත්‍යන්තර, අධිවේගී මගී යාත්‍රා සේවාවක් අද දින ( 2023 ඔක්තෝබර් 14 සෙනසුරාදා)  නැවත ආරම්භ කරන ලද්දේ දශක හතරකට ආසන්න කාලයකට…

රවිට එජාප ඉහළ තනතුරක් ඉල්ලයි

පසුගිය කාලයේ ඇති වූ මත ගැටුම් හේතුවෙන් පක්ෂයේ තනතුරුවලින් ඉවත්ව සිට දැන් යලි ක්‍රියාකාරීව සිටින රවී කරුණානායක මහතාට එක්සත් ජාතික පක්ෂයේ ඉහළ තනතුරක් ලබාදෙන්නැයි ඉල්ලීමක් පක්ෂ නායකත්වයට ලැබී ඇති බව වාර්තා වෙයි. ඒ අනුව පක්ෂයේ මහ ලේකම් තනතුර හෝ නියෝජ්‍ය නායක තනතුර ඒ මහතාට ලබා දිය යුතු බව යෝජනා වී තිබේ. මෙම ඉල්ලීම සම්බන්ධයෙන් පක්ෂයේ…