රවිට එජාප ඉහළ තනතුරක් ඉල්ලයි

පසුගිය කාලයේ ඇති වූ මත ගැටුම් හේතුවෙන් පක්ෂයේ තනතුරුවලින් ඉවත්ව සිට දැන් යලි ක්‍රියාකාරීව සිටින රවී කරුණානායක මහතාට එක්සත් ජාතික පක්ෂයේ ඉහළ තනතුරක් ලබාදෙන්නැයි ඉල්ලීමක් පක්ෂ නායකත්වයට ලැබී ඇති බව වාර්තා වෙයි.
ඒ අනුව පක්ෂයේ මහ ලේකම් තනතුර හෝ නියෝජ්‍ය නායක තනතුර ඒ මහතාට ලබා දිය යුතු බව යෝජනා වී තිබේ.
මෙම ඉල්ලීම සම්බන්ධයෙන් පක්ෂයේ ඉහළ නායකයින් අතර සාකච්ඡාවක් සිදු වී ඇති නමුත් ස්ථිර තීරණයකට පැමිණ නැත.
