මාර්ගගත ක්‍රම ගැන පනතේ ශ්‍රේෂ්ඨාධිකරණ විභාගය 18-20

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳව රජය ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පතට එරෙහිව ඉදිරිපත්කර ඇති පෙත්සම් විභාගය ශ්‍රේෂ්ඨාධිකරණයේ දී, මෙම මස 18 දින සිට 20 දින දක්වා පැවැත්වීමට නියමිත ය.
පසුහිය දා මෙම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත්වීමෙන් පසුව බොහෝ පාර්ශව එයට විරෝධය පලකළ අතර එයට එරෙහිව පෙත්සම් ගණනාවක් ශ්‍රේෂ්ඨාධිකරණ වෙත ඉදිරිපත් කරනු ලැබ ඇත.
පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා පසුව ප්‍රකාශ කළේ මෙය තමන් විසින් සකස් කරන ලද පනතක් නොවන බව සහ පෙර සිටි අධිකරණ ඇමතිවරුන් දෙදෙනකු යටතේ එය සකස්කරනු ලැබ ඇති බව යි. තමන් කළේ එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පමණක් බවත්, සියලු පාර්ශවවල අදහස් විමසා එය සංශෝධනය කළ හැකි බව ද ඒ මහතා කී ය.
මාර්ගගත ක්‍රම නියාමනය අවශ්‍ය නමුත් මෙම පනත මගින් එම මාධ්‍ය මර්දනයට අවස්ථාව සැලසෙන බව කියන මාධ්‍ය සංවිධාන ඉල්ලා සිටින්නේ රජය පෙම පනත ඉල්ලා අස්කර ගත යුතු බව යි.
