බදු එකතුකරන්න ඔත්තු සේවයක්

ශ්‍රී ලංකාවේ ධනවතුන් දිගින් දිගටම බදු ගෙවීම් පැහැර හැරීම අවසන් කිරීමට දේශීය අදායම් දෙපාර්තමේන්තුව යටතේ බුද්ධි අංශයක් නොහොත් ඔත්තු සේවයක් ආරම්භ කලයුතු බව භාණ්ඩාගාරයේ ලේකම් ආර් එච් එස් සමරතුංග මහතා ප්‍රකාශ කොට ඇත . ධනවතුන් බදු නොගෙවීම නිසා මේ වනවිට බදු අදායම දලදේශීය නිෂ්පාදිතයෙන් සියයට 10.8 දක්වා පහත වැටී ඇති බවද ඒ මහතා පෙන්වාදී තිබේ…

තොරතුරු දැනගැනීමේ පනතින් නීතිපති පනින්න හදයි

දැන් කෙටුම්පත් කොට රජයේ ව්‍යවස්ථා සම්පාදකයින් අතර  සාකච්චාවට ලක්වෙමින් පවතින තොරතුරු දැනගැනීමේ පනත රජයේ අනෙක් සියලු ආයතන වලට වලංගු වුවද නීතිපති දෙපාර්තමේන්තුව ඉන් ඉවත් කරන්නයි නීතිපතිවරයා දැඩි බලපෑමක් සිදුකරමින් සිටින බව තතුදත් ආරංචි මාර්ග කියයි . නීතිපති දෙපාර්තමේන්තුවේ කටයුතු මහජන පරීක්ෂාවට ලක් නොවිය යුතුය යන මතයේ සිට නීතිපතිවරයා මෙම  බලපෑම කරමින් සිටින බව කියති ….

“පිස්සු කෙලින්න හදන්න එපා ” : ජේෂ්ට ආර්ථික විශේෂඥයන්ගෙන් මුදල් ඇමතිට අවවාද

මුදල් ඇමැති රවී කරුණානායක මහතා මේ දිනවල කියන ඇතැම් දේ ආර්ථික යථාර්ථයට නොගැලපෙන බවත් ඒ කියන දේවල් කළොත් රට කබලෙන් ලිපට වැටෙන බවත් පිළිගත් ජේෂ්ට ආර්ථික විශේෂඥයෝ කියති . ප්‍රදාන වශයෙන් මෙම විවේචනය එල්ල වී තිබෙන්නේ ආර්ථිකය ශක්තිමත්  බව කියමින් පොලි අනුපාත අඩු කරන ලෙස මුදල් ඇමතිවරයා මහ බැංකුවට බලකිරීම සම්බන්දයෙනි . මේ සම්බන්දයෙන් ෆිනන්සියෙල්…

කොළඹ වාහන තදබදය විසදන්න සිගප්පුරු ක්‍රමවේද

අතිශයින් බරපතළ ප්‍රශ්නයක් වී ඇති කොළඹ නගරයේ වාහන තදබදයට විසදුම් ලෙස සිගප්පුරුවේ පවතින ආකාරයට  නගරයට ඇතුළුවීමේ ගාස්තුවක් අයකිරීමටත් වාහන සදහා වෙනත් සීමා කිරීම් හදුන්වදීමටත් රජයේ අවදානය යොමු වී ඇති බව දැනගන්නට ඇත . ඒ අනුව කොලඹට ඇතුළුවන වාහන වලින් ගාස්තු අයකිරීමට අයවැය මගින් යෝජනා කරනු ඇති බවද කියති .ඒ අනුව නගරයට පිවිසෙන ස්ථානවලදී ගාස්තු අය…

අපරාධ වැඩිවී නැහැ – අඩුවෙලා – වාර්තාකිරීම වැඩිවෙලා !

රටේ අපරාධ වැඩිවී ඇතිබව ජනමාධ්‍ය මගින් ප්‍රකාශ කළද බන්ධනාගාර කොමසාරිස්වරයා ප්‍රකාශ කොට ඇත්තේ වසරකට සිරගතවන සංඛ්‍යාව විසි අට දහසේ සිට දහ අට දහස දක්වා දස දහසකින් අඩුවී ඇති බවයි . එලෙස සිරගත වන වැඩි පිරිස රක්ෂිත බන්ධනාගාර ගත වන්නන් බවද කොමසාරිස්වරයා කියයි . ඇතැම් අපරාධවල කුරිරු බව වැඩිවී ඇතත් අපරාධ වැඩිවී නැති බව ඒ මහතාගේ…

කොටකෙතන ඝාතන අභිරහස සදාකාලිකව විසදෙන්නේ නැතිවෙයිලු !

පසුගියදා මහත් ආන්දෝලනයකට ලක් වූ කොටකෙතන කාන්තාවන් ඝාතන පිළිබද මුල් සිදුවීම් සියල්ල කිසිදා නොවිසදෙන අපරාධ අතරට එක්වනු ඇති බව පොලිසියට සම්බන්ධ ආරංචි මාර්ගයකින් “යුක්තිය”ට දැනගන්නට ඇත . එසේ මෙම ඝාතන නොවිසදී තිබීමට හේතු වන්නේ එම මුල් ඝාතන කළ අපරාධකරු පසු අවස්ථාවක ඝාතනය කොට සිරුරද අතුරුදන් කර තිබීම නිසා බව අපගේ ආරංචි මාර්ග කියයි . දී…

සළුසල මහජන සල්ලි කන හැටි හෙළිවෙයි – අදායම ලක්ශ12යි ,වියදම ලක්ෂ 90යි ,ණය කෝටි 100යි

රජයට අයිති සමාගමක් වන සීමාසහිත ලංකා සළුසල ආයතනය මසකට ලක්ෂ හැත්තෑ අටක තරම් පාඩු ලබමින් මහජන මුදලින් නඩත්තු කරමින් මෙතෙක් පවත්වාගෙන ගොස් ඇත්තේ කිසිදු ඵලදායිතාවයකින් තොරව බව රජය කළ පරීක්ෂණයකින් හෙළිදරවු වී ඇත .මසකට රුපියල් ලක්ෂ අනුවක් වියදම් කරන මෙම ආයතනය ලබන මාසික මුළු අදායම ලක්ෂ දොළහ හමාරකි . ශුද්ද පාඩුව මසකට ලක්ෂ හැත්තෑ අටකි…

නව ව්‍යවස්ථාවකට පුළුල් මහජන සාකච්චාව ජනවාරියේ ඇරබීමට ප්‍රධාන පක්ෂ එකගතාවක

යෝජිත නව ව්‍යස්ථාව පිළිබඳ සාකච්ඡුාව ජනවාරි මාසයේ දී සමාජයට විවෘතවන බව දේශපාලන ආරංචි මාර්ග වලින් දැනගන්නට ඇත. ප්‍රධාන පක්ෂ දෙකේ මූලික එකගතාවයකින් පසුව පුළුල් මහජන සාකච්චාවක් ආරම්භ කීරීම ඒ අනුව සිදුවනු ඇත . ව්‍යවස්ථාව පිළිබඳ අගමැතිවරයාට උපදෙස් ලබාගැනීමට පත්කළ කමිටුවේ නිර්දේශ මත, ජනවාරියට පෙර නව ව්‍යවස්ථාව පිළිබඳ සාකච්ඡුාව ආරම්භ කිරීමට කලින්  තීරණය කර තිබුණි. ආචාර්ය…

තිස්ස විතාරණ , මහින්දගේ දුෂිත කල්ලිය එන් එම් ගේ ගෙදරට කැන්දන් යයි

මෛත‍්‍රී=රනිල් සම්මුතිවාදි ආණ්ඩුවට එරෙහිව අභයාරාමයේ දී ආරම්භ කළ මහින්දගේ  දුෂිත  පෙරමුණ ඇන්. ඇම්. පෙරේරාගේ ගෙදරට වැඩමවීමට තිස්ස විතාරණ තීන්දු කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. විමල් වීරවංශ, දිනේශ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල, සහ ඩියූ ගුණසේකර ඇතුලත් මේ පෙරමුණ පොදු විපක්ෂයේ පෙරමුණ ලෙස නම්කර ඇත. සමසමාජ පාක්ෂිකයන් මෙම පිරිස දකින්නේ යුදවාදීන් හා ජාතිවාදීන්…

කරුණා අම්මාන් ශ්‍රීලනිපයෙන් ද්‍රවිඩ එක්සත් පෙරමුණට !

කලක් එල්ටීටීඊ යේ ප්‍රබලයකුව සිට පසුව ශ්‍රීලනිප ට එක්වූ විනයාගමුර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් එම පක්ෂයෙන් ඉවත්වී දෙමළ එක්සත් විමුක්ති පෙරමුණට එක්වන බව දේශපාලන ආරංචි මාර්ග කියයි .ඒ සදහා හේතු පැහැදිලි කීරීම ලබන මාස 14දා පුවත්පත් සාකච්චාවක් මගින් සිදුකිරීමට නියමිත බවද කියති . දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ ප්‍රකාශකයෙක් කියා තිබුණේ කරුණා තමන් හා එක්ව වැඩ…

වැනල් 4 වාර්තාව බොරුවක් විය නොහැක – පරණගම වාර්තාව කියයි

ශ‍්‍රී ලංකා ආණ්ඩුව ප‍්‍රතික්ෂේපකර වසර ගණනාවකට පසුව,  ශ‍්‍රි ලංකාවේ යුධ අපරාධ සහ නීතියට පිටින් ඝාතනය කිරීම පිළිබඳ වැනල් 4 වාර්තාව පදනම් කරගත් සාක්ෂි, ව්‍යාජ ඒවා  විය නොහැකි බව පරණගම වාර්තාවේ සඳහන් වේ. යුධ මුක්ත කලාපයේ මරා දැමීම් ඇතුලත් චැනල් 4 වාර්තාමය වීඩියෝ පටයට පදනම් කරගත් සාක්ෂි ව්‍යාජ ඒවා බව පවසා මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව එය ප‍්‍රතික්ෂේප…

කොපයේ ඩියූගේ ජාතිවාදයට එරෙහිව අගාගෙන් කැරැල්ලක්

දිනේශ් හා වීරවංශගේ ජාතිවාදි පෙරමුණට එක්වීමට ශ‍්‍රී ලංකාවේ කොමියුනිසට් පක්ෂය ගෙන ඇති තීන්දුවට එරෙහිව එම පක්ෂයේ ජේ්‍යෂ්ඨයෙකු වූ අගා ජයසේන දේශපාලන මණ්ඩලයෙන් හා ඔහු දැරූ තනතුරු වලින් ඉල්ලා අස් වූ බව  පසුගිය දා වාර්තා විය. අගා ජයසේනට සහයෝගය දක්වන සැළකිය යුතු පිරිසක් කොමියුනිස්ට් පක්ෂයේ මෙම ජාතිවාදි නැඹුරුව එරෙහිව  එළිපිට කටයුතු කිරීමට සුදානම් බව ද පැවසේ….