තිස්ස විතාරණ , මහින්දගේ දුෂිත කල්ලිය එන් එම් ගේ ගෙදරට කැන්දන් යයි

මෛත‍්‍රී=රනිල් සම්මුතිවාදි ආණ්ඩුවට එරෙහිව අභයාරාමයේ දී ආරම්භ කළ මහින්දගේ  දුෂිත  පෙරමුණ ඇන්. ඇම්. පෙරේරාගේ ගෙදරට වැඩමවීමට තිස්ස විතාරණ තීන්දු කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. විමල් වීරවංශ, දිනේශ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල, සහ ඩියූ ගුණසේකර ඇතුලත් මේ පෙරමුණ පොදු විපක්ෂයේ පෙරමුණ ලෙස නම්කර ඇත. සමසමාජ පාක්ෂිකයන් මෙම පිරිස දකින්නේ යුදවාදීන් හා ජාතිවාදීන් වශයෙනි . අභයරමයද සැලකෙන්නේ ජාතිවාදීන්ට සෙවන දෙන ස්ථානයක් වශයෙනි .

තමන් ජාතිවාදි නොවන බව පෙන්වීමට අභයාරාමයෙන් ඉවත්වීම  තිස්සට සහ ඩියූට අවශ්‍ය වී තිබෙන බව කියැවේ. ඒ අනුව මින් ඉදිරියට පොදු විපක්ෂ සන්ධානය ඇන්. ඇම්ගේ ගෙදර රැස්වීමට තිස්ස විතාරණ  යෝජනාකර ඇත.

හැමවිටම ජාතිවාදයට එරෙහිව සටන් කළ  ඇන්. ඇම්. පෙරේරා සහෝදරයා මියගිය පසුව ඔහුගේ නිවසේ  ඇන්. ඇම්. පෙරේරා කේන්ද්‍රය ආරම්භ කරනු ලැබීය . එය   දැනට පවතින්ගේ මහාචාර්ය  තිස්ස විතාරණ මහතාගේ  යටතේ නොව කිසියම් භාරයක් යටතේ ය. ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න, මහාචාර්ය විජය කුමාර්, මහාචාර්ය කාලෝ ෆොන්සේකා, මහාචාර්ය තිස්ස විතාරණ සහ මහාචාර්ය නාරද වික‍්‍රමසූරිය ඇතුලූ 12 දෙනෙක් මෙම භාරයේ සිටිති. විරවංශ, ගම්මන්පිල සහ දිනේශ් ගුණවර්ධන වැනි වර්ගවාදීන්ගෙන් සමන්විත  ජාතිවාදි පෙරමුණ ඇන්. ඇම්. ගේ ගෙදරට වැද්දගනීම පිළිබඳව ඇන්. ඇම්. කේන්ද්‍ර භාරයේ සිටින සාමාජිකයින්  වැඩිදෙනාගේ අප‍්‍රසාදය පල වී ඇති බව දැනගන්නට ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *