නව ව්‍යවස්ථාවකට පුළුල් මහජන සාකච්චාව ජනවාරියේ ඇරබීමට ප්‍රධාන පක්ෂ එකගතාවක
යෝජිත නව ව්‍යස්ථාව පිළිබඳ සාකච්ඡුාව ජනවාරි මාසයේ දී සමාජයට විවෘතවන බව දේශපාලන ආරංචි මාර්ග වලින් දැනගන්නට ඇත. ප්‍රධාන පක්ෂ දෙකේ මූලික එකගතාවයකින් පසුව පුළුල් මහජන සාකච්චාවක් ආරම්භ කීරීම ඒ අනුව සිදුවනු ඇත .
ව්‍යවස්ථාව පිළිබඳ අගමැතිවරයාට උපදෙස් ලබාගැනීමට පත්කළ කමිටුවේ නිර්දේශ මත, ජනවාරියට පෙර නව ව්‍යවස්ථාව පිළිබඳ සාකච්ඡුාව ආරම්භ කිරීමට කලින් තීරණය කර තිබුණි. ආචාර්ය ජයම්පති වික්‍රමරත්න, ද්‍රවිඩ සන්ධානයේ එම්. ඒ. සුමන්තිරම්, මුස්ලිම් කොන්ග්‍රසයේ නියෝජ්‍ය ලේකම් නිසාම් කාරියප්පර් හා මහාචාර්ය සොයිසා ඇතුළු පිරිසකගෙන් එම කමිටුව සමන්විත ය. මෙම කමිටුවට උපදෙස් ලබාගැනීම ඕස්ෙටි‍්‍රලියාවේ බි්රස්බෙන් විශ්ව විද්‍යාලයේ ව්‍යවස්ථා නීතිය පිළිබඳ මහාචාර්යවරයෙකු වූ සූරි රත්නපාල මහතා පසුගිය දිනවල දිවයින්ට පැමිණියේ ය. ඔහු පැමිණියේ අගමැති රනිල් වික්‍රමසිංහගේ ආරාධනයකට අනුව ය.
අගමැතිවරයාගේ ද සහභාගිත්වය ඇතිව මහාචාර්ය රත්නපාල, උපදේශක කමිටුව සමග නව ව්‍යවස්ථාව පිළිබඳව මූලික සාකච්ඡුාවක් පවත්වා ඇතිබව දැනගන්නට තිබේ. කෙසේ නමුත් නව ව්‍යවස්ථාව පිළිබඳව පසුගිය දිනක ද්‍රවිඩ සන්ධානය පවසා ඇත්තේ දකුණේ ප්‍රධාන පක්ෂ දෙක සමග මුලික එකගතාවයක් ඇතිකරගෙන, එයින් පසුව සමාජයට විවෘත කිරීම සුදුසු බව ය. ඒ අනුව මේ සම්බන්ධයෙන් ජනාධිපති, අගමැති සහ විපක්ෂ නායක අතර ප්‍රථමයෙන් සාකච්ජාවක් පැවැත්වීමට එකග වී තිබෙන බව තතුදත් ආරංචි මාර්ග සඳහන් කරයි. නව ව්‍යවස්ථාව පිළිබඳ විවෘත සාකච්ඡුාව අය වැය සම්මත වීමෙන් පසුව ඇරඹිමට නියමිත බව දැනගන්නට ඇත.
