කොවිඩ් නිසා ආර්ථිකය අමාරුයි ; ජනාධිපති ජාත්‍යන්තර සහාය ඉල්ලයි

කොවිඩ් වසංගතයෙන් විපතට පත්වූවන්ට සහන සැලසීමට ශ්‍රී ලංකා රජයට විශාල ආර්ථික බරක් දරන්නට වූ බවත්, ඊට අමතරව සංචාරක ව්‍යාපාරය වැනි රටේ ප්‍රධාන ආදායම් මාර්ග අහිමි වී ඇති බවත්, එකසත් ජාතීන්ගේ සංවිධානය අමතමින් ප්‍රකාශ කළ ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා, මෙම තත්ත්වය තුළ ජාත්‍යන්තරයෙන් රටේ සංවර්ධන වැඩ පිළිවෙළට ලැබෙන සහය සාධරයෙන් පිළිගන්න බවත් ප්‍රකාශ කලේ ය. එකසත්…

විශ්ව ශක්තියෙන් රෝග සුව කළ එලියන්ත වයිට් කොවිඩ් රෝගයෙන් අභාවප්‍රාප්ත වෙයි.

විශ්ව ශක්තියෙන් රෝග සුව කිරීම ගැන විශ්වාසයෙන් කටයුතු කළ එලියන්ත වයිට් මහතා කොවිඩ් රෝගීව ප්‍රතිකාර ලබමින් සිට අද අභාවප්‍රාප්ත වී තිබේ. කොළඹ පෞද්ගලික රෝහලක දී ඒ මහතාගේ අභාවය සිදුව ඇත. ඒ මහතා කලක් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පෞද්ගලික වෛද්‍යවරයා වශයෙන් ද කටයුතු කළේ ය. කලක් ඔහුව හඳුන්වන ලද්දේ විශ්වකර්ම වෛද්‍යවරයා වශයෙනි. ඒ මහතා කිසිදු එන්නතක්…

අද කොවිඩ් මරණ 92 යි ; නව ආසාදිතයින් 1342 යි

රජය අද නිල වශයෙන් වාර්තා කළ කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 92 කි. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 12,376 ක් ලෙස සටහන් වෙයි. අද දිනයේ වාර්තා කොට ඇති නව කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 1,342 කි ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 508,672 ක් දක්වා ඉහළ ගොස් තිබේ. දැනට…

ආරාධනය හොඳයි ; එහෙත්, ජනාධිපතිගේ හදිසි වෙනස සැකයි – ගෝලීය දෙමළ සංසදය

දෙමළ ඩයසපොරාව සමග සාකච්ඡා කිරීමට තමන් සුදානම් බව ජගත් මහා ලේකම් හමුවේ නිව් යෝර්ක් නුවර දී ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා කළ ප්‍රකාශය යහපත් ප්‍රවනතාවක් ලෙස පිළිගන්නා බව කියන ගෝලීය දෙමළ සංසදය (ග්ලෝබල් ටැමිල් ෆෝරම් ) එසේ වුව ද, මෙතෙක් සියලු සාකච්ඡා මග හරිමින් සිටි ජනාධිපතිවරයාගේ හදිසි වෙනසට හේතුව කුමක්දැයි ප්‍රශ්න කරයි. ශ්‍රී ලංකාවේ දෙමළ ජනයා…

ඖෂධ අධිකාරියේ දත්ත විපක්ෂයේ කවුදෝ විනාශ කරලා ? – අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන

ශ්‍රී ලංකා ඖෂධ නියාමන අධිකාරියේ පරිගණක දත්ත මැකීමට විපක්ෂයේ සම්බන්ධයක් ඇතැයි සැක කරන බව සෞඛ්‍ය රාජ්‍ය ඇමති මහාචාර්ය චන්න ජයසුමන මහතා අද පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළේ ය. මැකු දත්තවල තිබුණේ 2015 සහ 2019 අතර කාලයේ ඖෂධ වැඩි මිලට ගෙන්වීමට අදාළ දත්ත බව කී අමැතිවරයා එම දත්ත ලෙස වැඩි මිලට ගත් බව කියන ඖෂධ සහ මිල ගණන්…

කොවිඩ් වාර්තා තව පහළට ; මරණ 66 යි ; නව අසාදිතයින් 1321 යි.

මෙරටින් වාර්තාවන කොවිඩ් සංඛ්‍යාවල තවදුරටත් අඩු වීමක් පෙන්නුම් කරමින් අද වාර්තා කොට ඇත්තේ මරණ 66 ක් සහ නව ආසාදිතයින් 1,321 ක් පමණකි. අද වාර්තා වන කොවිඩ් මරණ 66 සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 12,284 ක් වශයෙනි. මෙරට කොවිඩ් ආසාදිතයින්ගේ වාර්තාගත සංඛ්‍යාව 507,330 ක් දක්වා ඉහළ ගොස් ඇත.

මහින්දානන්ද ෆුල් රිවස් ; වී වැඩි මිලට ගන්න මෝල් හිමියන්ට ඉඩ !

සහතික මිල ලෙස පනවා ඇත්තේ වී මිල දී ගත හැකි අවම මිල බවත්, ඊට වැඩි මිලට ගොවීන්ගෙන් වී මිල දී ගැනීමට කිසිදු බාධකයක් නැති බවත්, කියමින් කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා සහතික මිලට වැඩියෙන් වී මිලට නොගත යුතු බවට මෙතෙක් ප්‍රකාශ  කළ ස්ථාවරය ඊයේ ඉවත් කර ගත්තේ ය. මීට පෙර ඇමතිවරයා කීවේ රජය නියම කොට…

කොවිඩ් වාර්තාවල අඩුවීමක් ; මරණ 93 යි ; නව ආසාදිතයින් 1509 යි

කොවිඩ් මරණ සහ ආසාදිතයින් හමු වීමේ පැහදිලි අඩුවීමක් ඇති බව සෞඛ්‍ය සේවා අද්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කොට තිබේ. අද දිනයේ රජය නිවේදනය කළ කොවිඩ් මරණ සංඛ්‍යාව 93 කි. ඒ අනුව මෙරටින් වාර්තා කොට ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 12,218 ක් වශයෙනි. අද දිනයේ අලුතින් හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 1,509 ක් ලෙස වාර්තා වෙයි. ඒ…

“පාර්ලිමේන්තුවෙන් පිටත සිට වැඩකිරීමට සූදානම් වන්න’’ – රනිල් පක්ෂ ජ්‍යෙෂ්ඨයන්ට කියයි

  පාර්ලිමේන්තුවෙන් පිටත සිට වුව ද සැලසුම් සහගත වැඩකොටසක් කිරීම සඳහා සූදානම් වන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නිලධාරී මණ්ඩලය ඇතුළු ජ්‍යෙෂ්ඨයන් හමුවේ පැවසීය. පාර්ලිමේන්තුවෙන් පිටත සිට රටේ බලය ඇල්ලීමේ වැඩපිළිවෙළ මුලින් හඳුන්වා දුන්නේ ලංකාවේ පළමු විධායක ජනාධිපති ජේ.ආර් ජයවර්ධන මහතා බව පැවසූ වික්‍රමසිංහ මහතා එදා එම සැලසුම ඉතා…

දෙමළ ඩයසපෝරාවට ජනාධිපතිගෙන් ඇරයුමක්

ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ප්‍රශ්න විසඳා ගැනීම සඳහා සාකච්ඡාවට එන්නැයි දෙමළ ඩයසපෝරාවට තමන් ආරාධනා කරන බව ජනාධිපති ගොඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කොට ඇත. අමෙරිවේ නිව්යෝර්ක් නුවර දී එක්සත් ජාතීන්ගේ මහා ලේකම් අන්තෝනියෝ ගුටරේස් මහතා හමු වූ අවස්ථාවේ ජනාධිපතිතුමා මෙම ආරාධනය සිදු කොට තිබේ. ශ්‍රී ලංකාවේ ප්‍රශ්න රටේ අභ්‍යන්තර යාන්ත්‍රණයක් තුළින් විසන්දගත් යුතු බවත්, ඒ සඳහා තමන්…

අද කොවිඩ් මරණ 103 යි ; නව ආසාදිතයින් 1733 යි

කොවිඩ් ආසාදිත මරණ 103 ක් රජය අද දිනයේ තහවුරු කොට ඇත. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 12,125 ක් වශයෙනි. අද දිනයේ වාර්තා කොට ඇති නව කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 1733 කි. මෙරට සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව සටහන් වන්නේ 504,491 ක් වශයෙනි.

කිරිපිටි-තිරිඟු පිටි සහ සිමෙන්ති මිල ඉහළට

පාරිභෝගික කටයුතු අධිකාරියේ මිල කමිටුව කළ අධ්‍යනයන්ට අනුව ජීවන වියදම් කමිටුවේ අවසාන අනුමැතිය ලබාගෙන කිරිපිටි, තිරිඟු පිටි සහ සිමෙන්ති මිල ඉහළ දැමීමට ඉදිරි දින කීපයේදී සිදුවනු ඇතැයි පාරිභෝගික ආරක්‍ෂණ රාජ්‍ය අමාත්‍යංශයේ උසස් නිලධාරියකු පැවසීය. මෙම භාණ්ඩ තුනේ ජාත්‍යන්තර වෙලෙඳපොලේ මිල වැඩි වීම නිසා දේශීය මිල වැඩි කරන ලෙස ආනයනකරුවන් මාස හයක පමණ කාලයක සිට ඉල්ලීම්…