කොවිඩ් වාර්තාවල අඩුවීමක් ; මරණ 93 යි ; නව ආසාදිතයින් 1509 යි

කොවිඩ් මරණ සහ ආසාදිතයින් හමු වීමේ පැහදිලි අඩුවීමක් ඇති බව සෞඛ්‍ය සේවා අද්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කොට තිබේ.
අද දිනයේ රජය නිවේදනය කළ කොවිඩ් මරණ සංඛ්‍යාව 93 කි.
ඒ අනුව මෙරටින් වාර්තා කොට ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 12,218 ක් වශයෙනි.
අද දිනයේ අලුතින් හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 1,509 ක් ලෙස වාර්තා වෙයි.
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව ඉහළ ගොස් ඇත්තේ 506,000 ක් වශයෙනි.
