තිරිඟු පිටි රුපියල් 40 කින් , පාන් රුපියල් 30 කින් ,බනිස් රුපියල් 10 කින් නගී

  අද සිට තිරිඟු පිටි මිල රුපියල් 40 කින් ද, පාන් ගෙඩියක් රුපියල් 30 කින් ද , බනිස් ගෙඩියක් රුපියල 10 කින් ද මිල ඉහල යනු ඇතැයි වාර්තා වෙයි . තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 39 කින් වැඩි කරන බව සෙරන්දිබ් සමාගම නිවේදනය කොට ඇති අතර ප්‍රීමා පිටි මිල රුපියල් 40 කින් ඉහළ දමා ඇත….

රාජපක්ෂ පවුලේ දේශපාලනය ඉවරයි; ඔවුන් සමග කිසිදු සන්ධානයක් මින් පසු නැහැ – ජානිපෙ නායක විමල් වීරවංශ

මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා කරගෙන යන වැඩ පිළිවෙළ අනුව රාජපක්ෂ පවුලේ දේශපාලන අනාගතය විනාශ වන බවත්, ඔවුන් සමග මින් ඉදිරියට කිසිදු සන්ධානයකට නොයන බවත්, ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා ප්‍රකාශ කරයි. මෙම වැඩ පිළිවෙලට ඉඩ දී බලාගෙන සිටිය හොත් නාමල් රාජපක්ෂ මහතාට ද දේශපාලන අනාගතයක් නැති බව ද ඒ මහතා…

සංස්ථ තෙල් දැන් හරි ලාබයි ; පෙට්‍රල් : සිපෙට්කෝ 177 යි , අයි ඕ සී 254 යි ; ඩීසල් : සිපෙට්කෝ 121 යි , අයි ඕ සී 214 යි

ලංකා අයි ඕ සී සමාගම ඊයේ කළ මිල වැඩි කිරීමත් සමග සිපෙට්කෝ ආයතනයේ තෙල් මිල සහ අයි ඕ සී තෙල් මිල අතර විශාල වෙනසක් ඇතිව තිබේ. ඒ අනුව සිපෙට්කෝ පෙට්‍රල් ලීටරයක් (92) රුපියල් 177 කට විකුණද්දී අයි ඕ සී සමාගම විකුණන්නේ රුපියල් 254 කට ය. එලෙස ම ඩීසල් ලීටරයක් සිපෙට්කෝ හි 121 කට විකුණද්දී අයි…

අයි ඕ සී තෙල් මිල තව ඉහළ දමයි

පෙට්‍රල් ලීටරය රුපියල් 50 කින් සහ ඩීසල් ලීටරය රුපියල් 75 කින් ඉහළ දැමු බව ලංකා අයි ඕ සී සමගම නිවේදනය කරයි. ලෝක වෙළෙඳපොළේ පවතින මිල සැලකිල්ලට ගෙන මෙම වැඩිකිරීම කළ බව එම සමාගම කියයි.

අද කොවිඩ් මරණ 13 යි , නව ආසාදිතයින් 580 යි

රජය අද නිකුත් කළ නිවේදන අනුව දිනය තුළ තහවුරු කරන ලද කොවිඩ් මරණ සංඛ්‍යාව 13 ක් වන අතර හඳුනාගත් නව ආසාදිතයින් සංඛ්‍යාව 580 කි. ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව මේ වනවිට සටහන් වන්නේ 16,374 ක් වශයෙනි. මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිත සංඛ්‍යාව 654,916 ක් ලෙස සටහන් වී ඇත.

ඉන්ධනට ගෙවද්දී ගෑස් නැව් තුනක් , භාණ්ඩ කන්ටේනර් 2500 ක් වරායේ සිරවෙයි

බරපතළ අර්බුදයකට ලක්වීමෙන් පසු ඉන්ධන නැව් කිහිපයක් මුදා ගැනීමට මහ බැංකුව ඩොලර් නිදහස් කළ අතරතුර මෙරටට ගෑස් රැගෙන ආ නැව් තුනක ගෑස් ගොඩ බාගත නොහැකි වී ඇති බවත්, අත්‍යවශ්‍ය භාණ්ඩ කන්ටේනර් 2500 ක් පමණ ප්‍රමාණයක් නිදහස් කරගත නොහැකිව වරායේ සිර වී ඇති බවත් වාර්තා වෙයි. මේ වනවිට රටේ නැවතත් විශාල ගෑස් හිගයක් පවතින අතර එක්…

අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ යන්න විද්‍යාත්මක නැහැ – මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඩබ්ලිව් ඒ විජේවර්ධන

අත්‍යවශ්‍ය නොවන ලෙස භාණ්ඩ නම් කිරීම කිසියම් නිලධාරියකුගේ සිතැඟි අනුව සිදුවන්නක් බවත්, එය කිසිසේත් ආර්ථික විද්‍යාවෙන් නොපිළිගන්නා ක්‍රියාමාර්ගයක් බවත්, ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඩබ්ලිව් ඒ විජේවර්ධන මහතා ප්‍රකාශ කරයි. එක අයෙකු අත්‍යවශ්‍ය නොවන ලෙස සලකන භාණ්ඩයක් තවත් කෙනෙකුට අත්‍යවශ්‍ය වන බවත්, ආණ්ඩුවේ ලයිස්තුවේ අත්‍යවශ්‍ය නොවන ලෙස සලකා ඇති පරිගණක සහ උපාංග එම…

අද කොවිඩ් වාර්තා ; මරණ 11 යි ; නව ආසාදිතයින් 675 යි

කොවිඩ් සම්බන්ධයෙන් අද දින සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා නිකුත් කොට ඇති නිවේදන අනුව තවත් කොවිඩ් මරණ 11 ක් තහවුරු කොට ඇති අතර අලුතින් හඳුනාගත් ආසාදිතයින් සංඛ්‍යාව 675 ක් ලෙස වාර්තා කොට ඇත. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව මේ වනවිට 16,361 ක් දක්වා ඉහළ ගොස් ඇත. මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ්…

ආනයන භාණ්ඩ 367 කට ආණ්ඩුව සීමා පනවයි ; සංචාරක කර්මාන්තයට අහිතකර බලපෑම්

අත්‍යවශ්‍ය නොවන ලෙස රජය සලකන භාණ්ඩ 367 ක් සඳහා සීමා පැනවීමට ආණ්ඩුව කටයුතු කොට ඇත. ඇපල්, මිදී , දොඩම්, චීස් ,බටර් වැනි ද්‍රව්‍ය මෙයට ඇතුලත් ය. රජය මේවා අත්‍යවශ්‍ය නොවන ලෙස සලක සීමා කළ ද සංචාරක කර්මාන්තයට අත්‍යවශ්‍ය බව එම කර්මාන්ත කරුවෝ කියති. ආණ්ඩුව පසුගිය කාලයේ උත්සහ දරමින් සිටියේ සංචාරක කර්මාන්තය නගා සිටුවා එහි ආදායම…

සර්ව පාක්ෂික සමුළුවට පෙර මුල්‍ය අරමුදලේ වාර්තාව පාර්ලිමේන්තුවට දෙන්න – එජාප නායක රනිල් ඉල්ලයි

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සකස් කළ අධ්‍යයන වාර්තාව වහාම පාර්ලිමේන්තුවට ලබා දෙන ලෙස එජාප නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේ දී ඉල්ලා සිටියේ ය. මෙම වාර්තාව පාර්ලිමේන්තුවට දීමට රජය මීට පෙර පොරොන්දු වූ බව ද ඒ මහතා මතක් කළේය. යෝජිත සර්ව පාක්ෂික සමුළුව පැවැත්වෙන්නේ නම් ඊට පෙර මෙම වාර්තාව ලබා දෙන…

විමල්, උදය විතරක් අයින් කළේ වාසු නිකම් ම යවන්න හිතාගෙන – බැසිල්

වාසුදේව නානායක්කාර ඇමතිවරයා ධුරයෙන් ඉවත් නොකළේ විමල් වීරවංශ ,උදය ගම්මන්පිල දෙදෙනා ඉවත් කළ විට වාසු නිකම් ම ඉල්ලා අස්වනු ඇතැයි විශ්වාසයෙන් බව ඇමති බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කොට ඇත. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසු පෙළ මන්ත්‍රීවරුන් සමග ඊයේ පැවති සාකච්ඡාවක දී ඒ මහතා මේ බව ප්‍රකාශ කොට තිබේ. කෙසේ වෙතත්, බලාපොරොත්තු පරිදි වාසුදේව නානායක්කාර මහතා…

රුසියන් හමුදා පසුබසිනවා – ඇමෙරිකන් බුද්ධි අංශ

යුක්රේන හමුදා ප්‍රතිප්‍රහාර හමුවේ රුසියන් හමුදාව දැඩි පසුබැසීමකට ලක් වී ඇතැයි රුසියන් යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් විමසිල්ලෙන් පසුවන ඇමෙරිකන් බුද්ධි අංශ පවසයි. ඇමෙරිකන් ජාතික බුද්ධි අංශ ප්‍රධානී ඒව්රිල් හේයින්ස් කොංග්‍රස් මණ්ඩලය ඉදිරියේ පෙනී සිටිමින් රුසියන් යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් බුද්ධි අංශ එක්රැස් කරගත් සියලු තොරතුරු අනාවරණය කළාය. රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් ට අවශ්‍ය වී ඇත්තේ යුක්රේනයේ බටහිර…