සජබයෙන් 22 ක් ආණ්ඩුවට ?

  විපක්ෂයේ සමගි ජන බලවෙගයෙන් ආණ්ඩුවට එක් වන මන්ත්‍රීවරුන් සංඛ්‍යාව ගැන විවිධ වාර්තා පළ වී ඇති අතර අන්තර්ජාල අඩවිවල අද වාර්තා කොට තිබුණේ එම සංඛ්‍යාව 22 ක් වන බවයි. සජබ කණ්ඩායමක් ආණ්ඩුවට එක් වන බව දේශපාලන ආරංචි මාර්ග මීට පෙර සිට වාර්තා කොට තිබිණි. අද සති අන්ත පුවත්පත් ගණනාවක් මගින් ද එම පුවත තහවුරු කොට…

සජබ කණ්ඩායමක් ආණ්ඩුවට යනවා – අනුර කුමාර දිසානායක

  සමගි ජන  බලවේගයේ කණ්ඩායමක් හෙට අනිද්දා ම ආණ්ඩුවට යන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය. කලින් ප්‍රතිවාදීන් ලෙස පෙනී සිටි රනිල් වික්‍රමසිංහ , රාජපක්ෂ කඳවුරු දැන් තම පැවැත්ම සඳහා එකතු වී සිටින බවත්, එයට සමගි ජන බලවේගයේ කණ්ඩායමක් ද එකතු වන බවත්, කී ඒ මහතා වැඩි දුරටත් කීවේ ඒ…

තෙල් සේවකයින් රැකියාව රැකගන්න ලොකු උත්සාහයක

  ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සහ තොග ගබඩා පර්යන්තයේ අනිවාර්ය නිවාඩු යවා සිටින සේවකයින් සම්බන්ධ ගැටලුවට ජනාධිපතිවරයා සමග සාකච්ඡා කර හැකි ඉක්මණින් විසඳුමක් ලබාදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වෘත්තිය සමිති කටයුතු උපදේශක පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා පවසයි. වැඩ තහනමට ලක්වූ ඛනිජ තෙල් වෘත්තීය සමිති නියෝජිතයින් පිරිස ඊයේ (01) පස්වරුවේ අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය දිනේෂ්…

බහු පක්ෂ ආණ්ඩුවකට සාකච්ඡාවක් 31 දා ගාල්ලේ දී ?

  ඉදිරියේ දී විපක්ෂයෙන් ආණ්ඩුවට එක්වන විපක්ෂ කණ්ඩායම් සමග නව සන්ධාන ආණ්ඩුවක් පිහිටුවීම සැලසුම් කිරීමේ රහසිගත සාකච්ඡාවක් පසුගිය 31 දා ගාල්ලේ රහසිගත ස්ථානයක දී පවත්වා ඇති බව දැනගන්නට ඇත. එම සාකච්ඡාවට සහභාගී වූ විපක්ෂ ප්‍රබලයින්ගේ සහභාගීත්වය රහසක් ලෙස පවත්වා ගැනීම සහ මාධ්‍ය අවධානය යොමු නොවීම සඳහා මෙම සාකච්ඡාව සඳහා ගාල්ලේ රහසිගත ස්ථානයක් තොරාගෙන ඇති  බව…

සජබෙන් ආණ්ඩුවට යන මන්ත්‍රීවරුන්ට රුපියල් කෝටි විස්ස ගානේ දෙනවා – සජබ මහ ලේකම් රන්ජිත් මද්දුම බණ්ඩාර

  සමගි ජන බලවේගයෙන් ආණ්ඩුවට එකතු වන මන්ත්‍රීවරුන්ට රුපියල් කෝටි විස්ස බැගින් ලබා දීමට ආණ්ඩුව සුදානමින් සිටින බව සමගි ජන බලවේගයේ ප්‍රධාන ලේකම් රන්ජිත් මද්දුම බම්දර මහතා විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කළේය. එමන් ම සජබයෙන් විස්සක් යනවා, හතළිහක් යනවා ආදී වශයෙන් ආණ්ඩුව විවිධ බොරු ප්‍රචාර කරමින් සිටින බව ද , ඒ…

ආණ්ඩුවට ආධාර දීමෙන් මුල්‍ය අරමුදල කළේ ලොකු වරදක් – ලක්ෂ්මන් කිරිඇල්ල

  ආණ්ඩුවට ආධාර කිරීමෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල කළේ ලොකු වරදක් බවත්, මෙයින් රට ලේ විලක් විය හැකි බවත්, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කරයි. ආණ්ඩුවට ජන වරමක් නැති බවත්, එම ආණ්ඩුවට සහය දීම වැරදි බවත්, ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කියයි. කොළඹ පැවති මාධ්‍ය සාකච්ඡාවක් අමතා ඒ මහතා මේබව ප්‍රකාශ…

රටවල් තුනක් ලංකාවේ යෝධ පිරිපහදු 2ක් තනන්න යයි

        චීනය, ඉන්දියාව හා ජපානය යන රටවල් ත්‍රිකුණාමලයේ හා හම්බන්තොට අලුතින් ඉන්ධන පිරිපහදු දෙකක් ආරම්භ කිරීමට තීරණය කර ඇත. ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි හැට එක සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියේ එක් පියවරක් ලෙස ඉන්දියාව නව තෙල් පිරිපහදුවක් ආරම්භ කිරීමට තීරණය කර ඇති අතර සිංහල අලුත් අවුරුද්දෙන් පසුව ඇරඹෙන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ඉන්දීය සංචාරයේදී ඒ…

උද්ධමනය තවත් පහළ බසී

    කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ මාර්තු මස සමස්ත උද්ධමනය සියයට 50.3 ක් දක්වා පහත වැටී ඇතැයි ජනලේඛණ හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව පවසයි. මාර්තු මස ආහාර කාණ්ඩයේ උද්ධමනය සියයට 47.6 ක් දක්වා ද, පහත වැටී ඇති බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව කියයි. පෙරවාරි මස සමස්ත උද්ධමනය සියයට 50.6 ක් ද, එම මස ආහාර උද්ධමනය…

සජබ මන්ත‍්‍රීන් 40ක් ජනපතිට එක්වෙනවා – ලක්ෂ්මන් විජේමාන්න

        සමගි ජන බලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හතලිස් දෙනකු පමණ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ එක් වීමට නියමිත යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් විජේමාන්න මහතා සිරිකොත පැවති මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කොට තිබේ. මේ පිළිබඳව ජනාධිපතිවරයාට විවිධ මාර්ග වලින් මෙම මන්ත්‍රී කණ්ඩායම විසින් එකඟතාවය ලබා දී ඇති බවද හිටපු මන්ත්‍රීවරයා පැවසීය….

මාලිමා ආර්ථික ප්‍රතිපත්තියට ජවිපෙ පයින් ගසයි ; ජාජබ ඇතුළේ මත ගැටුම්

  ජාතික ජන බලවේගයේ ආර්ථික බුද්ධි මණ්ඩලය විසින් සකස් කොට රටට සහ ව්‍යාපාරික ප්‍රජාවට ඉදිරිපත් කළ ආර්ථික ප්‍රතිපත්තියේ ස්ථාවරයන්ට පටහැනිව ජවිපෙ නායකත්වය තම පැරණි ප්‍රතිපත්තිවල  සිට  ප්‍රකාශ නිකුත් කරන්නට සහ ක්‍රියා කරන්නට වීම නිසා ජාතික ජන බලවේගය තුළ බරපතළ මත ගැටුම් හටගෙන ඇති බව මාලිමාවට සම්බන්ධ තතු දත් ආරංචි මාර්ග කියයි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහය…

ඉන්ධන අලෙවියෙන් රජයට ලැබෙන ලාභය ඇමති හෙළිකරයි

එක් එක් ඉන්ධන වර්ගය අලෙවියෙන් රජයට ලැබෙන ලාභය පිළිබඳව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ට්විටර් සටහනක් මගින් හෙළිදරව් කොට ඇත. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් සඳහා රුපියල් 338.37ක්, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් සඳහා රුපියල් 373.85ක්, ලංකා ඔටෝ ඩීසල් ලීටරයක් සඳහා රුපියල් 324.96ක්, සුපර් ඩීසල් ලීටරයක් සඳහා රුපියල් 462.74ක් සහ භූමිතෙල් ලීටරයක් සඳහා රුපියල්…

|

දේශීය ණය ප්‍රතිව්‍යූහගතකරණය කෙරෙන්නේ මෙහෙමයි

ශ්‍රී ලංකාව සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම අනුමත වීමෙන් පසු මෙරට වානිජ ණය හිමියන් යාවත්කාලීන කිරීමේ සැසියක් ඊයේ (30) පැවැත්විණි. ඔන්ලයින් මාර්ගයෙන් පැවැත්වුණු මෙම සැසියේ දී ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සහ භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතා විසින් කරුණු දක්වන ලදී. එහිදී දේශීය ණය ප්‍රතිව්‍යූහගතකරණය සඳහා අවශ්‍ය වැඩකටයුතු ලබන…