බහු පක්ෂ ආණ්ඩුවකට සාකච්ඡාවක් 31 දා ගාල්ලේ දී ?

 

ඉදිරියේ දී විපක්ෂයෙන් ආණ්ඩුවට එක්වන විපක්ෂ කණ්ඩායම් සමග නව සන්ධාන ආණ්ඩුවක් පිහිටුවීම සැලසුම් කිරීමේ රහසිගත සාකච්ඡාවක් පසුගිය 31 දා ගාල්ලේ රහසිගත ස්ථානයක දී පවත්වා ඇති බව දැනගන්නට ඇත.

එම සාකච්ඡාවට සහභාගී වූ විපක්ෂ ප්‍රබලයින්ගේ සහභාගීත්වය රහසක් ලෙස පවත්වා ගැනීම සහ මාධ්‍ය අවධානය යොමු නොවීම සඳහා මෙම සාකච්ඡාව සඳහා ගාල්ලේ රහසිගත ස්ථානයක් තොරාගෙන ඇති  බව කියති.

සාකච්ඡාව සඳහා කොළඹින් ගිය දේශපාලඥයින් අධිවේගී මාර්ගයෙන් ගොස් සාකච්ඡාව නිම වූ වහාම කොළඹට පැමිණ ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද සිකුරාදා රාත්‍රිය ගාල්ලේ ගත කළ බව  දැනගන්නට ඇත.

ජනාධිපතිතුමාගේ හදිසි ගාලු සංචාරය මාධ්‍ය මගින් වාර්තා කොට තිබුණේ කොග්ගල සහ අහංගම ප්‍රදේශවල සංචාරක ව්‍යාපාරයේ තත්ත්වය සොයා බැලීමට කළ ගමනක් වශයෙනි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *