සජබ කණ්ඩායමක් ආණ්ඩුවට යනවා – අනුර කුමාර දිසානායක

සමගි ජන බලවේගයේ කණ්ඩායමක් හෙට අනිද්දා ම ආණ්ඩුවට යන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.
කලින් ප්‍රතිවාදීන් ලෙස පෙනී සිටි රනිල් වික්‍රමසිංහ , රාජපක්ෂ කඳවුරු දැන් තම පැවැත්ම සඳහා එකතු වී සිටින බවත්, එයට සමගි ජන බලවේගයේ කණ්ඩායමක් ද එකතු වන බවත්, කී ඒ මහතා වැඩි දුරටත් කීවේ ඒ සියලු ප්‍රතිගාමීන්ට එරහිව ජාතික ජන බලවේගය ගොඩ නැගිය යුතු බවයි.
මැතිවරණයක් මොහොතක ජනතාව දේශපාලන වශයෙන් වැඩියෙන් ක්‍රියාත්මක වන බව කී අනුර කුමාර මහතා පසුගිය කාලයේ රැස්වීම් සඳහා තමන්ට හැම අතින් ම ඉල්ලීම් ගලා ආවේ ඒ අනුව බවත් කී ය. එම ක්‍රියා ශීලී බව මේ වන විට අඩු වී ඇතත්, ජාතික ජන බලවේගය හති වට්ටා නවත්තන්නට බැරි බව ද ඒ මහතා පැවසීය.
ජාතික ජන බලවේගයේ කොලොන්නාව ආසන බල මණ්ඩල රැස්වීමට අද සහභාගී වෙමින් ජවිපෙ නායකයා මෙම අදහස් ප්‍රකාශ කළේය.
