ක්‍රීඩා ඇමතිගේ අතුරු කමිටුව ගැන හොයන්න කැබිනට් අනු කමිටුවක්

  ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය අත්හිටුවා අතුරු පාලන කමිටුවක් පත් කිරීමට ගත් තීරණය රටට බලපාන ආකාරය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා සිව් පුද්ගල අමාත්‍ය මණ්ඩල  අනුකමිටුවක් අද (6)පත් කරනු ලැබීය. මෙම  අමාත්‍ය මණ්ඩල අනු කමිටුවේ ප්‍රධානතම පරමාර්ථය වන්නේ ක්‍රිකටි  ක්‍රීඩාව තවදුරටත් නොවැටී තබාගෙන ඉදිරියට ගෙන යාම සඳහා ගතයුතු හොඳම ක්‍රියා මාර්ගය රජයට යෝජනා කිරීමයි. ජනාධිපති…

|

අධිකරණ නිලධාරීන්ගේ , මහාධිකරණ විනිසුරන්ගේ බදු විරෝධී පෙත්සම් ඉවත දමයි

  සිය වැටුපෙන් ඉහළ පෞද්ගලික ආදායම් බද්ද (APIT) අය කිරීම වළක්වන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා අධිකරණ නිලධාරීන්, මහාධිරන විනිසුරුවරුන් සහ කම්කරු අධිකරණ සභාපතිවරුන්   නියෝජනය කරන වෘත්තීය සංගම් තුනක් විසින් ගොනුකර තිබූ පෙත්සම් තුනක් අභියාචනාධිකරණය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇත. මේ අනුව, විනිසුරුවරුන්ගේ වැටුපෙන් ද එම බද්ද අයකර ගැනීම නීත්‍යානුකූල බවට තීරණය වී තිබේ. මෙම පෙත්සම්…

ග්‍රපීන් හදන්න අනුර කුමාර ආණ්ඩු බලය ඉල්ලද්දී ශ්‍රී ලංකාව ග්‍රපීන් නිපදවා විදෙස් වෙළෙඳපොළටත් යවලා !

ශ්‍රී ලංකාව මිනිරන්වලින් ග්‍රපීන් නිපදවා විදේශ විනිමය නිපදවිය යුතු බවත්, ඒ සඳහා තාක්ෂණය සහ වෙළෙඳපොළ ඇති විදේශ සමාගමක් සමග හවුලක් ඇති කරගත යුතු බවත්, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පසුගියදා ඇමෙරිකාවේ දී කියද්දී , මීට වසර තුනකට පෙර පවා මෙරට සමාගමක් ග්‍රපීන් නිපදව විදේශ වෙළෙඳපොළට අපනයනය කර ඇති බව වාර්තාවලින් හෙළිදරව් වෙයි….

අතුරු කමිටුව ගැන ජනපති දැනුවත් නෑ

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදිංචිය අත්හිටුවමින් අතුරු කමිටුවක් පත්කිරීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (06) සවස පැවැත්වෙන කැබිනට් මණ්ඩල හමුවේදී සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වේ. අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ මෙවැනි කමිටුවක් පත්කරන බව ජනාධිපතිවරයා දැනුවත්ව නොසිටි බවය. එමෙන්ම නව අතුරු කමිටුවට පත්කළ සාමාජිකයින් පිළිබඳව ජනාධිපතිවරයා දැනුවත් කර නොමැති…

ශ්‍රී ලංකා ක්‍රිකට් බේරාගන්න “කැප්ටන් කූල්” කැඳවයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා අර්ජුන රණතුංග මහතාගේ සභාපතිත්වයෙන් අතුරු කමිටුවක් පත්කර තිබේ. ක්‍රිකට් විචාරකයින් අර්ජුන රණතුංග මහතා හඳුන්වන ලද්දේ “කැප්ටන් කූල්” වශයෙනි. ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාට ලැබී ඇති බලතල අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා මෙම  අතුරු කමිටුව  පත්කර ඇති බව අද නිවේදනය කළේය.. එම කමිටුව පුද්ගලයන් 7 දෙනෙකුගෙන් සමන්විත වෙයි. ඒ සමගම ශ්‍රී…

තහනමට ලක් වූ සමාගමක් හිග බදු ගෙවා බලපත්‍රය ලබාගනී

හිග බදු නොගෙවීම නිසා  මත්පැන් නිෂ්පාදන බලපත්‍රය තහනම් කර තිබූ සමාගම් පහෙන් එකක් හිග මුදල් ගෙවා තහනම ඉවත් කරවා ගෙන ඇති බව වාර්තා වෙයි. එලෙස බලපත්‍රය ලබාගෙන ඇත්තේ  ෆින්ලන්ඩ් ඩිසටලරීස් සමාගම යි.  නියමිත පරිදි බදු ගෙවීමෙන් පසුව, අදාල සමාගමට මත්පැන් නිෂ්පාදන බලපත්‍රය ලබා දී ඇති බව දැනගන්නට ඇත. මේ වන විට බලපත්‍රය ලබාගෙන ඇත්තේ ෆින්ලන්ඩ්…

ප්‍රතිසංස්කරණ රැසක් ; අධ්‍යාපනයට බිලියන 465ක් වෙන් කරයි

2024 වර්ෂය සඳහා ප්‍රාථමික සහ ද්විතීයික අධ්‍යාපනය වෙනුවෙන් රුපියල් බිලියන 255ක් වෙන් කිරීමට සහ උසස් අධ්‍යාපනය වෙනුවෙන් තවත් රුපියල් බිලියන 210ක් වෙන් කිරීමට අපේක්ෂා කරන බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් පැවසීය. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් වැඩිකල හැක්කේ කෙසේ ද යන්න පිළිබඳව මේ වන විට සාකච්ඡා ආරම්භ කර තිබෙන බව ද රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය. උසස්…

පොලිස්පතිගේ සේවා දිගුව : ජනපතිගෙන් ව්‍යවස්ථා සභාවට නීතිමය පාඩමක්!

පොලිස්පතිවරයා ලෙස පත්කිරීමට සී.ඩී. වික්‍රමරත්න ගේ නම හැර වෙනත් නමක් තමන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නිර්දේශ කර නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ ව්‍යවස්ථාදායක සභාවේ ප්‍රධානී කතානායක මහින්ද යාපා අබේවර්ධන ට මේ සතියේ ලිඛිතව දැනුම් දී ඇතැයි ‘දේශය (Deshaya)’ ජාතික පුවත්පත වාර්තා කරයි. ජනාධිපතිවරයා මෙම ලිඛිත දැනුම්දීම සිදුකර ඇත්තේ ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයා වෙත ලිපියක් යොමුකරමින් පොලිස්පති ධූරයට පත්කිරීම සඳහා සුදුසුකම්…

පොලිස්පති සී ඩී වික්‍රමරත්නට තවත් සේවා දිගුවක්

  පොලිස්පති සී ඩී වික්‍රමරත්න මහතාට තවත් සති තුනක සේවා දිගුවක් ලබා දී තිබේ. මෙය ඒ මහතාට ලැබුණු සිව්වන සේවා  දිගුවයි. මීළඟ පොලිස්පති ලෙස පත්වීමට සුදුසුකම් ඇති ජෙෂ්ට නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනාටම චෝදනා එල්ල වී තිබීම නිසා නව පොලිස්පති පත්කිරීම අර්බුදයක් බවට පත්ව තිබේ.

|

ලංවිම, ශ්‍රී ලන්කන් හරහා ඉන්දියානු ණය ගෙවන්න රුපියල් කොටි 231 ක් අනුමතයි

  ලංකා විදුලිබල මණ්ඩලයේ සහ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ණය කොටසක් ගෙවා එම මුදලින් ම ඉන්දියානු ණය ගෙවීම සඳහා රුපියල් කොටි 231 ක් ලබාදීමට අනුමැතිය හිමි වී ඇති බව වාර්තා වෙයි ඒ සඳහා රුපියල් බිලියන 231.5 ක අමතර වියදම් කිරීමට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාව අනුමත කර ඇති බව නිවේදනය කොට තිබේ….

සීනි බද්ද ඉහළට:සීනි මිල නඟි

  සුදු සීනි ආනයනය කිරීමේදී කිලෝවක් සඳහා මෙතෙක් පැවැති සත 25 බද්ද අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 50 දක්වා වැඩි කර ඇතැයි සීනි ආනයනයකරුවෝ පවසති. මුදල් අමාත්‍යාංශය විසින් මෙම සීනි බද්ද යලි ඉහළ නංවා තිබේ. සීනි බද්ද වැඩි කිරීම හේතුවෙන් සුදු සීනි කිලෝවක තොග මිල රුපියල් 265 සිට රුපියල් 300,- 325 වශයෙන් වැඩි වන බව…

සියැට් කැලණි ටයර් 25 වන සැමරුම ජනපති ප්‍රධානත්වයෙන්

සියැට් කැලණි ටයර් ව්‍යාපාරයේ 25 වන සැමරුම් උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (31) පස්වරුවේ කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ දී පැවැත්විණි. වසර 25ක ව්‍යාපාරික විශිෂ්ටත්වය සනිටුහන් කරමින් සියැට්-කැලණි ටයර් ව්‍යාපාරය රාජ්‍ය ව්‍යවසායක සිට සාර්ථක පෞද්ගලික ව්‍යාපාරයක් දක්වා පැමිණි විශිෂ්ට ගමන් මග මෙහිදී ප්‍රශංසාත්මකව අගය කළ ජනාධිපතිවරයා එය ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළට පිවිසීමට අපේක්ෂා කරන පාර්ශ්වයන්ට මහඟු…