තහනමට ලක් වූ සමාගමක් හිග බදු ගෙවා බලපත්‍රය ලබාගනී

හිග බදු නොගෙවීම නිසා  මත්පැන් නිෂ්පාදන බලපත්‍රය තහනම් කර තිබූ සමාගම් පහෙන් එකක් හිග මුදල් ගෙවා තහනම ඉවත් කරවා ගෙන ඇති බව වාර්තා වෙයි.

එලෙස බලපත්‍රය ලබාගෙන ඇත්තේ  ෆින්ලන්ඩ් ඩිසටලරීස් සමාගම යි.  නියමිත පරිදි බදු ගෙවීමෙන් පසුව, අදාල සමාගමට මත්පැන් නිෂ්පාදන බලපත්‍රය ලබා දී ඇති බව දැනගන්නට ඇත.

මේ වන විට බලපත්‍රය ලබාගෙන ඇත්තේ ෆින්ලන්ඩ් සමාගම පමණක් බවද සුරාබදු දෙපාර්තමේන්තුව සදහන් කර තිබේ.

හිග බදු ගෙවා නොමැති මෙන්ඩිස් සමාගම, වයඹ ඩිස්ටලරීස්, සිනේජි ඩිස්ටලරීස් සහ රන්දෙනිගල ඩිස්ටලරීස් යන සමාගම්වලට පනවා ඇති බලපත්‍ර තහනම තවදුරටත් ක්‍රියාත්මක බවද සුරාබදු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *