” රනිල්ට අභියෝග කළ හැක්කේ සජිත්ට නොව අනුර කුමාරටයි ” ; විපක්ෂයේ මුළු ශක්තිය ඔහුට දෙන්න යෝජනාවක්

    ඉදිරි ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහතාට හොඳ සටනක් දිය හැක්කේ සජිත් ප්‍රේමදාස මහතාට නොව අනුර කුමාර දිසානායක මහතාට බවත්, එබැවින් විපක්ෂයේ මුළු ශක්තිය ඔහුට ලබාදිය යුතු බවත්, නිදහස ජනතා සභාවේ මන්ත්‍රී පිරිසක් ප්‍රකාශ කරන බව තතු දත් දේශපාලන ආරංචි මාර්ග කියයි. එබැවින් සජිත් ප්‍රේමදාස මහතා සමග පමණක් සන්ධාන ගතව ඔහුට වෙන ම තරග…

පොහොට්ටුවේ සහාය රනිල්ටයි – රාජ්‍ය ඇමති දිළුම් අමුණුගම

  ඉදිරි ජනාධිපතිවරණයට රනිල් වික්‍රමසිංහ මහතා තරග වදින්නේ නම් ඔහුට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහය හිමිවන බව රාජ්‍ය ඇමති දිළුම් අමුණුගම මහතා සඳහන් කරයි. වික්‍රමසිංහ මහතා පොදු ජන පෙරමුණේ බහුතර මන්ත්‍රී ඡුන්දයෙන් ජනාධිපති ධුරයට පත් වූ නිසා ජනාධිපතිවරණයේදීද ඔහුට සහයෝගය ලබාදීමේ ගැටලුවක් නැති බවද හෙතෙම පෙන්වා දෙයි. මේ වන විට රට යළි යථා තත්ත්වයට පත්වෙමින්…

පාර්ලිමේන්තු සභාවාරය කල්දමයි ? නව සභාවාරය පෙබරවාරි 7 දා ?

  පාර්ලිමේන්තු සභාවාරය කල් දමා නැවත කැඳවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කොට ඇති බව තතුදත් ආරංචි මාර්ග මගින් යුක්තියට දැනගන්නට ඇත. නව සභාවාරය පෙබරවාරි 7 දා කැඳවීමට නියමිතව ඇත. පරිලිමෙන්තුවට ඉදිරිපත් කොට ඇති ඇතැම් පනත් සම්මත වීමෙන් පසු මෙම තීරණය ක්‍රියාවට නගනු ඇතැයි කියති. රටේ බංකොලොත්භාවය අවසන් බව ප්‍රකාශයට පත් කරමින්, ආර්ථිකය ස්ථායි කිරීමෙන්…

සජබ සමරවීර වීරවන්නි එජාපයට

බදුල්ල දිස්ත්‍රික්කයේ වැලිමඩ ආසනයේ සමගි ජන බලවේගයේ ප්‍රබල දේශපාලනඥයකු වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමරවීර වීරවන්නි මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරමින් එක්සත් ජාතික පක්ෂයට එක් විය. සිරිකොත පක්ෂ මූලස්ථානයේ පෙරේදා (01) පැවැති වර්ෂාරම්භක උත්සවය අවස්ථාවේදී ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක සාගල රත්නායක, එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්…

‘වැල් පාලමෙන්’ පසු ජනාධිපතිගෙන් නව සැලසුමක් !

ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් සහ ආර්ථිකය ස්ථාවර කිරීමේ ක්‍රියාවලියේ සාර්ථකත්වයෙන් පසු ආර්ථික වර්ධනය සඳහා නව වැඩ පිළිවෙළක් ප්‍රකාශයට පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සැලසුම් කර ඇති බව ආණ්ඩුවේ තතු දත් ආරංචි මාර්ග කියයි. මෙම නව සැලසුම තවත් මාසයක කාලයක් ඇතුළත ප්‍රකාශයට පත් කරනු ඇතැයි ද කියති. රටේ ආර්ථිකය ස්ථාවර කිරීමේ අසීරු තීරණ ගෙන අවසන් බවත්,…

|

ඩොලරයේ මිල කැපීපෙනෙන ලෙස පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක රුපියල් වටිනාකම කැපීපෙනෙන ලෙස පහළ ගොස් ඇති බව නිරීක්ෂණය කළ හැකිවේ. ඒ අනුව අද (02) දින ඩොලරයක ගැනුම් මිල රු. 316.92 ක් ලෙසත් විකුණුම් මිල රු. 326.85 ක් ලෙසත් සටහන්ව තිබෙන අතර ඊයේ (01) මෙම අගය සටහන්ව තිබුණේ ගැනුම්…

රනිල්ට සහයදෙන බව නව සන්ධානය කියයි

ඉදිරි ජනාධිපතිවරනයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට සහයදෙන බව නව සන්ධානය පවසයි.2024 ජනාධිපතිවරණය ඉලක්ක කොටගෙන නව සන්ධානය සිය මෙහෙයුම් ආරම්භ කිරීම නව සන්ධානයේ මෙහෙයුම් නායක කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා, නව සන්ධානයේ නිර්මාතෘ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා සහ එම සන්ධානයේ පුත්තලම දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රියංකර ජයරත්න ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (01) දින…

විදෙස් බලවේග පැරදූ පොහොට්ටුවට ස්තුතියි – එජාප සභාපති වජිර අබේවර්ධන

  අරගල අවස්ථාවේදී විදේශ බලවේග පරාජය කළ පොහොට්ටුව නැමැති සිංහල බෞද්ධ බලවේගයට ස්තුතිවන්ත විය යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය. පොහොට්ටුව ශ්‍රී ලාංකික ජනතාවට යටත් වුවද විදේශ බලවේගවලට යටත් වුණේ නැතැයි වජිර අබේවර්ධන මහතා කීය. අරගල අවස්ථාවේ දී ජාත්‍යන්තරය  පොහොට්ටුවෙන් කළ ඉල්ලීම හොඳින්ම දන්නා බව කී අබේවර්ධන මහතා නමුත්…

|

මහ බැංකුවේ විදේශ සංචිත ඩොලර් බිලියන 4.3 කට ඉහළ යයි

  2023 වසර අවසන් වන විට ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 4.3 ක් හෙවත් මිලියන 4300 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කරයි. මහ බැංකුව මෙම වසර තුළ ඩොලර් මිලියන 1900 ක් වෙළෙඳ පොලෙන් මිල දී ගෙන ඇත. ඊට අමතරව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලින් සහ ලෝක…

ඩොලරය තව ටිකක් බසී

  අද ( ජනවාරි 1 ) දින සවස් වන විට ඩොලරයේ අගය මද වශයෙන් පහළ ගොස් ඩොලරයට රුපියල් 322.20/40 ලෙස සටහන් වූ බව වාර්තා වෙයි. පසුගිය සිකුරාදා එය සටහන් වුයේ 323.90 /324.00 වශයෙනි.

අසීරු තීරණ ගෙන අවසන් ; ඉදිරියේ දී ජනතාවට සහන දෙනවා – ජනාධිපති රනිල් වික්‍රමසිංහ

    රට ගොඩ ගැනීමට අවශ්‍ය අසීරු තීරණ මේ වන විට ගෙන අවසන් බවත්, ඉදිරියේ දී ජනතාවට සහන සැලසීමට ක්‍රියා කරන බවත්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ ය. අවශ්‍ය නිවැරදි තීන්දු තීරණ  සමඟ මෙම වසර ඇතුලත ශ්‍රී ලංකාව ශීඝ්‍ර ආර්ථික වර්ධනයක් කරා ගෙන යන බව  ද  වික්‍රමසිංහ මහතා පැවසීය. ඒ නව ගමන වෙනුවෙන් වු…

විදෙස් සංචාරකයෝ ඉලක්කය ළඟට ම එති

    2023 වසරේ මෙරටට සංචාරකයින් ගෙන්වා ගැනීමේ ලක්ෂ 15 ක ඉලක්කය ආසන්නයට ම පැමිණෙමින් වසර තුළ සංචාරකයින් 1,487,303 ක් පැමිණ ඇති බව වාර්තා වෙයි. එය ඉලක්කයට වඩා 12,697 කින් අඩු සංඛ්‍යාවකි. දෙසැම්බර් මාසයේ සංචාරකයින් 210,000 ක් පැමිණ ඇති අතර එය මසක් තුළ පැමිණි වැඩි ම සංචාරක සංඛ්‍යාව ලෙස වාර්තා වෙයි.