” රනිල්ට අභියෝග කළ හැක්කේ සජිත්ට නොව අනුර කුමාරටයි ” ; විපක්ෂයේ මුළු ශක්තිය ඔහුට දෙන්න යෝජනාවක්

 

 

ඉදිරි ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහතාට හොඳ සටනක් දිය හැක්කේ සජිත් ප්‍රේමදාස මහතාට නොව අනුර කුමාර දිසානායක මහතාට බවත්, එබැවින් විපක්ෂයේ මුළු ශක්තිය ඔහුට ලබාදිය යුතු බවත්, නිදහස ජනතා සභාවේ මන්ත්‍රී පිරිසක් ප්‍රකාශ කරන බව තතු දත් දේශපාලන ආරංචි මාර්ග කියයි.

එබැවින් සජිත් ප්‍රේමදාස මහතා සමග පමණක් සන්ධාන ගතව ඔහුට වෙන ම තරග කරන්නට සහය දීමට එම පිරිස සිය විරුද්ධත්වය ප්‍රකාශ කොට තිබේ. ඔවුන් කියන්නේ විපක්ෂයෙන් අපේක්ෂකයින් දෙදෙනෙකු තරග කළහොත් රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයෙන් පහසු ජයක් ලබාගනු ඇති බව යි.

මෙම මත ගැටුම හේතුවෙන් නිදහස ජනතා සභාවේ ජී එල් පීරිස්, නාලක ගොඩහේවා, ඩිලාන් පෙරේරා, චන්න ජයසුමන ඇතුළු මන්ත්‍රීවරුන් හය දෙනෙකු එම පක්ෂයෙන් ඉවත් වී සමගි ජන බලවේගය සමග සන්ධාන ගතවීමට යන බව වාර්තා වී ඇත.

ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා මාධ්‍ය හමුවක දී ප්‍රකශ කළේ නිදහස ජනතා සභාවේ නායක ඩලස් අලහප්පෙරුම මහතා ජාතික ජන බලවේගය සමග එක්වනු ඇති බව යි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *