සජබ සමරවීර වීරවන්නි එජාපයට
බදුල්ල දිස්ත්‍රික්කයේ වැලිමඩ ආසනයේ සමගි ජන බලවේගයේ ප්‍රබල දේශපාලනඥයකු වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමරවීර වීරවන්නි මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරමින් එක්සත් ජාතික පක්ෂයට එක් විය. සිරිකොත පක්ෂ මූලස්ථානයේ පෙරේදා (01) පැවැති වර්ෂාරම්භක උත්සවය අවස්ථාවේදී ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක සාගල රත්නායක, එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහත්වරුන් ඇතුළු පක්ෂ සාමාජිකයන් විසින් එජාපයට සහාය පළ කරමින් එක්වූ සමරවීර මහතා පිළිගනු ලැබූ අවස්ථාව ඡායාරූපයේ දැක්වේ.
දිනමිණ

