රනිල්ට ‍දෙන්න ගිය සජිත් පි‍ලේ ලියුම කල්ඉකුත් ‍වෙලා

දින හතක් ඇතුළත් කෘත්‍යාධිකාරි මණ්ඩල‍යේ හා පාර්ලි‍මේන්තු කණ්ඩාය‍මේ ඒකාබද්ධ රැස්වීමක් කැඳවා ජනාධිපති අ‍පේක්ෂකයා ‍තෝරන ‍ලෙස ඉල්ලා සජිත් පිල සකස් කළ ලිපියට අත්සන් ගන්නා අතර එය කල් ඉකුත්ව ‍ගොස් ඇති බව වාර්තා‍වෙයි. එම ලිපිය සකස් කර තිබු‍ණේ දින හතක් ඇතුළත රැස්වීමක් කැඳවන ‍ලෙස කියමිනි. ලිපියට දාතම යොදා තිබු‍ණේ අ‍ගෝස්තු 9 වශ‍යෙනි. ‍කෙසේ ‍වෙතත් දින නමය ‍ගෙවී…

සජිත් පි‍ලෙන් තවත් ‍බොරුවක් – මන්ත්‍රීන් 26ක් ආවාම 97ක් ආ බව කියයි

සජිත් ‍ප්‍රේමදාස මහතා හා පළාත් සභා මන්ත්‍රීවරුන් අතර තලවතුගොඩ ග්‍රෑන්ඩ් ‍මොනැච් හෝටල‍යේ වි‍රෝධය දැඩි ‍වෙමින් පැවති රැස්වීමට පැමිණි‍යේ 26 ‍දෙ‍නෙකු වුව ද අජිත් පී. ‍පෙ‍රේරා මන්ත්‍රිවරයා මාධ්‍යයට ප්‍රකාශ කළේ 91 ‍දෙනකු පැමිණ සිටි බවයි. ‍මෙම සංඛ්‍යාව ‍බොරු බව එතැන සිටි උදවියම අන්තර්ජාල‍යේ අදහස් ප්‍රකාශ කරමින් ‍හෙළිකොට ඇත.‍ මෙලෙස ‍බොරු කියමින් මාධ්‍ය සංදර්ශන පවත්වමින් පක්ෂය භේද…

සජිත් බොරු වපුරයි ! නිළ ප්‍රකාශ‍කයෙකු පත් කිරීමට රනිල්ගෙන් තීරණයක් !

එජාපය ප්‍රමුඛ සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට බලා සිටින සජිත් ප්‍රේමදාස මහතාගේ වගකීම් විරහිත ක්‍රියාකලාපය හේතුවෙන් එක්සත් ජාතික පක්ෂය මෙන්ම එජාපය සමග සිටින සෙසු දේශපාලන පක්ෂ ද දැඩි අපහසුතාවයට පත්ව ඇති බව වාර්තා වේ. පසුගියදා රාජිත සේනාරත්න ඇමතිවරයාගේ නිළ නිවසේදී රැස් වූ එජාප සන්ධානයේ පක්ෂ නියෝජිතයන්ගේ රැස්වීමේදී බිහිකරන නව සන්ධානයට අදාල ව්‍යවස්ථාව සම්බන්ධයෙන් සාකච්ඡා…

කවුරු ‍‍මොන ‍‍සෙල්ලම් දැමුවත් ජනපතිවරණය ‍දෙසැ:8ට ‍‍පෙර – ඇමති වජිර අ‍‍බේවර්ධන

කවුරුන් ‍මොන ‍මොනවා කරන්න සැලසුම් කළත් සැප්තැම්බර් ‍‍දෙවනදාට පසුව ඕනෑම අවස්ථාවක ජනාධිපතිවරණය කැඳවීම සිදු විය හැකි බවත්, ‍‍දෙසැම්බර් 8දාට ‍‍පෙර එය පවත්වා අවසන් කළ යුතු බවත් ස්ව‍‍දේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අ‍‍බේවර්ධන මහතා ප්‍රකාශ ක‍‍ළේය. ජනාධිපතිවරණ‍යෙන් වත්මන් ජනාධිපතිවරයා ජයගත‍‍හොත් ඔහු‍‍ගේ මුළු නිල කාලය ජනවාරි 8දා නිම කොට නව තනතු‍‍රේ දිවුරුම් දියහැකි…

නායකතුමාට වචනයක් කියන්න එපා. පක්ෂය ‍‍‍‍‍බේරාගත්‍‍තේ එතුමා – සජිත් පි‍‍‍ලේ වසන්තට පාක්ෂිකයන්‍ගෙන් වි‍‍‍රෝධය

‍‍පොළාන්නරුව, දිඹුලාගල, දළුකාන හි දී පැවති රැස්වීමක දී එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා වි‍‍වේචනය කිරීමට ගිය සජිත් පි‍‍‍ළේ වසන්ත ‍‍සේනානායක මන්ත්‍රීවරයාට ‍එජාප පාක්ෂිකයන්‍‍ගේ වි‍‍රෝධය ඉදිරි‍‍යේ කතාව ‍‍වෙනස් කරන්නට සිදුවිය. එජාප නායකයා වි‍‍වේචනය කරන ප්‍රකාශ‍යක් වසන්ත ‍‍සේනානායක කරන විට “නායකතුමාට වචනයක් කියන්න එපා. පක්ෂය ‍‍බේරාගත්‍‍තේ නායකතුමා”  කියමින් උස්හඬික් කිසිවකු කතා කළ අතර සභා‍‍වේ සිටි පිරිසක‍‍ගේ සහය…

‘ජනපතිවරණය පහසුවෙන් ජයගැනීමට එජාපය එකමුතුව ඉදිරියට යා යුතුයි’ – අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ

  එළඹෙන ජනාධිපතිවරණය පහසුවෙන් ජයග්‍රහණය කළ හැකි අතර ඒ සඳහා එක්සත් ජාතික පක්ෂයේ සියලුදෙනා එකමුතුව හා එක්සත්ව නව සන්ධානය පිහිටුවා ගනිමින් ශක්තිමත්ව ඉදිරියට යා යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයේදී අද(19) පැවසීය.   2015 සිට විවිධ අභියෝග හා දුෂ්කරතාවලට මුහුණ දෙමින් බහුතර බලයක් නොමැතිව තම ආණ්ඩුවට විශාල සංවර්ධන වැඩ කොටසක් සිදු කිරීමට හැකි…

ඇයි අපට JVP එකට සහාය දෙන්න බැරි ? – රනිල් අසයි !

ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ඊයේ (18) නම් කරනු ලැබූ අනුර කුමාර දිසානායක මහතාට සහාය දිය යුතුය යන්න තම පෞද්ගලික අදහස බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබේ. තම සමීපතම අභ්‍යන්තර කවයේ හිතවතුන් පිරිසක් සමඟ ඊයේ රාත්‍රියේ පැවති සංවාදයකදී ඒ මහතා මේ බව සඳහන් කර ඇත.  “මම තාම තීරණයක් අරගෙන නෑ, මම ඉදිරිපත්…

අපේ රාජ්‍යය අභිමානවත් රාජ්‍යයක් කළ යුතුයි – ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර දිසානායක

අද අපේ රටේ දේශපාලනය කැත, ගඳගහන, පිළිකුල් දේශපාලන පොරපිටියක් බවට පත්වී තියෙනව. මේ කැත, දූෂිත, පිළුණු වු දේශපාලන පොරපිටිය වෙනුවට පිරිසිඳු මහජනයාට ලෙංගතු, අවංක දේශපාලන පොරපිටියක් නිර්මාණය කරන බවට මේ රටේ ජනතාවට අපි සපථ කර ප්‍රකාශ කර සිටිනවා. ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා එසේ ප්‍රකාශ කරන ලද්දේ ඊයේ (18) සවස ගාලු මුවදොර පිටියේ…

ජනාධිපති අපේක්ෂක තේරීම වැරදියි ; මාධ්‍යවේදීන්ට හිරිහැර කරන කෙනෙක් මේ රටට එපා – කුමාර වෙල්ගම

                         අපි ඊයේ මගෙ ගමේ ආරම්භ කළා මොටර් රථ අමතර කොටස් ගෙනල්ලා, අපේ රටේ කොටසුත් දාලා මෝටර් රථයක් නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක්. ඒකට ආරාධනා කළා ඒකට ආරාධනා කළා අග්‍රාමාත්‍යතුමාට, ඒකට ආරාධනා කළා මහින්ද රාජපක්ෂ මැතිතුමාට මහින්ද රාජපක්ෂ මහත්තයට එන්න බැරිවුණා. ඒතුමා කිව්ව එතුමාගෙ මල්ලි ජනාධිපති අපේක්ෂකයා නිසා, මල්ලිත් එක්ක ගමන් යොදාගෙන තිබුණ නිසා එන්න බැරිවුණා කියල….

ජාතික ජනබලවේගයේ ජනපති අපේක්ෂක ‘අනුර කුමාර‘

ජාතික ජන බලවේගයේ  ජනාධිපති අපේක්ෂක ලෙස  අනුර කුමාර දිසානායක මහතා  නම් කළේය. සිවිල්  සංවිධාන  සහ දේශපාලන පක්ෂ 28 කින් සමන්විත  ජාතික ජන බලවේගයේ  කොළඹ ගාලුමුවදොර පිටියේදී  මේ වන විට  පැවැත්වෙන  රැළියේදී  මෙලෙස ඔහු  ජනපති අපේක්ෂක ලෙස නම් කෙරිණි.

ගෝඨාගේ ප්‍රචාරණ ව්‍යාපෘතියට ඇමරිකානු සමාගමක් එයි – විමල්ට ගම්මන්පිලට ඇඩ්‍රස් නෑ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා වන ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පූර්ව මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපෘතිය සඳහා විශේෂඥ උපදෙස් ලබාගැනීමට ඇමරිකානු සමාගමක් සම්බන්ධ කරගෙන ඇතැයි වාර්තා වේ.  සමස්ත ප්‍රචාරණ ව්‍යාපෘතිය නිරීක්ෂණය කරමින් ඊට නව සංකල්ප හඳුන්වා දීමත් දුර්වලතා හඳුනාගෙන ඒවාට පිළියම් වශයෙන් යෝජනා ඉදිරිපත් කිරීමත් මෙම සමාගමට පැවරී ඇති බව සඳහන්.  විශේෂයෙන්ම ජනාධිපතිවරණය සඳහා තවත් මාස හතරක…

මහින්ද්‍රා ශ්‍රී ලංකාවේ පළමු මෝටර් රථ එකලස් කිරීමේ කම්හල අගමැති අතින්  විවෘත වෙයි

මහින්ද්‍රා ශ්‍රී ලංකාවේ පළමු මෝටර් රථ එකලස් කිරීමේ කම්හල අගමැති අතින් විවෘත වෙයි

මහින්ද්‍රා සමාගමේ වාහන එක්ලස් කිරීමේ කර්මාන්ත ශාලාව විවෘත කිරීමේ උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මතුගම, වැලිපැන්නේදී පැවැත්විණි. 2019 අගෝස්තු 17 කොළඹ ශ‍්‍රී ලංකාව ඇමරිකානු ඩොලර් බිලියන 20.7 ක වත්කමක් ඇති මහින්ද්‍රා සමුහයේ අනුබද්ධ ආයතනයක් වන මහින්ද්‍රා සහ මහින්ද්‍රා සමාගම ශ‍්‍රී ලංකාවේ කොළඹට නුදුරු වැලිපැන්න හි දී තම දේශීය මෝටර් රථ එකලස් කිරීමේ කම්හල ඇරඹීමත්…