සජිත් බොරු වපුරයි ! නිළ ප්‍රකාශකයෙකු පත් කිරීමට රනිල්ගෙන් තීරණයක් !
එජාපය ප්රමුඛ සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට බලා සිටින සජිත් ප්‍රේමදාස මහතාගේ වගකීම් විරහිත ක්‍රියාකලාපය හේතුවෙන් එක්සත් ජාතික පක්ෂය මෙන්ම එජාපය සමග සිටින සෙසු දේශපාලන පක්ෂ ද දැඩි අපහසුතාවයට පත්ව ඇති බව වාර්තා වේ.
පසුගියදා රාජිත සේනාරත්න ඇමතිවරයාගේ නිළ නිවසේදී රැස් වූ එජාප සන්ධානයේ පක්ෂ නියෝජිතයන්ගේ රැස්වීමේදී බිහිකරන නව සන්ධානයට අදාල ව්‍යවස්ථාව සම්බන්ධයෙන් සාකච්ඡා සිදුකළ අතර ඒ සඳහා සජිත් පාර්ශ්වය ද සහභාගි වී තිබිණි. එහිදී සියලු දෙනාගේ එකඟතාවයෙන් සන්ධාන ව්‍යවස්ථාව සකස් කිරීමට තීරණය කෙරිණි.
කෙසේ වෙතත් මෙම රැස්වීම සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස මහතා දෙරණ මාධ්‍ය ආයතනය වෙත ප්‍රකාශ කර තිබුණේ අර්බුද රැසක් සමගින් රැස්වීම තීරණයකින් තොරව අවසන් වූ බවයි. එහිදී දැඩි මතභේදාත්මක තත්වයක් ඇති වූ බවත් කිසිදු එකඟතාවයක් ඇති නොවූ බවත් සජිත් ප්‍රේමදාස මහතා දෙරණ වෙත පවසා තිබෙනවා.
සජිත්ගේ මෙම ප්‍රකාශය දෙරණ හරහා ප්‍රචාරය වූ අතර ඉන්පසු දැඩි සේ කලබල වී ඇත්තේ අමාත්‍ය රාජිත සේනාරත්න මහතාය. එජාපය හා සෙසු පක්ෂ අතර ගොඩනැගෙන නව සන්ධානයේ සියලු සම්බන්ධීකරණ කටයුතු සිදු කරන්නේ රාජිත සේනාරත්න අමාත්‍යවරයා විසිනි. එසේම අදාල රැස්වීම පැවතියේ ඔහුගේ නිළ නිවසේදීය.
දෙරණ හරහා අදාල රැස්වීම සම්බන්ධයෙන් ප්‍රචාරය වූ අසත්‍ය කරුණු පිළිබඳව ඔහු වහාම දෙරණ කළමනාකාරීත්වයෙන් විමසා ඇති අතර ඔවුන් පවසා ඇත්තේ තමන් ප්‍රචාරය කළේ සජිත් ප්‍රේමදාස මහතා ලබාදුන් ප්‍රකාශය බවයි. ඊට අදාල හඬපට තමන් සතුව ඇති බවත් දෙරණ කළමනාකාරීත්වය පවසා තිබෙනවා.
ඉන්පසු සිදුව ඇති අර්බුදකාරී තත්වය සම්බන්ධයෙන් රාජිත සේනාරත්න අමාත්‍යවරයා එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා දැනුවත් කර තිබේ. මේ සම්බන්ධයෙන් රාජිත – රනිල් දෙදෙනා දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති අතර අවසානයේ එකඟතාවයකට පැමිණ ඇත්තේ නව සන්ධානයේ කටයුතු හා ඉදිරි මැතිවරණ ඉලක්ක කර ගනිමින් පක්ෂයේ නිළ ප්‍රකාශකයෙකු පත් කළයුතු බවයි.
ඒ සම්බන්ධයෙන් පක්ෂයේ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතාට උපදෙන් ලබාදෙන බව එජාප නායකයා පවසා ඇති අතර ඔහු රාජිත අමාත්‍යවරයාට දන්වා ඇත්තේ ඒ පිළිබඳව පක්ෂ ලේකම්වරා සමග සාකච්ඡා කරන ලෙසයි.
ඒ අනුව ඉදිරියේදී පක්ෂයේ නිළ ප්‍රකාශකයෙකු පත් කිරීමට නියමිත අතර බොහෝදුරට එම ප්‍රකාශකයා රාජිත සේනාරත්න මහතා වියහැකි බවයි එජාප ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
මේ අතර තමන් ප්‍රචාරය කළ පුවත සම්බන්ධයෙන් දෙරණ පාලනාධිකාරිය රාජිත සේනාරත්න මහතාගෙන් සමාව ඉල්ලා ඇති අතර, ඉදිරියේදී සජිත් ප්‍රේමදාස මහතාගේ කිසිදු ප්‍රකාශයක් ප්‍රචාරය නොකරන බවත්, කිසිදු හේතුවක් මත ඔහු සමග සබඳතා නොපවත්වන බවත් දෙරණ ප්‍රකාශ කර තිබේ.
අතේ පැලවෙන බොරු කිසිදු හිරිකිතයකින් තොරව ප්‍රසිද්ධ මාධ්‍ය වෙත ලබාදෙන මෙවැනි පුද්ගලයෙකු ජනාධිපති තනතුරට පත්වුවහොත් රටට යන කලදසාව සම්බන්ධයෙන් සිතාගත හැකි බවද රාජිත සේනාරත්න මහතාට ප්‍රතිචාර දැක්වූ දෙරණ නියෝජිතයා පවසා තිබෙනවා.
ජනාධිපති අපේක්ෂකත්වය ඉල්ලමින් රටපුරා යන සජිත් ප්‍රේමදාස මහතා ඉටුකළ නොහැකි පොරොන්දු ලබාදීම සහ එජාපය දුර්වල කිරීම හැරෙන්නට ජනාධිපතිවරණයෙන් ජය ගැනීම සඳහා හෝ ජනතාවගේ විශ්වාසය දිනා ගැනීම සඳහා හෝ අවම වශයෙන් වැඩපිළිවෙලක් හෝ තවම ඉදිරිපත් කර නොමැත.
LNW
