මහින්ද්‍රා ශ්‍රී ලංකාවේ පළමු මෝටර් රථ එකලස් කිරීමේ කම්හල අගමැති අතින් විවෘත වෙයි

මහින්ද්‍රා සමාගමේ වාහන එක්ලස් කිරීමේ කර්මාන්ත ශාලාව විවෘත කිරීමේ උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මතුගම, වැලිපැන්නේදී පැවැත්විණි.

2019 අගෝස්තු 17 කොළඹ ශ‍්‍රී ලංකාව ඇමරිකානු ඩොලර් බිලියන 20.7 ක වත්කමක් ඇති මහින්ද්‍රා සමුහයේ අනුබද්ධ ආයතනයක් වන මහින්ද්‍රා සහ මහින්ද්‍රා සමාගම ශ‍්‍රී ලංකාවේ කොළඹට නුදුරු වැලිපැන්න හි දී තම දේශීය මෝටර් රථ එකලස් කිරීමේ කම්හල ඇරඹීමත් සමග ගෝලීය වශයෙන් තම ව්‍යාප්තිය සඳහා දැවැන්ත පියවරක් තබා ඇත.

මහින්ද්‍රා අයිඩියල් වශයෙන් නම් කරන ලද මෙම එකලස් කිරීමේ කර්මාන්ත ශාලාව අයිඩියල් මෝටර්ස් සමඟ සහයෝගීතාවයෙන්  කටයුතු කරනු ලබයි.

මෙම නවතම එකලස් කිරීමේ කර්මාන්ත ශාලාව අද දින තම පළමු නිෂ්පාදනය වන Mini SUV KUV1OO එළි දැක්වූ අතර ඉදිරි වසර තුන තුළ තවත් නිෂ්පාදන රාශියක් එළි දක්වනු ඇත.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් තරංජිත් සිං සන්ධු මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කුමාර වෙල්ගම, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, හිටපු පළාත් සභා මන්ත්‍රී ජගත් විතානගේ, අයිඩියල් ලංකා පුද්ගලික සමාගමේ සභාපති නලින් ජේ. වෙල්ගම, එම සමාගමේ විධායක අධ්‍යක්‍ෂක අරවින්ද ද සිල්වා, මහින්ද්‍රා මෝටර් සමාගමේ කළමනාකරණ අධ්‍යක්‍ෂක පවන් ගොඑන්කා යන මහත්ම මහත්මීන් ඇතුළු ප්‍රාදේශීය දේශපාලනඥයන් සහ එම සමාගම්වල නිලධාරීන් රැසක් සහභාගිවී සිටියහ.

අද දෙරණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *