විදුලිබල මණ්ඩලයේ සේවකයින්ට දීමනා 36ක්. 10කට කැබිනට් අනුමැතියත් නැහැ – ඇමතිගෙන් අනාවරණයක්

මේ දිනවල විදුලබල මණ්ඩලයේ මානව සම්පත් විගණනයක් සිදුකරනු ලබන බවත්, ඊට අනුව විවිධ දීමනා වර්ග 36 ක් මණ්ඩලයේ නිලධාරීන්ට හා සේවකයින්ට ගෙවනු ලබන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. ඊයේ (26) විකාශය වූ දෙරණ 360 වැඩිසටහන සමඟ එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. මෙහිදී වැඩිදුරටත් අමාත්‍යවරයා අනාවරණය කළේ, මෙම දීමනා 36 න්…

|

SME ව්‍යවසායකයින් ගොඩගන්න රු. බිලියන 20ක ව්‍යාපෘතියක්

ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශය නැවත පණ ගැන්වීම සඳහා ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම පවතින ආර්ථික පසුබෑමේ ප්‍රතිඵලයක් වශයෙන් සහ සිය පාලනයෙන් තොර බාහිර සාධකවල බලපෑම හේතුවෙන් නිෂ්පාදන, ආනයන, අපනයන, සංචාරක, ඇඟළුම් සහ වෙනත් විවිධ වාණිජ මෙහෙයුම් ආශ්‍රිත ව්‍යාපාරික කටයුතුවල යෙදෙන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සැලකිය යුතු පිරිසකට සිය ව්‍යවසායයන් තවදුරටත් පවත්වාගෙන…

|

ETCA ට අමතරව ඉන්දු ලංකා ආයෝජන ප්‍රවර්ධන ගිවිසුමක්

අන්‍යෝන්‍ය ආයෝජන ප්‍රවර්ධන ගිවිසුමකට එළඹීම සඳහා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව එකඟතාවයකට පැමිණ ඇති බව වාර්තා වෙයි. දෙරට අතර අත්සන් කෙරෙන විස්තීරණ වෙළෙඳ ගිවිසුම හෙවත් ECTA ගිවිසුමට අමතර වශයෙන් දෙරටේ ආයෝජන ප්‍රවර්ධනය සඳහා මෙම නව ගිවිසුමට එළඹීමට නියමිත ය. ECTA ගිවිසුම සම්බන්ධ සාකච්ඡා ද අවසන් අදියරට පැමිණ ඇති බව කියති.

උද්ධික ප්‍රේමරත්න මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි

  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී උද්ධික ප්‍රේමරත්න මහතා සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වී ඇත. විමල් වීරවංශ මහතා නායකත්වය දරන ජාතික නිදහස් පෙරමුණේ සාමාජිකයකු වන ඔහු පාර්ලිමේන්තුවා නියෝජනය කළේ අනුරාධපුර දිස්ත්‍රික්  මන්ත්‍රීවරයකු වශයෙනි.  

දේශබන්දු පොලිස්පති කරන්න කතානායක දුන් ඡන්දය වලංගු නැහැ – සජිත් ප්‍රේමදාස

    ව්‍යවස්ථා සභාවේ දී කතානායකවරයාට ඡන්දය ප්‍රකාශ කළ හැක්කේ ඡන්ද සම වූ අවස්ථාවක පමණක් බවත්, එබැවින් දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති කිරීමට ව්‍යවස්ථා සභාවේ බහුතර අනුමැතිය ලැබී නැති බවත්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියයි. තෙන්නකෝන් මහතා පත්කිරීමට ව්‍යවස්ථා සභාවේ සාමාජිකයින් හතර දෙනෙකු පක්ෂ වූ අතර දෙදෙනකු විරුද්ධ වූ බවත්, දෙදෙනකු ඡන්දය නොදුන් බවත්, විපක්ෂ…

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයට

    මෙරට 36 වැනි පොලිස්පතිවරයා ලෙස වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාව පත්කර තිබේ. මීට සුළු මොහොතකට පෙර ඒ මහතා අදාළ පත්වීමේ ලිපිය ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගෙන් ලබාගෙන තිබේ. මෙම පත්වීම සඳහා ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ද ලැබී ඇති බව වාර්තා වෙයි. ඒ බහුතර ඡන්දයෙනි. ව්‍යවස්ථා සභාවේ ඡන්ද පහක් දේශබන්දු තෙන්නකෝන් මහතා පත් කිරීමට පක්ෂව…

හොරු අල්ලන දේශපාලන කතා ‘පට්ටපල් බොරුවක්’ – දිලිත් ජයවීර 

හොරු අල්ලමු කියා දේශපාලන වේදිකාවල සිදු කරන ප්‍රකාශ පට්ටපල් බොරු බව මව්බිම ජනතා පක්ෂයේ නායක පක්ෂයේ ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීර ප්‍රකාශ කරයි. එය අහිංසක මිනිසුන්ගේ ඡන්දය කඩා ගන්නට ගන්නා උත්සාහයක් බව එම පක්ෂයේ පොළොන්නරුව දිස්ත්‍රික් සමුළුව අමතමින් දිලිත් ජයවීර කියා සිටියේය. “මේ දවස්වල දේශපාලන වේදිකාවේ කියවෙන හොරු අල්ලමු කියන ප්‍රකාශය පට්ටපල් බොරුවක්. හැබැයි මේ හොරු…

දේශබන්දු පොලිස්පති ලෙස පත් කිරීමට අනුමැතිය !

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති තනතුරේ ස්ථීර කිරීමට ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙහි අනුමැතිය ලැබී ඇතැයි ‘දි සන්ඩේ ටයිම්ස්‘ වාර්තා කරයි. දේශබන්දු තෙන්නකෝන් මේ වන විට කටයුතු කරන්නේ වැඩබලන පොලිස්පතිවරයා වශයෙනි. මෙම යෝජනාව සම්බන්ධයෙන් අද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ඡන්ද විමසීමක් පැවති අතර, සාමාජිකයින් සිව් දෙනෙකුගේ අනුමැතිය ඊට පළව ඇති අතර, දෙදෙනෙකු ඊට එරෙහි වී ඇත….

වජිර ළඟ තියෙන අනුරගෙ කේන්දරේ.

  පසුගියදා එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා ජවිපෙ නායක අනුර කුමාර ගැන රහසක් හෙළිකර ඇති බව පැවසේ. ඒ අජිත් රාජපක්ෂ, උපුල් ගලප්පත්ති, උදේනි කිරිඳිගොඩ ඇතුළු තවත් මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු සමඟ පාර්ලිමේන්තුවේ පැවති සාකච්ඡාවකදී බව තොරතුරු වාර්තා වේ. එහිදී, ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට බලාපොරොත්තු වන සියලු දෙනාගේම කේන්දර තමා සන්තකයේ ඇති බවත්, ඒ අතර…

නව සන්ධානයේ හයිඩ් පාර්ක් රැළියට ජන ගඟක් – ප්‍රබලයන් පිරිසකුත් වේදිකාවට

“ශක්තිමත් ආර්ථිකයක් – ජයග්‍රාහී ගමනක්” තේමාව කරගනිමින් නව සන්ධානයේ දෙවන ජන රැළිය කොළඹ හයිඩ් පාර්ක් පිටියේදී අද (24) පස්වරු 2.30 ට ඇරඹිනි. නව සන්ධාන ජන රැළියට විශාල ජනකායක් සහභාගී වී සිටි අතර හයිඩ් පාර්ක් පිටිය අතුරු සිදුරු නැතිව ජනතාවගෙන් පිරී ගොස් තිබුණි.   නව සන්ධානයේ මහජන රැළි මාලාවේ දෙවන රැළිය අරඹමින් පැවැත්වෙන කොළඹ හයිඩ් පාර්ක්…

චම්පික පොතක් අරන් ජනපතිට කිට්ටු වෙයි.. සන්ධානයකට සාකච්චා..

  එක්සත් ජනරජ පෙරමුණ විසින් ‘දේශය වෙනුවෙන් එක්වන පියවරක්’ නමින් ජනගත කරනු ලැබූ පොදු අවම වැඩපිළිවල අද (24) දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය වෙත පිළිගැන්වීම ජනරජ පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අතින් සිදුවිය. එහිදී මෙම මනුෂ්‍යත්වයේ සන්ධානය තුළින් රට ගොඩ නැගීම සඳහා ලබාදෙනු ලබන දායකත්වය පිළිබඳව සාකච්ජාවක් ජනාධිපතිවරයා…

එළවළු මිල පහළ ගිහින් ! අද මිල මෙන්න

එළවළු මිල පහත ගොස් ඇති බව පෑලියගොඩ වෙළෙඳ මධ්‍යස්ථානයේ සහ කොළඹ තොග වෙළෙඳ පොලේ තොරතුරු ඉදිරිපත් කරමින් LNW වෙබ් අඩවිය වාර්තා කොට ඇත. එම වාර්තාව මෙසේ ය. සටහන – රෂිකා හෙන්නායක පෙබරවාරි, 24 කොළඹ (LNW): පෑලියගොඩ මැනිං මාර්කට් පොදු වෙළෙඳ සමිතියේ උප සභාපති එච්. ටී. එන්. සමරතුංග මහතා පවසන්නේ, එළවළු මිල පහතට වැටි ඇති බවයි….