ඩොලරය අද රුපියල් 300 යි ; ගැනුම් මිල රුපියල් 295 න් පහළට

  කොළඹ එතැන් විනිමය වෙළෙඳපොළේ ඇමෙරිකානු ඩොලරයක මිල රුපියල් 300 දක්වා පහත වැටී ඇත. වාණිජ බැංකුවල ඩොලරයක ගැනුම් මිල රුපියල් 295 න් ද පහතට වැටී තිබු බව වාර්තා වෙයි . බැංකු මගින් ඩොලර් විකිණීමේ දී රුපියල් 305 කට ආසන්න මිලකට ගනුදෙනු සිදු වී තිබේ.

දුමින්ද – ලසන්ත – අමරවීර ඉවත් කළාට ශ්‍රීලනිපට අතුරු තහනමක්

  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ධූරවලින් දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න සහ මහින්ද අමරවීර යන මහත්වරුන් ඉවත් කිරීම වළක්වාලමින් කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මහතා අතුරු තහනම් නියෝගයක් අද (01) නිකුත් කළේය. ස්වාභාවික යුක්ති මූල ධර්ම උල්ලංඝණය කරමින් නිසි විනය පරීක්ෂණයක් හෝ පැවැත්වීමකින් තොරව පක්ෂ ව්‍යවස්ථාවට පටහැනිව තමන් තනතුරු වලින් ඉවත් කිරීමට ශ්‍රී ලංකා…

ඉන්ධන කිහිපයක මිල පහළට

  ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන වර්ග කිහිපයක මිල අඩු කර තිබේ. ඒ අනුව 95 ඔක්ටේන් වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 07කින් පහත දැමීට තීරණය කර තිබේ. එහි නව මිල රුපියල් 440කි. එසේම ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 72කින් පහළ දමා ඇති අතර එහි…

පාර්ලිමේන්තුව තමයි අපේ රටේ හොඳම ටෙලිනාට්‍යය – ජනපති

ලංකාවේ හොඳම ටෙලිනාට්‍යය පාර්ලිමේන්තු විකාශය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. එය හැම නාලිකාවක ම විකාශය වන බවත්, එහි නළුවන් හොඳින් සුදානම්ව පැමිණ රගපාන බවත්, ඒ මහතා කියයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (30) රාත්‍රියේ කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ දී පැවති 20 වැනි රයිගම් ටෙලීස් සම්මාන උළෙල අමතමිනි. යල් පැන ගිය…

වංචා චෝදනා එල්ල වූ බදු ක්‍රමය ම අහෝසි කරන්න තීන්දුවක්

සීනි බදු වංචාව ඇතුළු බදු වංචාවලට අවස්ථාව ලැබුණු විශේෂ වෙළෙඳ භාන්ඩ බදු ක්‍රමය අහෝසි කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කොට ඇත. එම බදු ක්‍රමය ලබන ජනවාරියේ සිට අහෝසි කොට දේශීය අස්වනු නෙලන කාල අනුව ක්‍රියාත්මක වන ඍතු බදු ක්‍රමයක් හඳුන්වාදීමට තීරණය කොට තිබේ. විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු ක්‍රමය යටතේ ඇමතිවරයා ගේ අභිමතය පරිදි හදිසියේ බදු ඉහළ…

කරුණා අම්මාන්ගේ සහය රනිල්ට

  ඉදිරි ජනාධිපතිවරණයේ දී තමන්ගේ සහය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදෙන බව විනයාගමූර්ති මුරලීදරන් හෙවත් කරුණා අම්මාන් ප්‍රකාශ කර ඇත. අමාරුවේ වැටී තිබු රට ගොඩ ගත්තේ රනිල් වික්‍රමසිංහ මහතා බැවින් ඔහුට සහය දෙන බව කරුණා අම්මාන් ප්‍රකාශ කරයි. දෙමළ හෝ මුස්ලිම් හෝ ජනාධිපතිවරයකු පත්කර ගැනීමට ශ්‍රී ලංකාව තුළ ඉඩක් නැති බව කී මුරලීදරන් මහතා එබැවින්…

අමරවීර,දුමින්ද, ලසන්ත ශ්‍රීලනිප තනතුරුවලින් ඉවත් කරයි

දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න, මහින්ද අමරවීර මහත්වරුන් ශ්‍රීලනිප තනතුරුවලින් ඉවත්කොට ඇති බව වාර්තා වෙයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක ධූරයෙන් දුමින්ද දිසානායක මහතාව ඉවත් කර තිබේ. එම තනතුරට මහියංගනය ආසන සංවිධායක කේ.පී ගුණවර්ධන මහතා පත්කර තිබේ. එසේම භාණ්ඩාගාරික ධුරයෙන් ලසන්ත අලගියවන්න සහ පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ලෙස කටයුතු කළ මහින්ද අමරවීර යන මහත්වරුන්ව ද ඉවත්…

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩපිළිවෙළ අවසන් වන තුරු මැතිවරණ නැහැ – ජනාධිපති

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ ක්‍රියාත්මක වන ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන අවසන් කරන තුරු මැතිවරණයක් පැවැත්වීමට ඉඩක් නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලයට සහ මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දී ඇතැයි වාර්තා වෙයි රට ආර්ථික වශයෙන් ඉදිරියට යාමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එක්ව සිදුකළ ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය අතිශය වැදගත් බවත්, එබැවින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩපිළිවෙළට ප්‍රමුඛත්වය…

මාස තුනට සංචාරක පැමිණීම ලක්ෂ හය ඉක්මවයි

  2024 වසරේ ජනවාරි 1 දා සිට මාර්තු 27 දක්වා කාලය තුළ  ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ත සංචාරකයින් ප්‍රමාණය 608,475 ක් දක්වා ඉහළ ගොස් ඇත. එමෙන් ම, මාර්තු 01 සිට 27 දක්වා කාලපරිච්ඡේදය තුළ දී විදෙස් සංචාරකයින් 181,872 ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සිය නවතම සංඛ්‍යාලේඛන නිකුත් කරමින් සඳහන්…

|

ශ්‍රී ලංකාවේ විදේශ ණය ඩොලර් බිලියන හතරක් කපා හරී ?

  ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ දී ඩොලර බිලියන හතරක පමණ ණය කපා හැරීමක් අපේක්ෂා කරන බව තතු දත් ආරංචි මාර්ග වාර්තා කරයි. පෞද්ගලික ණය හිමියන් ලබාගෙන ඇති බැඳුම්කර වෙනුවට නව බැඳුම්කර නිකුත් කිරීමට එකඟ වී ඇති අතර එහි දී අඩු තරමින් සියයට 30 ක ණය කපා හැරීමක් රජය අපේක්ෂා කරයි. මෙලෙස ලබාගෙන ඇති…

කබ්රාල් ඇතුළු 5 දෙනකුට අල්ලස් කොමිසමෙන් නඩු

ග්‍රීක රජය විසින් 2012 වසරේදී නිකුත් කරන ලද භාණ්ඩාගාර බැඳුම්කර මිලදී ගෙන රජයට රුපියල් මිලියන 1843 කට අධික පාඩුවක් සිදුකිරීමේ චෝදනා මත හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු විත්තිකරුවන් 5 දෙනකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබේ. මහ බැංකු අධිපති ලෙස කටයුතු කරමින් කබ්රාල් මහතා මෙලෙස රජයට පාඩු කළ…

උද්ධමනය සියයට දශම නවයට බසී

  කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ මෙරට උද්ධමනය මාර්තු මාසයේදී සියයට දශම 09 දක්වා කැපී පෙනෙන ලෙස පහත වැටී ඇත. එය පෙර මාසයේ සටහන් වූයේ සියයට 5.9ක් ලෙසට ය. එසේ නමුත් ආහාර උද්ධමනය පෙබරවාරි මාසයේ පැවති සියයට 3.5ක අගයක සිට සියයට 3.8 දක්වා ඉහළගොස් තිබූ අතර මාර්තු මාසයේ උද්ධමනය පහත වැටීමට හේතුවී ඇත්තේ…