අදත් කොවිඩ් මරණයක් ; එකතුව 538 ක්

කොවිඩ් 19 ආසදිත මරණයක් අද දිනයේ ද වාර්තා වී ඇත. ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 538 කි. අද කොවිඩ් මරණය වාර්තා වී ඇත්තේ ඉබ්බාගමුව ප්‍රදේශයෙනි.

2020 ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 3.6 කින් පසු බසී

2020 වසරේ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය වේගය  සියයට 3.6ක සංකෝචනයක් පෙන්නුම් කරන බව 2020 වසර සඳහා වන ජාතික ගිණුම් ප්‍රකාශයට පත් කරමින්  ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි . 2019 වසරේ ආර්ථික වර්ධනය සියයට 2.3 ක් ව පැවතුනි. 2020 වසරේ තුන්වැනි කාර්තුවේදී සියයට 1.3ක ආර්ථිකයේ ධනාත්මක වර්ධනයක් පෙන්නුම් කරන බව ද සංඛ්‍යා ලෝඛන…

අදත් කොවිඩ් ආසාදිතයින් 322 ක් වාර්තා වෙයි ; සමස්තය 88,862 යි

කොවිඩ් 19 ආසාදනය වුවන් 32 ක් අද දිනයේ ද හඳුනාගත් බව රජය වාර්තා කරයි. මෙරටින් හමුවූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව අද වාර්තා වුයේ 88,862 ක් වශයෙනි. වත්මන් රැල්ලේ වාර්තා වී ඇති ආසාදිත සංඛ්‍යාව 84,068 ක් ලෙස වාර්තා වෙයි.

තවත් කොවිඩ් මරණ තුනක් ; දැන් එකතුව 537 යි

කොවිඩ් 19 ආසාදිතමරණ තුනක් අද දිනයේ ද වාර්තා වී ඇත. ඒ අනුව මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව මේ වනවිට 537 ක් ලෙස වාර්තා වෙයි. අද දිනයේ මරණ වාර්තා වී ඇත්තේ මැදිරිගිරිය,පොල්ගස් ඕවිට, සහ ආඬිගම ප්‍රදේශවලිනි.

රුපියල අද තවත් රුපියලකින් බහී

රුපියල අව ප්‍රමාණ වීම අද තවදුරටත් සිදුවෙමින් ඩොලරයක අගය තවත් රුපියලකින් ඉහළ ගියේ ය. ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා අනුව ඊයේ  සවස රුපියලේ අගය දැක්වුණේ ඩොලරයකට රුපියල් 200.75 ක් වශයෙනි. අද සවස වාර්තා වුයේ එම  අගය 201.75 ක් වශයෙනි. මෙය එක දිනක දී ඩොලරයේ මිල රුපියලකින් ඉහළ යාමකි. මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව් ඩී ලක්ෂ්මන්…

බැඳුම්කර චෝදනා එල්ල වූ රවී ඇතුළු පිරිස 23 දක්වා රිමාන්ඩ්

2016 වසරේ මාර්තු මාසයේදී සිදුකළ මහ බැංකු බැඳුම්කර නිකුතුවේදී සිදු වූ බව කියන වංචාවක් සම්බන්ධයෙන් මහාධිකරණය හමුවේ ගොනුකර ඇති නඩුවේ අධිචෝදනා භාරදීම අද සිදු කෙරිණි. මහාධිකරණ විනිසුරුවරුන් වන දමිත් තොටවත්ත, මංජුල තිලකරත්න සහ මොහොමඩ් ඉර්ෂඩින් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව අද කැඳවා තිබිණි. විත්තිකරුවන්ට අධිචෝදනා භාරදීමෙන් පසුව විනිසුරු මඩුල්ල, හිටපු…

මාධ්‍යවේදියකු පැහැර ගෙන යෑමේ සිදුවීම පිළිබඳ සත්‍යය වහා හෙළිදරව් කළ යුතුයි! නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

  සුජීව ගමගේ නම් නිදහස් මාධ්‍යවේදියකු පැහැර ගෙන ගොස් වදහිංසා පමුණුවා අතහැර දමා යෑම මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතල අනතුරු ඇඟවීමක් සේ සලකන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, මේ සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් පවත්වා සත්‍ය තොරතුරු අනාවරණය කරන ලෙස රජයට අවධාරණය කර සිටී. සුජීව ගමගේ ප්‍රකාශ කළ අන්දමට සහ වාර්තා වී ඇති ආකාරයට ඔහුව පැහැර ගෙන ඇත්තේ  මීරිගම නගරයේදීය….

මහ බැංකුවේ තහංචි මැද ඩොලරය රුපියල් 200 ඉක්මවා ඉහළට !

  රුපියලේ අගය ආරක්ෂා කර ගැනීම සඳහා ඩොලර් ගනුදෙනුවලට  බොහෝ සීමා කිරීම් පැනවීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කොට තිබුන ද  ඩොලරයේ විකුණුම් මිල රුපියල් 200 ඉක්මවා ඊයේ ඉහළ ගියේ ය. මහ බැංකුවේ දත්ත අනුව රුපියලේ විකුණුම් මිල රුපියල් 200.75 ක් ලෙස සටහන් වුව ද ඇතැම් බැංකු ඩොලර් විකුණුම් මිල රුපියල් 205 ඉක්මවා නියම කොට…

තවත් කොවිඩ් ආසාදිතයින් 286 ක් වාර්තා වෙයි. සමස්තය 88,524 යි

කොවිඩ් 19 ආසාදිතයින් 286 ක් ඊයේ දිනයේ ද වාර්තා වී ඇත. ඒ අනුව මෙරටින් වාර්තා වූ සමස්ත ආසාදිත සංඛ්‍යාව 88,524 දක්වා ඉහළ ගොස් තිබේ. වත්මන් කොවිඩ් රැල්ලේ අසාදිත සංඛ්‍යාව 84,032 ක් ලෙස සටහන් වෙයි. මේ දිනවල විදේශවලින් එන පිරිස අතරින් ද කොවිඩ් ආසාදිතයින් වාර්තා වෙමින්  පවතියි. ඊයේ එලෙස එක්වූ සංඛ්‍යාව 12 කි.

තවත් කොවිඩ් මරණ දෙකක් වාර්තා වෙයි; එකතුව 534 යි

තවත් කොවිඩ් මරණ දෙකක් ඊයේ රාත්‍රී වාර්තා වී ඇත. ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 534 කි. ඊයේ මරණ වාර්තා වී ඇත්තේ මහනුවර සහ මීගමුව ප්‍රදේශ වලිනි.

අසාත් සාලි අත් අඩංගුවට ගත්තේ පාස්කු ප්‍රහාරය ගැන විමර්ශන්යට යි – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

අපරාධ පරීක්ෂණ දෙපර්තමෙන්තුව් විසින්අසාද් සාලි මහතා අත්අඩංගුවට ගනු ලැබුවේ  ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ප්‍රතිපාදන යටතේ බවත් , පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් බවත් , පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. අදාළ පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව ඔහුව රඳවා තබාගෙන පාස්කු ප්‍රහාරය සහ ඊට අදාළ සිදුවීම් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට නියමිතව ඇති බවද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය….

අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය අධෛර්යමත් කරන ක්‍රියාවලින් රජය වැළකිය යුතුයි. – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

  සිංහරාජය ආසන්නයේ වනාන්තරය  විනාශ කිරීම සම්බන්ධයෙන් රක්වානේ භාග්‍යා අබේරත්න නම් තරුණිය විසින් පළ කරන ලද අදහසට එරෙහිව ආණ්ඩුවේ බලධාරින් දක්වන ලද  ප්‍රතිචාර හා පොලීසියේ ක්‍රියාකාරිත්වය අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය උල්ලංඝණය කිරීමක් සේ සලකන නිදහස්  මාධ්‍ය ව්‍යාපාරය එය දැඩිසේ හෙළා දකියි. සිරස රූපවාහිනියේ ”ලක්ෂපති”  වැඩසටහනකට සහභාගි වූ  භාග්‍යා අබේරත්න තරුණිය  සිය ගම් ප්‍රදේශයේ සිදුවන වනාන්තර…