අසාත් සාලි අත් අඩංගුවට ගත්තේ පාස්කු ප්‍රහාරය ගැන විමර්ශන්යට යි – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

අපරාධ පරීක්ෂණ දෙපර්තමෙන්තුව් විසින්අසාද් සාලි මහතා අත්අඩංගුවට ගනු ලැබුවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ප්‍රතිපාදන යටතේ බවත් , පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් බවත් , පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
අදාළ පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව ඔහුව රඳවා තබාගෙන පාස්කු ප්‍රහාරය සහ ඊට අදාළ සිදුවීම් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට නියමිතව ඇති බවද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
කෙසේ වෙතත් ආසාත් සාලි මහතාට පසුගිය දිනවල චෝදනා එල්ල වුයේ මුස්ලිම් නීති ගැන ඔහු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙනි .
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිද්ධිය ගැන වැඩිදුර විමර්ශන සිදු කරමින් අසාද් සාලි මහතා අත් අඩංගුවට ගෙන ඇත.
