විපක්ෂයේ සර්ව පාක්ෂික සමුළුව කරූගේ නායකත්වයෙන්

විරුද්ධ පක්ෂයේ කටයුතු කරන දේශපාලන පක්ෂවල එකමුතුව ලෙස විපක්ෂයේ සර්ව පාක්ෂික එකමුතුවක් සඳහා වූ සමුළුවේ  ආරම්භක සැසිය කොළඹදී  පැවැත්විණි. සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරය සංවිධානය කරන ලද මෙම සමුළුව  එහි සභාපති හිටපු කතානායක කරු ජයසූරිය මහතාගේ සම්බන්ධීකරණය යටතේ සහ  විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණි. විපක්ෂයේ සර්වපාක්ෂික එකමුතුවක් සඳහා වන සමුළුව සඳහා…

සිරෙන් නිදහස් කරගත් දුමින්ද සිල්වා නිවාස අධිකාරියේ සභාපති ධුරයට !

භාරත ලක්ෂ්මන් මහතා ඝාතනය ගැන මරණ දඬුවමට නියම වී සිට ජනාධිපති සමාව ලබා නිදහස් වූ දුමින්ද සිල්වා මහතා ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ධුරයට පත්කොට ඇති බව වාර්තා වෙයි. ජනාධිපතිතුමාගේ උපදෙස් මත ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර මහතා විසින් මෙම පත්වීමට අදාළ ලිපිය නිකුත් කොට ඇත.

අද කොවිඩ් මරණ 31 ක් ; නව ආසාදිතයින් 1447 ක්

කොවිඩ් ආසාදිතව සිදු වූ මරණ 31 ක් අද දිනයේ වාර්තා කොට ඇත. ඒ අනුව මෙරට කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 3,733 ක් වශයෙනි. අද දින අලුතින් හඳුනාගත් බව වාර්තා කොට ඇති නව කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 1,447 කි. ඒ අනුව මෙරලින් මෙතෙක් නිල වශයෙන් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 283,507 කි.

ජනාධිපති කී දේ කළ නොහැකි බව කී ලංවිම සභාපති ඉවතට ! නිලධාරීන්ට කුණු බැනුම් !!

ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා කියන පරිදි ජාතික විදුලි බල පද්ධතියේ සියයට හැත්තෑවක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභව මගින් ක්‍රියාත්මක කිරීම තාක්ෂණික වශයෙන් කළ නොහැකි බවට තර්ක කිරීම නිසා ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති චරිත හේරත් මහතා එම තනතුරෙන් වහාම ක්‍රියාත්මක වන බරිදි ඉවත් කොට ඇති බවත්, අදාළ කරුණ පෙන්වාදුන් ප්‍රධාන නිලධාරීන්ට බැන වැදී ඇති බවත් ලංකා විදුලිබල…

බැසිල් එක්ක පිළිවෙලකට ගමනක් යන්න සූදානම්. කවුරුවත් කඩාගෙන යන්නෙ නෑ, ඒක හීනයක් – විමල් වීරවංශ

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සමග ක්‍රමවත්ව පිළිවෙලකට ගමනක් යාමට තමන් සූදානම් බවත් ආණ්ඩුවෙන් කොටසක් ඉවත්ව යන කතා හීනයක් බවත් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා අවධාරණය කරයි. ඊයේ (16) දොඩම්ගස්ලන්ද කහටගහ පතලේ නිරීක්ෂණ චාරිකාවක් සඳහා පැමිණි අවස්ථාවේදී මාධ්‍ය කළ විමසීමකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. ප්‍රශ්නය – බැසිල් ඇමතිතුමාත් එක්ක දැන් බොහොම ක්‍රමවත්ව…

අද කොවිඩ් මරණ 41ක් ; නව ආසාදිතයින් 1446 ක්

අද දිනයේ නිල වශයෙන් ප්‍රකාශයට පත්කොට ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 41 කි. එම මරණ ඊයේ සිදුවූ බව කියති. ඒ අනුව මෙරටින් නිල වශයෙන් වාර්තා වන කොවිඩ් මරණ සංඛ්‍යාව 3,702 දක්වා ඉහළ ගොස් තිබේ. අද වාර්තා කළ නව කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 1,446 කි. මෙරටින් මෙතෙක් නිල වශයෙන් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 281,989 ක්…

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ වගන්ති වෙනස් කිරීමට අවධානය – විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ යම් යම් වගන්ති වෙනස් කිරීමට රජය අවධානය යොමු කර ඇති බවත් , ඒ පිළිබදව සොයා බලා කරුණු ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත් කළ බව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. මෙරට සිවිල් සංවිධාන හා රාජ්‍ය නොවන ක්‍රියාකාරිකයන් පිරිසක් සමග විදේශ අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදී අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මේ බව කියා සිටියේය….

තනි කාබනික ගොවිතැන බැරි බව විශේෂඥයෝ කියති ; රසායනික සමග දෙමුහුන් ක්‍රමයක් තීන්දුයි !

කෘෂි රසායනික නොමැති සම්පුර්ණ කාබනික ගොවිතැනක් කළ නොහැකි බව ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට පත් කළ කෘෂිකර්ම විශේෂඥයන්ගේ ද මතය වී ඇති අතර ඔවුන්ගේ නිර්දේශ මත කාබනික සහ රසායනික යොදාගත් දෙමුහුන් ක්‍රමයක් ක්‍රියාවට නැගීමට දැන් කටයුතු කරමින් සිටින බව කෘෂිකර්ම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි. මෙම  නිර්දේශ අනුව වී, එළවළු හෝ වෙනත් වගාවන්ට කාබනික පොහොර යෙදීමට පෙර…

නීතිඥ හිජාෂ් හිස්බුල්ලා දේශපාලන සිරකරුවෙක් , කොන්දේසි විරහිතව වහාම නිදහස් කළ යුතුයි – ඇමිනස්ටි ඉන්ටර්නැසනල්

රජය විසින් අත් අඩංගුවට ගෙන රඳවා තබාගෙන සිටින නීතිඥ හිජාෂ් හිස්බුල්ල මහතා හෘදය සාක්ෂිය පිලිබඳ සිරකරුවකු බව ( දේශපාලන සිරකරුවෙකු බව ) ලෝ ප්‍රකට මානව හිමිකම් සංවිධානයක් වන ඇමිනෙස්ටි ඉන්ටෙර්නැෂනල් සංවිධානය විසින් ප්‍රකාශයට පත් කොට තිබේ. ඔහුව කොන්දේසි විරහිතව නිදහස් කළ යුතු බවත්, ඔහුට එරෙහිව නගා ඇති චෝදනා ඉවත් කරගත යුතු බවත්, එම සංවිධානය ප්‍රකාශ…

අද තවත් කොවිඩ් මරණ 50 ක් ; නව ආසාදිතයින් 1447 ක් ; ඩෙල්ටා 19 ක්

ඊයේ සිදු වූ බව කියන කොවිඩ් ආසාදිත මරණ 50 ක් රජය අද නිවේදනය කොට ඇත. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 3661 ක් දක්වා ඉහළ ගියේ ය. අද නිල වශයෙන් වාර්තා වී ඇති නව කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 1447 කි. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 180,506 ක්…

ජනාධිපතිගෙන් අවසරගෙන විෂ පළිබෝධනාශක ගෙන් වූ බව කෘෂිකර්ම ඇමති කියයි ; අර්තාපල් ලෙඩට වෙන බෙහෙත් නැහැ !

අර්තාපල් ආදී බෝගවලට වැලඳෙන දිලීර වසංගත සඳහා කාබනික විසඳුමක් නොමැති බැවින් ජනාධිපතිවරයාගෙන් අවසර ලබාගෙන පළිබෝධ නාශක යම් ප්‍රමාණයක් ගෙන්වා වරායේ ගුදම්ලා ඇතැයි කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඊයේ ප්‍රකාශ කොට ඇත. නුවරඑළිය වැනි ප්‍රදේශයක අර්තාපල් වගාවට යම් ගැටලු තත්ත්වයක් ඇති වුවහොත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිර්දේශය මත එම පළිබෝධ නාශක වගාවට යොදා එම කලාපය කාබනික රහිත කලාපයක්…

පොහොර තහනමේ කොටසක් රිවස් – ‘පොටෑසියම්’ ආනයනයට ජනාධිපති අවසර දුන් බව අරුන්දික කියයි

පොල් වගාවට අවශ්‍යම පොහොර වර්ගයක් වන ‘පොටෑසියම්’ ආනයනයට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා අවසර දුන්නේ යැයි පොල් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කොට ඇත. සියලුන්රසයනික පොහොර ගෙන්වීම රහය විසින් තහනම් කර තිබීම නිසා, පොල් වගාවේදී අත්‍යවශ්‍ය වන ‘පොටෑසියම්’ යොදා ගැනීමට  නොහැකි වීම බරපතළ ප්‍රශ්නයක්ව තිබූ බවත් ‘මියුරේට් ඔෆ් පොටෑෂ්’ ආකාරයට ‘පොටෑසියම්’ ආනයනය කිරීමට ජනාධිපතිතුමාගෙන් …