ජනාධිපති කී දේ කළ නොහැකි බව කී ලංවිම සභාපති ඉවතට ! නිලධාරීන්ට කුණු බැනුම් !!

ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා කියන පරිදි ජාතික විදුලි බල පද්ධතියේ සියයට හැත්තෑවක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභව මගින් ක්‍රියාත්මක කිරීම තාක්ෂණික වශයෙන් කළ නොහැකි බවට තර්ක කිරීම නිසා ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති චරිත හේරත් මහතා එම තනතුරෙන් වහාම ක්‍රියාත්මක වන බරිදි ඉවත් කොට ඇති බවත්, අදාළ කරුණ පෙන්වාදුන් ප්‍රධාන නිලධාරීන්ට බැන වැදී ඇති බවත් ලංකා විදුලිබල මණ්ඩල ආරංචි මාර්ග කියයි.
විදුලි බල මණ්ඩලයේ සභාපති තනතුරෙන් ඉවත් කළ චරිත හේරත් මහතා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපති ලෙස පත්කොට තිබේ.
විදුලි බල අමාත්‍යංශයේ හිටපු ලේකම් වරයකු වූ එම් එම් සී ෆර්ඩිනන්ඩු මහතා විදුලි බල මණ්ඩලයේ සභාපති ලෙස පත්කරනු ලැබ ඇත.
සුළං සර හිරු එළියේ නිතර වන වෙනස්කම් නිසා එයින් නිපදවන විදුලි ප්‍රමාණය නිතර වේගයෙන් අඩු වැඩි වන නිසා සියයට 70 ක් පුනර්ජනනීය බල ශක්තියෙන් විදුලි පද්ධතිය පවත්වාගෙන යාම තාක්ෂණික වශයෙන් අපහසු බව ලංවිම ඉංජිනේරුවන් වන උසස් නිලධාරීන් විසින් පෙන්වා දී තිබේ. ලංවිම හිටපු සභාපතිවරයා ද එම කරුණු අනුමත කොට තිබේ.
කෙසේ වෙතත්, එම කරුණ පෙන්වා දුන් නිලධාරීන්ට සිදු වී ඇත්තේ දැඩි දෝෂාරෝපනයකට මුහුණ දීමට ය.
එලෙස බැනුම් ඇසු නිලධාරීන් අතර වියත් මග ප්‍රබල සාමාජිකයින් මෙන් ම, ජනාධිපතිවරයාගේ දිගුකාලීන මිත්‍රයකු ද සිටින බව අපගේ ආරංචි මාර්ග කියයි.
