විදෙස් ආයෝජනයට සොරෝස් ගෙන් තල්ලුවක් – මාස හයකදී ඩොලර් මිලියන 300ක්

ප්‍රකෝටිපති ව්‍යාපාරික ජෝර්ජ් සොරෝස්ගේ සොරෝස් ෆන්ඩ් මැනේජ්මන්ට්  ආයතනය ඉදිරි මස හය තුල ඩොලර් මිලියන 300ක් ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට තීරණය කොට ඇති බව වාර්තා වෙයි . ආරම්භයක් ලෙස කරන මෙම ආයෝජනය සුර්ය බලශක්ති , සංචාරක ව්‍යාපාරය , තොරතුරු තාක්ෂණ අධ්‍යාපන ක්ෂේත්‍රයන්හි සිදුකිරීමට තීරණය කොළ ඇත . සොරෝස් පදනමේ ප්‍රතිපත්තියක් ලෙස සමග වෙනසක් සදහා විද්‍යාත්මක වර්ධනයක්…

“මේ ව්‍යවස්ථාව හදන්නේ මගේ උවමනාවට නොවේ ” – අනුර කුමාරට රනිල් කියයි

මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හදන්නේ තමන්ගේ උවමනාවට නොවන බවත් , විධායක ජනාධිපතික්‍රමය ගෙන ඒමට චන්දය දුන් තමාට එය ප්‍රශ්නයක් නොවන බවත් , මනාප චන්ද ක්‍රමයද තමන්ට ප්‍රශ්නයක් නොවන බවත් , තමන් කලේ අන් අයගේ මතයට නම්‍යශීලීව ක්‍රියා කිරීම බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාට ප්‍රකාශ කොට ඇත . ඒ…

“නව ව්‍යවස්ථාවකට පක්ෂයේ සහය කොහොම හරි අරන් දෙනවා” – මෛත්‍රීගෙන් රනිල්ට පොරොන්දුවක් .

නව ව්‍යවස්තාවක් සකස් කිරීමේ ක්‍රියාවලියට තම පක්ෂයේ සහය කෙසේ හෝ ලබාගන්න බවත් , එබැවින් සැලසුම් කල පරිදි කටයුතු කරගෙන යන ලෙසත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට සහතික වී ඇති බව විස්වාස කටයුතු ආරංචි මාර්ග කියයි . සන්ධානයේ අභයාරාම  පාර්ශවය ව්‍යවස්ථා ක්‍රියාවලිය කඩා කප්පල් කිරීමට ජනාධිපතිට බලපෑම් කිරීම සම්බන්ධයෙන් ඊයේ හදිසියේ පවතී ඉහල…

ජනපතිගෙන් මදය නැති ව්‍යවස්ථා යෝජනාවක්; චම්පිකත් සුපුරුදු ක්‍රිඩාවේ.

නව ආණ්ඩුක්‍රමයට අදාළව, ජනාධිපතිවරයා ජනවාරි 9 වෙනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත යෝජනාවේ මූලික හරය ඉවත් කිරීමට ජනාධිපතිවරයා හදිසියේම තීරණය කළ බව ඉතාම විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් යුක්තියට දැනගන්නට ඇත. වාර්තාවන ආකාරයට, විධායක ජනාධිපති ධුරය සම්පූර්ණයෙන් ම අහෝසි කොට උතුරු-නැගෙනහිර ප්‍රශ්නයට කල්පවත්නා දේශපාලන විසඳුමක් ලබාදෙන බව උක්ත යෝජනාවේ පූර්විකාවේ ඇතුලත් ව තිබුණු බව කියැවේ. එහෙත් අවසන්…

ලොකු බලාපොරොත්තු තියාගන්න එපා! – කෝටිපති ජෝජ් සොරෝස් අනතුරු අගවයි .

ශ්‍රී ලංකාව වැනි රටවල් ඉදිරි කාලයේදී සංවර්ධනය පිලිබඳ පමණට වඩා ඉහල බලාපොරොත්තු තබා නොගත යුතු බවත් , අමාරු තත්ත්ව යටතේ තීරණ ගෙන ක්‍රියාත්මක වියයුතු බවත් කෝටිපති ව්‍යාපාරික ජෝජ් සොරෝස් මහතා කොළඹ ආර්ථික සමුළුව අමතා ප්‍රකාශ කොට ඇත. දැනට ලෝකයේ පවතින ආර්ථික තත්වය දියුණුවන රටවලට යහපත් නැති බවද ,මෙම රලවලින් ඉවතට යෝජනා ගලා ය හැකි බවද…

මෛත්‍රී දිස්ත්‍රික් සංවර්ධනය අනයි – දිස්ත්‍රික්කයටත් කොට්ටාස වලටත් සම සභාපති රොත්තක්

දිස්ත්‍රික් සංවර්ධන සභා සම සභාපති වරුන් 54ක් සදහා පත්වීම් ලිපි ප්‍රධානය කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කොට ඇති අතර ඒ අනුව සැම දිස්ත්‍රික්කයකටම සම සභාපතිවරුන් තිදෙනකු පත්වී ඇත . දිස්ත්‍රික් සංවර්ධන සභා සම සභාපති වරයකු ලෙස ක්‍රියා කිරීමේ බලය පළාත් මහා ඇමති වරුන්ටද ලබාදී තිබේ . සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ සදහාද සංවර්දන කමිටු ක්‍රියාත්මක…

අර්ජුන පාට පෙන්නයි – ක්‍රිකට් නිලවරණය පැරදුනාට වරාය අධිකාරියේ පලිගැනීමක් !

ක්‍රිකට් නිලවරණය පරද වූ අර්ජුන රණතුංග ඇමතිවරයා වරයා අධිකාරියේ තමන්ට සහය නොදුන් නිලධාරීන්ගෙන් පළිගැනීමේ යෙදී සිටින බව වෘත්තීය සමිති කියයි . “ජනසතු සේවා ක්‍රිකට් සංගමයේ ” සභාපතිවරයා සභාපතිත්වය දැරූ සන්නිවේදන හා මහජන සම්බන්ධාර්ථ අංශය විසුරුවා හැර ඔහු වෙනත් අංශයකට  මාරුකිරීම එහි කැපී පෙනෙන සිදුවීමක් බව වෘත්තීය සමිති පෙන්වා දෙයි . මුදල් අක්‍රමිකතා චෝදනා එල්ල කරමින්…

ඉල්ලා අස්වූ මාරපනට යලිත් ඇමතිකම ලැබෙන ලකුණු

ඇවන්ගාඩ් සමාගමේ අවි නැවු නීති විරෝධි  නොවන බව කීම නිසා මෙන්ම එම සමාගමේ නීතිඥයා ලෙස උසාවියේ පෙනීසිටීම නිසා මතුවූ විරෝධය හමුවේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ඇමති තනතුරින් ඉල්ලා අස්වූ තිලක් මාරපන මහතාට යලිත් ඇමති තනතුර ලැබෙන ලකුණු පහළවී ඇති බව ආණ්ඩුවේ තතු දත් ආරංචි මාර්ග කියයි . ඇවන්ගාඩ් සමාගමට එල්ලවූ නීති විරෝධී අවි…

ඇමති මණ්ඩල සංශෝදනය ජනවාරි 15 දා ?

හයපාලන ආණ්ඩුවේ ප්‍රථම ඇමති මණ්ඩල සංශෝදනය ජනවාරි 15දා සිදුවනු ඇති බව තතු දත් ආරංචි මාර්ග කියයි . එහිදී ප්‍රබල ඇමතිවරුන් දෙදෙනකු ඇතුළු කිහිප දෙනකුගේ තනතුරු වෙනස් වන බවත් අලුත් මුහුණු කිහිපයක් ඇමති මණ්ඩලයට එක්වන බවත් දැනගන්නට ඇත . ඒකාබද්ද විපක්ෂයේ ප්‍රබලයින් ලෙස පෙනීසිටි උදවියද තනතුරු ලබාගැනීම මෙහි කැපීපෙනෙන සිදුවීමක් වියහැකි බවද කියති .

නව ව්‍යවස්ථාවට ලෙඩ දාන්න අභයාරාම කල්ලිය එක පයින්

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදුන්වාදීමේ ආණ්ඩුවේ උත්සාහයට සියලු පක්ෂ සහභාගී කර ගැනීමට ආණ්ඩුව උත්සහ කරද්දී විපක්ෂයේ අභයාරාම කල්ලිය එම උත්සාහය කඩා කප්පල් කිරීමට තීරණය කොට ඇති බව ඔවුන්ගේ දේශපාලන හැසිරීම් මගින් පෙන්නුම් කරමින් පවතියි . එම කල්ලියේ නායකයකු වන දිනේෂ් ගුනවර්දන මහතා ප්‍රකාශ කොට ඇත්තේ නව ව්‍යවස්ථා යෝජනාවේ බුද්ධාගමට මුල්තැන දී නැති බවයි . ඔහු එසේ…

අතුරුගිරියෙන් කොටුවට ගුවන් මාවතක් වසර තුනකින්

දැනට කොළඹ අසන්න ප්‍රදේශවල පවතින මාර්ග තදබදය අවම කිරීමට අතුරුගිරියේ සිට කොළඹ කොටුව දක්වා ගුවන් මාර්ගයක් වසර තුනකදී ඉදිකර නිම කිරීමට සැලසුම් කොට ඇති බව වාර්තා වෙයි . මාලඹේ , බත්තරමුල්ල , රාජගිරිය ,දෙමටගොඩ හරහා කොටුව දක්වා මෙය ඉදිකිරීමට නියමිතය . කැළණි පාලමේ සිට දෙමටගොඩ දක්වා ඉදිවන මාර්ගයකින් එය කටුනායක අදිවේගී මාර්ගයටද සම්බන්ද වනු ඇත…

අපි ඉන්නේ අසතුටෙන්; ධර්මසිරි ජනපතිට ලියයි

මෛත්‍රී- රනිල් ආණ්ඩුව බලයට පත්කිරීමට තමා ඇතුලු කලාකරුවන් සහාය දැක්වූයේ, පසුගිය පාලනයේ දූෂිතයින් නීතියේ රෑහැණට හසුකර, රටේ පවතින නීතියට අනුව කටයුතු කරණ අතරම නව රාජ්‍ය පාලන ක්‍රමයක් ස්ථාපිත කරගැනීමට බව ප්‍රවීන සිනමා අධ්‍යක්ෂ ධර්මසිරි බණ්ඩාරනායක මහතා ජනාධිපතිවරයාට ලිපියක් මගින් මතක්කර දී ඇති බව යුක්තියට වාර්තාවේ. යුක්තියට දැනගන්නට ඇති ආකාරයට පසුගිය පාලන කාලය තුළ සිදුකරන ලද…