ඉල්ලා අස්වූ මාරපනට යලිත් ඇමතිකම ලැබෙන ලකුණු
ඇවන්ගාඩ් සමාගමේ අවි නැවු නීති විරෝධි නොවන බව කීම නිසා මෙන්ම එම සමාගමේ නීතිඥයා ලෙස උසාවියේ පෙනීසිටීම නිසා මතුවූ විරෝධය හමුවේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ඇමති තනතුරින් ඉල්ලා අස්වූ තිලක් මාරපන මහතාට යලිත් ඇමති තනතුර ලැබෙන ලකුණු පහළවී ඇති බව ආණ්ඩුවේ තතු දත් ආරංචි මාර්ග කියයි . ඇවන්ගාඩ් සමාගමට එල්ලවූ නීති විරෝධී අවි ගබඩා චෝදනාවෙන් ඔවුන් නිදහස් වීම මගින් තිලක් මාරපන මහතා පාර්ලිමේන්තුවේදී කී කතා තහවුරු වී ඇති නිසා මෙම තත්වය උදාවී තිබේ .
මාරපන මහතා ඇමති තනතුරේ සිටියදී කරන පරීක්ෂණයකින් ලැබෙන ප්‍රතිපලය ගැන ජනතා විශ්වාසයක් නොමැති විය හැකි නිසා ඔහුට ඉල්ලා අස්වන ලෙස උපදෙස් දී ඇත්තේ අගමැති වික්‍රමසිංහ මහතා ය . ඔහු ඇමැතිකමින් ගිය පසුව එම පරීක්ෂණ සිදුකොට අවසන් තීරණය වී ඇත්තේ අවන්ගාඩ් සමාගමේ “මහනුවර” නැවේ තිබු අවි ගබඩාව නීත්‍යනුකුලව පවත්වාගෙන ගොස් ඇති බවයි . එහි තිබු ආයුධ ඒවායේ හිමිකරුවන් වූ විදේශීය සමාගම්වලට මුදාහැර ඇති අතර “මහනුවර”නැව නිදහස් කොට එය හිමි සමාගමට භාර දී ඇත .
ගාලු වරායේ අවන්ගඩ් සමාගම පවත්වාගෙන ගිය අවි ගබඩාව දැන් පවත්වාගෙන යන්නේ නාවික හමුදාව විසිනි . විදේශීය නාවික සමාගම් වලට අයත් අවි එහි තැන්පත් කර තබා එයට කුලියක් ලබාගැනීම එම ව්‍යාපාරයේ ස්වභාවයයි . මෙය නීති විරෝධී නොවන බව නාවික හමුදාවට එය පැවරීමෙන් වඩාත් හොදින් තහවුරු වී ඇත .
මෙම තත්වය යටතේ තිලක් මාරපන මහතාගේ ඇමති ධුරය යලි ලබාදීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කොට ඇති බව දැනගන්නට ඇත . එසේ වුවද එය ජනවාරියේ ඇමති මණ්ඩල මාරුවේදී සිදුකරන්නේද යන්න පිලිබදව තවමත් තීරණයක් ගෙන නැති බවද කියති .
එමෙන්ම මාරපන මහතාට ඔහු දරු නීතිය හා සාමය අමාත්‍යංශය වෙනුවට වෙනත් අමාත්‍යාංශයක් ලැබෙන බවටද ආරංචි පැතිර ඇත .
