“මේ ව්‍යවස්ථාව හදන්නේ මගේ උවමනාවට නොවේ ” – අනුර කුමාරට රනිල් කියයි
මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හදන්නේ තමන්ගේ උවමනාවට නොවන බවත් , විධායක ජනාධිපතික්‍රමය ගෙන ඒමට චන්දය දුන් තමාට එය ප්‍රශ්නයක් නොවන බවත් , මනාප චන්ද ක්‍රමයද තමන්ට ප්‍රශ්නයක් නොවන බවත් , තමන් කලේ අන් අයගේ මතයට නම්‍යශීලීව ක්‍රියා කිරීම බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාට ප්‍රකාශ කොට ඇත . ඒ මහතා මෙම ප්‍රකාශය කොට ඇත්තේ ව්‍යවස්ථා ක්‍රියාවලියට සහය ලබාගැනීමට වික්‍රමසිංහ මහතා බලහත්කාරය යොදාගන්න බවට අනුර කුමාර මහතා එල්ලකළ චෝදනාවකට පිළිතුරු දෙමිනි .
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමට යන්නේ 2020න් පසු විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමටය .යම් හෙයකින් එය සිදු නොවුවහොත් විධායක ජනාධිපති ධුරයට පත්වීමට රනිල් වික්‍රමසිංහ මහතාට ඉඩකඩ ඇත . වික්‍රමසිංහ මහතා ජවිපෙ නායකයට මතක් කර දී ඇත්තේ මෙම යථාර්තය බව පෙනෙන්නට තිබේ .
