රනිල් සජිත් සාකච්ඡාව හෙටත් නෑ?

රනිල් සජිත් සාකච්ඡාව හෙටත් නෑ?

එකසත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ගැන කතාකිරීමට රනිල් වික්‍රමසිංහ මහතා හා සජිත් ප්‍රේමදාස මහතා මුහුණට මුහුණ හමුවීම හෙට දිනයේ දී ද සිදු නොවනු ඇතැයි වාර්තා වෙයි. මෙම හමුව ඊයේ (ඉරිදා)ට යොදාගෙන තිබුණද එදින අපහසු බව කියමින් සජිත් ප්‍රේමදාස මහතා අගහරුවාදා හමුවීමට අවස්ථාව ලබාදෙන ලෙස රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කොට ඇත. එසේ වුවද වික්‍රමසිංහ මහතා ඒ…

ජනාධිපති අපේක්ෂකත්වය ඉල්ලන සජිත් පිලේ ලිපියට අත්සන් මදිවෙයි

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලබාදෙන ලෙස ඉල්ලා එජාප පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ අත්සනින් පක්ෂ නායකයාට භාරදීමට සැලසුම් කළ ලිපියට ප්‍රමාණවත් අත්සන් සංඛ්‍යාවක් නොලැබීම නිසා එය බාරදීමට නොහැකි වී ඇති බව වාර්තාවෙයි. සජිත් පිලේ බලාපොරොත්තුව වුයේ මන්ත්‍රී කණ්ඩායමේ තුනෙන් දෙකක අත්සන් මේ සඳහා ලබාගැනීමටයි. එසේ වුවද හරි අඩකගේ අත්සන්වත් මේ වනතෙක් ලබාගත හැකීවී නැතැයි…

පොහොට්ටුව මෝදිගෙ පක්ෂයේ ලාංඡනයයි – එම ලකුණින් බෑ – දයාසිරි ජයසේකර

“කවදාවත් ප්‍රධාන පක්ෂ සන්ධාන ගතවෙනකොට තමන්ගෙ ලාංඡනයෙන් ගියේ නෑ. අනෙක් පක්ෂවලට අසාධාරණයක් වෙයි කියල. 1994 ආණ්ඩුව හදනකොට අපි ගත්තෙ ‘පුටුව’. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අත ගන්න තිබුණත් අපි එහෙම කෙරුවෙ නෑ. මහින්ද රාජපක්ෂ යුද්දයෙන් දිනල ඉන්නකොට 2010 එතුමට කියන්න තිබුණා අපි ‘අතෙන්’ යන්න ඕන කියල කියන්න. එතුමා එහෙම කළේ නෑ. එතුමා කළේ ‘බුලත් කොළේ’ පාවිච්චි…

පක්ෂ 12කින් දැනට ජනපති අපේක්ෂකයන් ; පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දෙදෙනෙක් ස්වාධීනව

ඉදිරි ජනාධිපතිවරණය සඳහා දේශපාලන පක්ෂ 12 කින් සිය අපේක්ෂකයන් ඉදිරිපත් කරන බව මැතිවරණ කොමිසමට ඊයේ (06) වන විට දැනුම් දී තිබුණු බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය. ඊට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දෙදෙනකුද ස්වාධීනව ජනාධිපතිවරණයට අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් වන බව දැනුම් දී ඇතැයිද ඔහු පැවැසීය. ඉදිරි ජනාධිපතිවරණයේ පූර්ව සැලසුම් සකස් කිරීම සඳහා දේශපාලන…

රනිල්ට එරෙහිව දෙන්න සාක්ෂි කිසිවක් අපට නෑ. මලික්, කබීර් අමැතිවරු කියති

රනිල් වික්‍රමසිංහ මහතා හා රවී කරුණානායක මහතා බැඳුම්කර මගඩියට සම්බන්ධ බවට සජිත් පිලට සම්බන්ධ ඇමතිවරුන්ගෙන් සාක්ෂි ලබාගෙන ඒ දෙදෙනා අත්අඩංගුවට ගැනීමේ සැලසුමක් ගැන පළ වු වාර්තා අසත්‍ය බව දේශපාලන ආරංචි මාර්ග ප්‍රකාශ කරයි. මේ පිළිබඳව මලික් සමරවික්‍රම හා කබීර් හකීම් ඇමතිවරුන්ගෙන්  එජාප පන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ප්‍රශ්න කළ විට ඔවුන් පවසා ඇත්තේ එලෙස අලුතින් ලබාදීමට කිසිදු…

ජනාධිපතිවරණයක් ප්‍රකාශ කර නැති අවස්ථාවක අපේක්ෂකයෙකු නම් කිරීම මෝඩ වැඩක් – රන්ජන් රාමනායක

රනිල්ට සජිතුත්, සජිත්ට රනිලුත් නැතුව බෑ, වගේම ඒ දෙන්නටම රන්ජන් රාමනායක නැතුවත් බෑ යැයි “මහාමාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය” රන්ජන් රාමනායක මහතා දිවුලපිටිය හුණුමුල්ල මහ විදුහල ආසන්නයේ මාර්ගය හරහා ගුවන් පාලමක් ඉදිකිරීම සඳහා බදාදා (5දා) පැවති උත්සවයේදී කීය. විදුහල ආසන්නයේ මහා මාර්ගය හරහා ගුවන් පාලමක් ඉදිකර දෙන ලෙසට වසර විසිපහකට (25) අධික කාලයක් තිස්සේ…

‘මහේන්ද්‍රන් ගෙන්වීම ලේසි නෑ’; වසර දෙකකට වැඩි කාලයක් යාවි – ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා

සිංගප්පූරු නීතියට අනුව හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා මෙරටට ගෙන්වා ගැනීම අතිශය දුෂ්කර වනු ඇතැයි බටහිර ඉන්දීය කොදෙව්හි තාක්ෂණ විශ්ව විද්‍යාලයේ නීති පීඨාධිපති ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා අද (6) පැවසීය.  මූලික මිනිස් අයිතිවාසිකම් කෙරෙහි සිංගප්පූරු නීතියෙන් වැඩි අවධානයක් යොමු කිරීම ඊට හේතුව යැයි ද යම් හෙයකින් එවැනි අවස්ථාවක් ලැබුණත් ඊට වසර දෙකකට වැඩි කාලයක්…

එජාප අපේක්ෂකයා මමයි – රනිල් කියයි !

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා වශයෙන් තමන් ඉදිරිපත් වන බව පක්ෂ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද (06) නිවේදනය කර තිබේ.  අද දහවල් අරලියගහ මන්දිරයේ පැවති එක්සත් ජාතික පෙරමුණේ ජ්‍යේෂ්ඨයින්ගේ රැස්වීමේදී අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර ඇත.  මෙම රැස්වීමට නොපැමිණි ප්‍රබලයින් දෙදෙනා වූයේ මංගල සමරවීර මහතා සහ ඔහුගේ නායක සජිත් ප්‍රේමදාස මහතාය.  අනෙකුත් කැඳවීම්…

ජනාධිපති යලි තරඟයට

තමන් ජනාධිපති තනතුර දරන්නේ එක් වාරයක් සදහා බව කියමින් එම තනතුරට පත්වූ මෛත්‍රිපාල සිරිසේන මහතා යලිත් ජනාධිපතිවරණයට ඉල්ලන බව ප්‍රකාශයට පත්ව ඇත. තමන් මේ ආරම්භ කලේ ජනාධිපතිවරණ ඡන්ද ව්‍යාපාරය බව පසුගියදා ශ්‍රීලනිප සම්මේලනය අවසානයේ ප්‍රකාශ කල සිරිසේන මහතා ඊළඟ ආණ්ඩුව හදන්නේ තම පක්ෂය බවද ප්‍රකාශ කළේය. මේ අතර ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර මහතා මැතිවරණ කොමිෂන්…

පළාත් සභා මැතිවරණ නැති ක‍ළේ ජනාධිපතිගේ කුමන්ත්‍රණයෙන්

පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නොහැකි වීම ගැන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සියලු වැරදි අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට පැටවීමට හැදුවද එයට ඇත්තටම වගකිව යුත්තේ ජනාධිපතිතුමාත්, හිටපු පළාත් සභා සහ පළාත් පාලන ඇමති ෆයිසර් මුස්තාපා මැතිතුමාත් බව ඒජාප දේශපාලන අංශ ප්‍රකාශ කරයි. සීමා නීර්ණ කටයුතු දිගින් දිගටම අවුල් කළ ෆයිසර් මුස්තාපා ඇමතිවරයා ජනාධිපතිවරයාගේ වුවමනාවට අනුව ක්‍රියාකරමින් පළාත්…

හැමෝම එකතු කරගෙන ඇල්පිටිය ඡන්දයට ලෑස්තිවෙන්න ; අගමැති රනිල් ගයන්තට කියයි

ඇල්පිටිය ප්‍රාදේශිය සභා ඡන්දය ජයගැනීම ඉදිරි ජනාධිපතිවරණය ජයග්‍රහණයට ඉතා වැදගත් බවත් එයට පක්ෂයේ සියලු දෙනා සමග කතා කොට මූලික වැඩකටයුතු අරඹන ලෙසත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ගයන්ත කරුණාතිලක ඇමතිවරයාට උපදෙස් දී ඇත. සජිත්, අකිල, කබීර්, කිරිඇල්ල ආදී පක්ෂයේ ප්‍රධානීන් සියලු දෙනා සමග කතා කර උපදෙස් ලබාගන්නා ලෙස වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පවසා ඇත. එජාප ය එක්සත්ව…

මම ශ්‍රීලංකාවේ ජනාධිපති අපේක්ෂකයෙක් – ඔබේ නඩුව නවත්වන්න- ගෝඨාභය ඇමරිකානු අධිකරණයට කියයි

තමන් ශ්‍රීලංකාවේ ජනාධිපතිවරණයට තරඟ කරන අපේක්ෂකයෙකු නිසා ඇමරිකානු අධිකරණයේ නඩු ඇසීම නවත්වන ලෙස ගොටාභය රාජපක්ෂ  මහතා තම නීතිඥයන් මගින් අධිකරණයෙන් ඉල්ලීමක් කර ඇත. ඇමරිකාවේ කැලිෆෝනියාවේ මධ්‍යම දිස්ත්‍රික් අධිකරණයෙන් රාජපක්ෂ මහතා මෙම ඉල්ලීම කර ඇත. ඒ සන්ඩේලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් ඔහුගේ දියණිය අහිංසා වික්‍රමතුංග පවරා ඇති නඩුව සම්බන්ධයෙනි. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නීතිඥයින් ඇමරිකානු අධිකරණයට…