ජනාධිපති යලි තරඟයට

තමන් ජනාධිපති තනතුර දරන්නේ එක් වාරයක් සදහා බව කියමින් එම තනතුරට පත්වූ මෛත්‍රිපාල සිරිසේන මහතා යලිත් ජනාධිපතිවරණයට ඉල්ලන බව ප්‍රකාශයට පත්ව ඇත.
තමන් මේ ආරම්භ කලේ ජනාධිපතිවරණ ඡන්ද ව්‍යාපාරය බව පසුගියදා ශ්‍රීලනිප සම්මේලනය අවසානයේ ප්‍රකාශ කල සිරිසේන මහතා ඊළඟ ආණ්ඩුව හදන්නේ තම පක්ෂය බවද ප්‍රකාශ කළේය.
මේ අතර ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර මහතා මැතිවරණ කොමිෂන් සභාව වෙත දැනුම්දී ඇත්තේ තම පක්ෂයේ අපේක්ෂකයෙකුත් ජනාධිපතිවරණය සදහා තරඟ කරන බවයි.
ශ්‍රීලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සන්ධාන ගතවීම සඳහා පසුගිය දිනවල සාකච්ඡා ගනනාවක් පැවති නමුත් එම සාකච්ඡා සාර්ථක වී නැති බව ශ්‍රීලනිපය වෙනම තරඟ කිරීමෙන් තහවුරු වෙයි.
