එජාප අපේක්ෂකයා මමයි – රනිල් කියයි !

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා වශයෙන් තමන් ඉදිරිපත් වන බව පක්ෂ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද (06) නිවේදනය කර තිබේ.
අද දහවල් අරලියගහ මන්දිරයේ පැවති එක්සත් ජාතික පෙරමුණේ ජ්‍යේෂ්ඨයින්ගේ රැස්වීමේදී අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර ඇත.
මෙම රැස්වීමට නොපැමිණි ප්‍රබලයින් දෙදෙනා වූයේ මංගල සමරවීර මහතා සහ ඔහුගේ නායක සජිත් ප්‍රේමදාස මහතාය.
අනෙකුත් කැඳවීම් ලද ජ්‍යේෂ්ඨයින් මීට සහභාගී වී ඇති අතර ඔවුන් අමතමින් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ “කවුරුත් අපේක්ෂකත්වයට පොරකන්න අවශ්‍ය නෑ. මම ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා. මම දිනලා පෙන්නනවා” යනුවෙනි.
මලික් සහ කබීර්ගෙන් විරෝධතා
මෙහිදී මීට ක්ෂණිකව විරෝධය පළ කර ඇත්තේ සජිත් පාර්ශ්වයේ කැරළි නායක මලික් සමරවික්‍රම මහතා සහ ඔහුගේ සහායක එජාප සභාපති කබීර් හෂීම් මහතා විසිනි.
“එහෙම කොහොමද ? අපි ඊයෙත් කුරුණෑගල තිබ්බ රැස්වීමට විශාල සෙනඟක් ආවා. ජනතාවගේ ඉල්ලීම ඒක. ඒනිසා මේක අසාධාරණයි” යනාදී වශයෙන් ඔවුන් සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් කරුණු දක්වා තිබේ.
මම එනවා. මම දිනනවා !
අග්‍රාමාත්‍යවරයා ඊට පිළිතුරු දෙමින් “රැස්වීම්වලට සෙනඟ එනවා තමයි. යූඑන්පී රැස්වීම්වලට කොහොමත් සෙනඟ එනවා. දැන් ලබන සතියේ ඉඳලා මාත් රැස්වීම් තියන්න පටන් ගන්නවා. එතකොට මං ඔයිට වඩා සෙනඟ ගෙන්නලා පෙන්නන්නම්.
මූලිකම දේ වෙන්නේ පක්ෂයේ එකමුතුව රකින එක. එක එක්කෙනා පුම්බන්න යන්න එපා, පක්ෂය කල්ලිවලට කඩන්න එපා. ඒක අපේ ජයග්‍රහණයට බාධාවක්. මේවා බේරන්නම බැරි නම් තමයි මටම ඉදිරිපත් වෙන්න වෙන්නේ.
මම එනවා, ඕනෙ කෙනෙක් එක්ක තරග කරනවා. මම දිනනවා” යනුවෙන් අවධාරණය කළ බවයි වාර්තා වන්නේ.
Lnw
