තියුණු තරගයක් – රොයිටර් කියයි

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනා වන ගොටාභය රාජපක්ෂ මහතා සහ සජිත් ප්‍රේමදාස මහතා අතර තියුණු තරගයක් පවතින බව රෝයිටර් පුවත් සේවය වාර්තා කරයි . තරගය ආරම්භයේදී ගොටාභය රාජපක්ෂ මහතා ඉදිරියෙන් සිටියද අවසන් සති දෙකේදී සජිත් ප්‍රේමදාස මහතා ඉදිරියට පැමිණි බව එම වාර්තාවේ සදහන්ය . සුළුතර ජනයා රාජපක්ෂවරුන් නැවත බලයට පත්වීම නැවත්වීමට ඉදිරිපත්ව සිටින බවද…

ජනපති සටනේ ප්‍රධාන චරිත

සජිත් ප්‍රේමදාස මෙවර ජනාධිපතිවරණය සඳහා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ලෙස නිවාස හා ඉදිකිරීම්, සංස්කෘතික කටයුතු ඇමැති සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත්වී සිටියි. ඒ මහතා හිටපු දෙවැනි විධායක ජනාධිපතිවරයා වූ රණසිංහ ප්‍රේමදාස මහතාගේ පුත්‍රයා වේ. ඒ මහතා හම්බන්තොට දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් දේශපාලන කටයුතුවල නියැළී සිටියි. කොළඹ රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා උසස් අධ්‍යාපනය ලන්ඩන්…

අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්

හෙට (16) වන දින සාමකාමීව ඡන්දය ප්‍රකාශ කර මෙම ජනාධිපතිවරණය නිදහස්ව හා සාධාරණව පැවැත්වීමට අවශ්‍ය සහයෝගය ලබා දෙන්නැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කර සිටියි.   අගමැතිවරයා විශේෂ ප්‍රකාශයක් කරමින් මේ බව සදහන් කළේය.   අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ විශේෂ ප්‍රකාශය . . . .   19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ස්වාධීන කොමිෂන්…

ලසන්ත විජයරත්න සිද්ධිය සම්බන්ධ කඩිනම් පරික්ෂණයක් අවශ්‍යයි- නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

ගාල්ල හබරාදුවේ පදිංචි  ග්‍රන්ථ රචකයෙකු වන  ලසන්ත විජයරත්න  මහතාට ප්‍රහාරයක් එල්ල කිරීමේ සිදුවීම කෙරෙහි නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ දැඩි අවධානය යොමු වි තිබේ. වාර්තාවන අන්දමට 14 වන දින පාන්දර ගාල්ල හබරාදුවේ පිහිටි ලසන්ත විජයරත්න  මහතා ගේ නිවසට ඇතුල් වු ආයුධ සන්නද්ධ කණ්ඩායමක් මේ පහර දීම සිදු කර තිබේ. පහර කෑමට ලක්වු  ලසන්ත විජේරත්න මහතා කරාපිටිය රෝහලෙහි…

නිදහස් මාධ්‍යවේදියාට පහරදීම ගැන විශේෂ විමර්ශනයක්

මුහුණු ආවරණයකර ගත් සන්නද්ධ කණ්ඩායමක් හබරාදූව මීපේ ප්‍රදේශයේ නිවසට පෙරේදා (14) රාත්‍රියේ කඩාවැදී නිවෙස් හිමි නිදහස් මාධ්‍යවේදියකුට පහරදීම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භකර ඇතැයි හබරාදූව පොලීසිය පැවසීය. පහරකෑමට ලක්වූ නිදහස් මාධ්‍යවේදී ලසන්ත විජේරත්න මහතා කරාපිටිය රෝහලට ඇතුළත්කර තිබේ. ඔහුට කැපුම් තුවාල සිදුව ඇතැයි පොලීසිය කියයි. “ නාස්තිකාර සංවර්ධනය සහ දූෂණය“ නමින් මොහු රචිත ග්‍රන්තයක් පසුගිය දා…

මහ ඇමරිකන් කාරයා ඩොනල්ඩ් ට්‍රම්ප් ආවත් දැන් සජිත් පරද්දන්න බැහැ – ඇමති මංගල සමරවීර

නිකම් ඇමරිකන් පුරවැසියෙන් නෙමෙයි මහ ඇමරිකන්කාරයා ඩොනල්ඩ් ට්‍රම්ප් ආවත් දැන් සජිත් ප්‍රේමදාස මහතා පරද්දන බැරි යැයි මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කළේය. සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් මාතර දිස්ත්‍රික්කයේ අවසන් රැස්වීම ඊයේ (13) වැලිගම දී පැවැති අවස්ථාවේ දී සමරවීර මහතා මේ බව පැවසීය. බුද්ධි අංශවල වාර්තා අනුව සජිත් ප්‍රේමදාස මහතා මේ වන විට සියයට…

ගෝඨාභය මහනගරවලින් පසුබසයි !

ගෝඨාභය මහනගරවලින් පසුබසයි !

ගෝඨාභය රාජපක්ෂ මහතා සිය අවසන් මැතිවරණ ප්‍රචාරය රැස්වීම්  පැවැත්වීමට මහ නගර ඇතහැර ඈත ප්‍රදේශ  යොදාගැනීම කැපී පෙනෙන සිදුවීමක් වීය. ඒ මහතාගේ අවසන් ප්‍රධාන රැස්වීමක් කොළඹ නගරයේ පැවැත්වුයේ නැත. රැස්වීම් පැවැත්වුයේ කැස්බෑව ප්‍රදේශයේය. එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ කොළඹ දී තම අවසන් ප්‍රචාරක රැලිය පැවැත්වීය. නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ගාල්ල අවසන් ප්‍රචාරක රැලිය ගාල්ල නගර මධ්‍යයේ…

මාධ්‍යවේදියාට පහරදීම ඇමති වජිර හෙළා දකියි

මාධ්‍යවේදී ලසන්ත විජේතුංග මහතාට ඊයේ රාත්‍රියේ හබරාදුවේ දී අවි ආයුධ වලින් පහර දී තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධණ මහතා පුවත්පත් නිවේදනයක් නිකුත් කොට ඇත. එහි මෙසේ සඳහන් වෙයි. ඊයේ (13.11.2019) මාධ්‍යම රාත්‍රීයේ ගාල්ලේ දී මාධ්‍යවේදී ලසන්ත විජේතුංග මහතා හට පිරිසක් විසින් අවි ආයුධ වලින්…

රාජපක්ෂ වරුන්ට එ‍රෙහිව කටයුතු කළැයි මාධ්‍යවේදියකුට ප්‍රහාරයක්

නොවැම්බර් 13දා මධ්‍යම රාත්‍රියේ දී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආධාරකරුවන් පිරික් විසින් හබරාදුවේ දී මාධ්‍යවේදී ලසන්ත විජේතුංග මහතාට පහර දී තුවල සිදුකොට ඇත. “උඹ රාජපක්ෂාලාට විරුද්ධව වැඩ කරන්නේ ඇයි” කියමින් මෙම ප්‍රහාරය එල්ල කොට තිබේ. මාධ්‍යවේදී ලසන්ත විජේතුංග මහතා මේ වනවිට කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

මාධ්‍යවේදීන්ගේ වෘත්තීය අයිතීන් හා කර්තෘ මණ්ඩල ස්වාධීනත්වය සුරැකීම මාධ්‍ය හිමිකරුවන්ගේ වගකීමකි- නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

ට්‍රයිමාස් මීඩියා සමාගමට අයත් කැපිටල් එෆ් එම් ගුවන් විදුලි නාලිකාවේ දමිළ ප්‍රවෘත්ති සංස්කාරක කේ.එම්. රාසූල් මහතා ගේ සේවය විධිමත් අභ්‍යන්තර පරික්ෂණයකින් තොරව අත්හිටුවීම නිදහස් මාධ්‍ය  ව්‍යාපාරය විසින් තරයේ හෙළා දකියි. ආයතන ප්‍රධානියා විසින් ඔක්තෝබර් 16 වන දින කැඳවන ලද රැස්වීමකදී, ප්‍රවෘත්ති සංස්කරණය සම්බන්ධයෙන් මතභෙදයක් ඇති වු බවත්, එම අවස්ථාවේදි  තමාට පහර දි කාමරයෙන් පිටතට එලවා…

අරුණ සහ මව්බිම පුවත්පත්වල බොරු ප්‍රවෘත්ති ගැන සුමන්තිරන්ගෙන් පැමිණිල්ලක්

අරුණ පුවත්පත සහ මව්බිම, සිලෝන් ටුඩේ යන පුවත්පත් විකෘති පුවත් නිර්මාණය කරන බවට දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා විසින් මැතිවරණ කොමිසම වෙත සහ පොලිස්පතිවරයා වෙත පැමිණිලි ඉදිරිපත් කර තිබෙනවා. සුමන්තිරන් මහතා පවසන්නේ තමාගේ ප්‍රකාශයක් විකෘති කර අරුණ, මව්බිම සහ සිලෝන් ටුඩේ යන පුවත්පත් වැරදි පුවත් ප්‍රකාශයට පත්කර ඇති බවයි. නොවැම්බර් 12 වැනිදා…

මහින්ද රෝහලේ : අනුකම්පා ජන්ද ගන්න පොහොට්ටු මෙහෙයුම සූදානම් !

ජනාධිපතිවරණය සඳහා ලබාදී තිබූ ප්‍රචාරක කාලය අද (13) අවසන් වන අතර ඉන් අනතුරුව ගෝඨාභය රාජපක්ෂට අනුකම්පා ජන්ද ලබා ගැනීමේ උපායක් පොදුජන පෙරමුණ දියත්කර ඇති බව වාර්තා වෙයි. දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ බරපතළ රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කළ බව ප්‍රසිද්ධ කර ඔහුට සෙත්පතා දිවයින පුරා පන්සල් වල පිංකම් පැවැත්වීම ඒ වෙනුවෙන් දියත්කර…