මහ ඇමරිකන් කාරයා ඩොනල්ඩ් ට්‍රම්ප් ආවත් දැන් සජිත් පරද්දන්න බැහැ – ඇමති මංගල සමරවීර

නිකම් ඇමරිකන් පුරවැසියෙන් නෙමෙයි මහ ඇමරිකන්කාරයා ඩොනල්ඩ් ට්‍රම්ප් ආවත් දැන් සජිත් ප්‍රේමදාස මහතා පරද්දන බැරි යැයි මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කළේය. සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් මාතර දිස්ත්‍රික්කයේ අවසන් රැස්වීම ඊයේ (13) වැලිගම දී පැවැති අවස්ථාවේ දී සමරවීර මහතා මේ බව පැවසීය.
බුද්ධි අංශවල වාර්තා අනුව සජිත් ප්‍රේමදාස මහතා මේ වන විට සියයට පණස් දෙකයි දශම එකක (52.01%) ඡන්ද ප්‍රතිශතයක් ලබාගන්නා බව වාර්තා වී ඇති අතර ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වන විට සියයට හතලිස් දෙක (42%) දක්වා පහතට වැටී ඇති බව ද මංගල සමරවීර මහතා කීය. පසුගිය සතියේ සියට හතලිස් පහක (45%) සිටි ගෝඨාභය මේ සතිය වන විට සියයට හතලිස් දෙක (42%) දක්වා සියයට තුනකින් (3%)පස්සට ගොස් ඇති බවද ඒ මහතා පැවසීය.
