ජනපති සටනේ ප්‍රධාන චරිත

සජිත් ප්‍රේමදාස
මෙවර ජනාධිපතිවරණය සඳහා නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ලෙස නිවාස හා ඉදිකිරීම්, සංස්කෘතික කටයුතු ඇමැති සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත්වී සිටියි. ඒ මහතා හිටපු දෙවැනි විධායක ජනාධිපතිවරයා වූ රණසිංහ ප්‍රේමදාස මහතාගේ පුත්‍රයා වේ.
ඒ මහතා හම්බන්තොට දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් දේශපාලන කටයුතුවල නියැළී සිටියි. කොළඹ රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා උසස් අධ්‍යාපනය ලන්ඩන් ශාස්ත්රාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ හදාරා ඇත.
වසර 2000 සිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරයි. ඔහු ජලනි ජයවර්ධන මහත්මිය සමඟ විවාහ වී සිටියි.
****************
ගෝඨාභය රාජපක්ෂ
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වී සිටින්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාය. ඒ මහතා හිටපු පස්වැනි විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහෝදරයෙකි.
ඔහු 2005 සිට 2010 දක්වා පැවැති එජනිස රජයේ ආරක්ෂක අමත්‍යාංශයේ ලේකම් හා 2010 සිට 2015 දක්වා නාගරික සංවර්ධන අමත්‍යාංශයේ ලේකම් ලෙස කටයුතු කර ඇත. ඔහු කොළඹ ආනන්ද විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා උසස් අධ්‍යාපනය මෙරට හා විදේශයන්හි දී ලබා තිබේ.
හිටපු හමුදා නිලධාරියකු වූ ගෝඨාභය මහතා රණවික්‍රම හා රණසූර පදක්කම් ලබාගෙන ඇත. මෙරට පැවැති වසර තිහක යුද්ධය නිම කිරීම සඳහා ඒ මහතා ආරක්ෂක ලේකම් ලෙස සිය දායකත්වය ලබාදී ඇත.
****************
අනුර කුමාර
ජනතා විමුක්ති පෙරමුණේ ජනාධිති අපේක්ෂක ලෙස මෙවර එම පක්ෂයේ වත්මන් නායක අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත්වි තිබේ. ඔහු 2014 සිට එම තනතුරට පත්වී සිටියි. 2004 සන්ධාන රජයේ කෘෂිකර්ම, පශුසම්පත්, වාරිමාර්ග හා ඉඩම් ඇමැති ලෙසද කටයුතු කර තිබේ.
පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස කටයුතු කර ඇත. කැලණි විශ්වවිද්‍යාලයේ උපාධිධාරියකු වන දිසානායක මහතා වසර 2000 සිට පාර්ලිමේන්තුමේන්තුව නියෝජනය කරයි.
****************
මහේෂ් සේනානායක
හිටපු යුදහමුදාපතිවරයකු වූ ජෙනරාල් මහේෂ් සේනානායක මහතා මෙවර ජනාධිපතිවරණයට ජාතික ජනතා ව්‍යාපාරයෙන් ඉදිරිපත්වී සිටියි. මූලික අධ්‍යාපනය කොළඹ ආනන්ද මහා විද්‍යාලයෙන් ලබා ඇත.
පසුව අමෙරිකා එක්සත් ජනපදයේ හමුදාව අණ හා මාණ්ඩලික විද්‍යාලයෙන් සහ සිවිල් ඉංජිනේරු උපාධියක් ද, ජවහල් නේරු විශ්වවිද්‍යාලයෙන් උපාධික් ද ලබා ඇත.
වසර තිස් අටක් හමුදා සේවයේ කටයුතු කළ ඒ මහතා යුද්ධයේ අවසන් සටනේ දී සැලසුම් අධ්යක්ෂ ලෙස කටයුතු කළේය
දිනමිණ
